settings icon
share icon
ප්‍රශ්නය

සූදුව ගැන බයිබලය කියන්නේ කුමක්ද? සූදුව පාපයක්ද?

පිළිතුර


“අසමාන්‍ය ආකාරයට අවදානමක් සහිතව මුදල් වැඩි කර ගැනීමට දරණ ප්‍රයත්නයක් ලෙසට” සූදුව හැඳින්විය හැකිවේ. බයිබලය නිරූපිත වශයෙන් (නිත්‍ය වශයෙන්) සෘජුවම සූදුව, රේස් දැමීම සහ ලොතරුයිය හෙලා දැක නැත. එහෙත් බයිබලය අපට මුදල් පිළිබඳ ආශාවෙන් දුරු වෙන ලෙස අවවාද කර ඇත (1 තිමෝති 6 : 10; හෙබ්‍රෙව් 13 : 5). එමෙන්ම “ක්ෂණික පොහොසත් වීමට” උත්සාහ කිරීමේ ප්‍රයත්නයෙන් වැලකීමට ශුද්ධ ලියවිල්ල අපව උනන්දු කරනවා (හිතෝපදේශ 13 : 11; දේශනාකාරයා 5 : 10). සූදුව මුදලට තිබෙන තෘෂ්ණාව වෙත නිසැකයෙන්ම යොමුවී ඇති අතර, එමගින් මිනිසුන් තුළ ක්ෂණික පොහොසතුන් වීමට ප්‍රයත්න දැරීමක් කරා යාම සහතික කරනවා.

සූදුව සම්බන්ධයෙන් ඇති වරද කුමක්ද? සූදුව යනු අමාරු මාතෘකාවක් වන අතර, එය භාවිතා වන්නේ මධ්‍යස්ථව සහ අවස්ථානුකුලවය. එය මුදුල් නාස්තියක් වන අතර එය නපුරු දෙයක්ම නොවේ. මිනිසුන් නොයෙකුත් ක්‍රියාවන් සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කරති. සූදුව සඳහා මුදල් වියදම් කිරීමත් චිත්‍රපටියක් සඳහා මුදල් වියදම් කිරීමත් (බොහෝ අවස්ථාවලදී) අතර අඩු වැඩියක් නැත. එය අනවශ්‍ය අධික මිල ආහාර වේලක් අනුභව කිරීම හෝ වැදගැම්මකට නැති භාණ්ඩයක් මිලදී ගැනීම හා සමානය. එලෙසම අනිකුත් දේ සම්බන්ධයෙන් නාස්ති කෙරෙන මුදල් හෝ සූදුව යහපත් දෙයක් ලෙස හඳුන්වා දිය නොහැක. මුදල් නාස්ති කල යුතු නොවේ. අතිරික්ත මුදල් දෙවියන් වහන්සේගේ වැඩ උදෙසා හෝ අනාගතය උදෙසා ඉතුරු කර තැබිය හැකි වේ. එසේ නැතිව නාස්ති කර දැමීම නොකල යුතුය.

බයිබලයේ සඳහන් කර ඇති සූදුව: බයිබලය නිශ්චිත (සෘජුවම) සූදුව ගැන කථා නොකළත්, “වාසනාව” හෝ “අවස්ථාව” (ලැබීම) ගැන සඳහන් කරනවා. උදාහරණයක් වශයෙන් ලෙවී කථාවේ පූජා කිරීමට සුදුසු සහ අනුන්ගේ වරදට වරදකරු වෙන අය තෝරා ගැනීම සඳහා සීට්ටු (පසඇට) දැමීමේ ක්‍රමය ගත හැක. යොෂුවා භුමිය නොයෙකුත් ජාතීන් අතර බෙදා දීමේදී සීට්ටු දැම්මේය. නෙහෙමියා යෙරුසලම් පවුර ඇතුළත වාසය කළ යුතු අය සහ නොකල යුතු අය තෝරා ගැනීමට පස ඇට දැමුවේය. යූදස් වෙනුවට කෙනෙකු පත් කර ගැනීමේදී අපෝස්තුලුවරු පසඇට දැමූහ. හිතෝපදේශ 16 : 33 ප්‍රකාශ කරනවා, “පසඇටය ඔඩොක්කුවට දමනු ලැබේ; එහෙත් එය මෙහියීම මුළුමනින්ම ස්වාමීන් වහන්සේගෙන් පැමිණෙයි.” බයිබලයේ කොතැනකවත් “සූදුව” හෝ “ලැබීම” හෝ දෙවියන් වහන්සේගේ ඇදහිලිවතුන් විසින් අගය කළ යුතු වූ පිළිගත හැකි කළ යුතු වූ දෙයක් ලෙසට දක්වා නැත.

කැසිනෝ සහ ලොතරැයි: කැසිනෝ තුළින් සූදු අන්තුවන් මුදල් පිළිබඳව හැකි තාක් දුරට අවදානමකට යොමු කරනවා. මොවුන් මුදල් ගරා ගැනීමේ පරමාර්තයෙන් සූදු අන්තුවන් හට නොමිලේ මත්පැන් පිරි නමමින්, ඒ මගින් ඔවුන්ව අවසිහියට පත් කර, ඔවුන්ගේ මනස දුර්වල කිරීමෙන් අයහපත් තීරණ ගැනීමට පොළඹවනවා. කැසිනෝ ව්‍යාපාරයේ පරමාර්තය වනුයේ හැකිතාක් මුදල් කුට්ටි ගරා ගෙන ඒ වෙනුවට කිසිවක් ආපසු නොදීමය. එය නිෂ්ඵල ආස්වාදයක් වෙනුවෙන් කාලය කා දැමීමක් පමණි. ලොතරැයි ක්‍රමය තුළින් අධ්‍යාපනයට අත දීමක් හෝ සමාජ සේවයක් සිදු කරන බවට ප්‍රතිරූපයක් ගොඩ නැගීමට උත්සාහයක යෙදෙනවා. කෙසේ වූවත්, සමීක්‍ෂණ අනුව පෙන්නුම් කරනවා ලොතරැයි වලට සහභාගිවන්නන් බොහෝමයක් ඒ සඳහා මුදල් යෙදවීමට තරම් තත්වයක නොසිටින අය බව. අතරමං වී සිටින අය තුළ “ක්ෂණික පොහොසතුන් වීමේ” මානසිකත්වය පරික්‍ෂාවක් බවට පත්ව ඇත. ජය ගැනීමේ අවස්ථා ඉතා විරල නමුත්, එය බොහෝ මිනිසුන්ගේ ජීවිත විනාශ කිරීමට හේතු වනවා.

ලොතරැයි සම්පත් වලින් දෙවියන් වහන්සේව සතුටු කළ නොහැක්කේ මන්ද? බොහෝ මිනිසුන් ඔවුන් සූදුවට හෝ ලොතරුයිවල ක්‍රීඩා කරන්නේ දිනුම් මුදල සභාවට (දේවස්ථානයට) හෝ යහපත් වැඩකට යොදවනවා යයි කියමිනි. මෙය සුභවාදී දෙයක් ලෙස පෙනුනත්, ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේගේ වැඩ උදෙසා සූදු දිනුම් මුදල් යොදන්නෝ ඉතාම විරලය. සමීක්ෂණ වාර්තා අනුව පෙන්නුම් කරනවා බොහෝ ලොතරැයි ලාභීන්වූ අය අවුරුදු කීපයකට පසු ඔවුන් පෙර සිටියාටත් වඩා අඩු ආර්ථික මට්ටමකට පත්ව සිටින බව. සමහරවිට ඉතාමත් සුළු ප්‍රමාණයක් යහපත් කරුණක් උදෙසා මුදල් පරිත්‍යාග කරති. දෙවියන් වහන්සේට මේ ලොව උන් වහන්සේගේ ධර්මප්‍රචාරය ගෙනයාම සඳහා අපේ මුදල් අවශ්‍ය නොවේ. හිතෝපදේශ 13 : 11 ප්‍රකාශ කරනවා, “සැහැල්ලු ලෙස ලැබූ සම්පත් අඩුවී යන්නේය එහෙත් අතේ උත්සාහයෙන් රැස්කර ගන්නාට ඒවා වැඩි වන්නේය.” දෙවියන් වහන්ස් ශ්‍රෙෂ්ඨය, සභාවේ වැඩ උදෙසා උන් වහන්සේ අවංක මාර්ගයන් තුළින් සපයනු ඇත. මත්ද්‍රව්‍ය හා සම්බන්ධ පරිත්‍යාග මුදල් වලින් දෙවියන් වහන්සේ ගරුත්වයට පත් කල හැකිද?, එසේත් නැතිනම් බැංකු මංකොල්ලයකින් සොරාගත් මුදල් වලින්, වස්තුව රැස්කර ගැනීමේ පරීක්‍ෂාවෙන් පිරුණු දුප්පතුන් ගෙන් “සොරාගත්” මුදල් දෙවියන් වහන්සේට අවශ්‍ය නොවේ.

1 තිමෝති 6 : 10 අපට කියනවා, “මක්නිසාද වස්තු තෘෂ්ණාව සියලු ආකාර නපුරේ මුලක්ය. සමහරු ඊට ආලයවී ඇදහිල්ලෙන් මුළාව ගොස්, බොහෝ වේදනා වලින් තුමූම ඇනගත්තෝය.” හෙබ්‍රෙව් 13 : 5 ප්‍රකාශ කරනවා, “නුඹලාට ඇති දෙයින් සතුටුවී, වස්තු තෘෂ්ණාවෙන් තොරව සිටපල්ලා. මක්නිසාද මම කිසිසේත් නුඹෙන් අහක්ව නොයමි, කිසි අන්දමකින්වත් නුඹ අත් නොහරිමියි උන් වහන්සේම කියා තිබේ.” මතෙව් 6 : 24 ප්‍රකාශ කරනවා, “ස්වාමිවරු දෙදෙනෙකුට සේවය කරන්නට කිසිවෙකුට නුපුළුවන. මක්නිසාද ඔහු එක්කෙනෙකුට වෛරවී අනික් අයට ප්‍රිය වන්නේය නොහොත් එක්කෙනෙකුට ඇලුම්වී අනික් අය හෙළා දකින්නේය. දෙවියන් වහන්සේට සහ වස්තුවටත් සේවය කරන්ට නුඹලාට නුපුළුවන.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

සූදුව ගැන බයිබලය කියන්නේ කුමක්ද? සූදුව පාපයක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries