settings icon
share icon
ප්‍රශ්නය

පරතර න්‍යාය නම් කුමක්ද? උත්පත්ති 1:1 සහ 1:2 අතර යම් කිසිවක් සිදුවීද?

පිළිතුර


උත්පත්ති 1:1-2 වන පද සඳහන් කරන්නේ “පටන් ගැන්මෙහිදී දෙවියන් වහන්සේ අහසත් (ස්වර්ගත්) පොළොවත් මැවූ සේක. පොළොව වනාහි පාළුව හිස්ව තිබුණාය, ගැඹුර පිට අන්ධකාරය විය. දෙවියන් වහන්සේගේ ආත්මය ජල මත්තෙහි හැසිරෙමින් සිටි සේක.” පරතර න්‍යාය වූ කලී දෙවියන් වහන්සේ සම්පූර්ණවූ කෘත්‍යත්මක පෘථිවියක් සියළු සතුන්ද, ඩයිනසෝර් නම් වූ ආදි යෝධ උරග වර්ගයක් ඇතුළු අපට පාෂාණීය ධාතු වාර්තා කරණකොටගෙන දැව ගත හැකි තවත් සත්වයන් මැවූ බවට ඇති මතයයි. එම න්‍යායෙන් තව දුරටත් ප්‍රකාශ වන්නේ පෘථිවිය සම්පූර්ණයෙන්ම විනාශ කිරීම සඳහා යම් දෙයක් සිදුවූ බවය. සමහරුන් අනුමාන කරන්නේ සාතන් පොළොවට වැටීම හේතුකොටගෙන එය කිසිඳු ස්වරූපයක් නොමැති රික්තකයක් බවට පත්වූ බවය. එතැන් සිට දෙවියන් වහන්සේ නැවත ආරම්භ කොට උත්පත්ති පොතේ විස්තරය කෙරෙන ආකාරයට පාරාදීසයක ස්වරූපයෙන් පෘථිවිය ප්‍රති නිර්මාණය කළ බවය.

ඉතා කෙටි ප්‍රතිචාරයකින් ප්‍රමාණවත් ලෙස විස්තර කිරීම සඳහා මෙම න්‍යාය හා සම්බන්ධව බොහෝ ගැටළු මතු වී තිබුණත් අඩුම තරමෙන් එම පද 2 අතර කිසියම් වැදගත් සිද්ධාන්තයක්ද සිදුවී තිබුණි නම් දෙවියන් වහන්සේ එසේ ප්‍රකාශ කර සිටිනු නොඅනුමානය. දෙවියන් වහන්සේ විසින් අපට මෙවන් වැදගත් සිදුවීම් අවිඥාණයෙන් විමර්ශනය කිරීමට කිසිසේත් ඉතිරි කර නොතැබූ සේක. දෙවනුව, උත්පත්ති 1:31 සඳහන් පරිදි දෙවියන් වහන්සේට උන් වහන්සේගේ මැවිල්ල “ඉතා යහපත්” බව ප්‍රකාශ කළ සේක. “පරතරයට” අනුව සාතන්ගේ වැටීම කරණකොටගෙන අයහපත් මේ ලෝකයට ඇතුලත්වී තිබුණි නම්, නිසැකවම එතුමාණන් එසේ නොකියන්නට තිබූණ සේක. එසේම පාෂාණීය ධාතු වාර්තා තුළින් “පරතරයේ” වසර මිලියන ගණනක් පැහැදිලි කරනු ලබයි නම් ඉන් අදහස් වන්නේ මරණය, රෝගය සහ දුක්විඳීම ආදම්ගේ වැටීමට කාල පරිච්ඡේදයකට ප්‍රථම පොදුවේ පැවතුන බවයි. එසේ නමුත් දේව වචනයේ ප්‍රකාශ කරනු ලබන්නේ ජීවිතයට මරණය, රෝගය සහ දුක් විඳීම හඳුන්වා දෙනු ලැබුවේ පාපය තුළින් බවයි. “එහෙයින් එක් මනුෂ්‍යයෙකු කරණකොට ගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුනාක් මෙන්” (රෝම 15:12).

පරතර න්‍යාය කෙරෙහි රඳා පවත්නාවූ අය එසේ කරනු ලබන්නේ පැරණි ලෝක න්‍යාය මත රඳා පවත්නාවූ නූතන විද්‍යාඥයන්ගේ න්‍යායන් හා සමග සසඳනු වස්ය. එම විශ්වාසය නම් බයිබලයේ සඳහන් මිනිසාගේ පෙළපත් එකතු කිරීමෙන් කරන ගණන් තැබීමට වඩා වසර බිලියන ගණනක් පෘථිවිය පැරණි බවයි. දැනුම් තේරුම් ඇත්තාවූ ඉවැන්ජලිස්තවරු පවා පැරණි ලෝක න්‍යාය පිළිගනු ලබන්නේ උත්පත්ති 1 රූපකයක් වශයෙන් පරිහරණය කරනු ලබන අතර ශුද්ධ ලියවිල්ලේ ඉතිරි කොටසට පදගතාර්ථ අර්ථ කථනයක් දීමට උත්සහ දැරීමෙනි. මෙහි ඇති අන්තරාය නම් රූපකයක් ලෙස පරිහරණය කිරීම නතර කරනු ලබන සහ පදගතාර්ථ අර්ථ කථනයක් දූමට ආරම්භ කිරීමේ අවස්ථාව නිර්ණය කිරීමය. ආදම් පදදගතාර්ථ පුද්ගලයෙක්ද? අප දැන ගන්නේ කෙසේද? ඔහු එසේ නොවුනි නම් සත්‍ය වශයෙන්ම ඔහු විසින් පාපය මෙලොවට ගෙන එනු ලැබුවේද නොඑසේ නම් අපට එයත් රූපකයක් ලෙස පරිහරණය කළ හැකිද? අප සියල්ලන්ටම ආවේණිකවූ පාපය මොලොවට හඳුන්වාදීමට පදගතාර්ථ ආදම් කෙනෙකු සිටියේ නම් යේසුස් වහන්සේට කුරුසියේ දිවි පිදීමට කිසිඳු හේතුවක් නොමැත. පදගතාර්ථ නොවන මූල පාපය මූලිකවම ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණිම ප්‍රතිශෝධනය කරන්නේ 1 කොරින්ති 5:22 හි පැහැදිලි කරන ආකාරයට “මක්නිසාද, ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්ම, ක්‍රිස්තුස් වහන්සේ තුළ සියල්ලෝම ජීවත් කරනු ලබන්නෝය.” එම අවස්ථාවේදී කිතුනු ධර්මය වංචාවක් බවට පත් වන අතර බයිබලය හුදෙක් කථාන්තර සහ උපමා කථා පොතක් වනු ඇත. මෙවන් තර්කනයන් අපව රැගෙන යන්නේ කොහේද යන්න අපට නොපෙනෙනවා නොවේද?

මැවීම බොහෝ කල්පාන්තයකට කලින් සිදුවූ හෝ එම කල්පාන්තයන් උත්පත්ති 1:1 සහ 1:2 කාල අන්තරයේ සිදුවූ ඇත යන සංකල්පනය තුළින් උත්පත්ති 1 සැසඳීමට නොහැක. උත්පත්ති 1:1 සහ 1:2 අතර කුමක් සිදුවීද? නිසැක වශයෙන්ම කිසිවක් නැත. උත්පත්ති 1:1 දෙවියන් වහන්සේ ස්වර්ගයත් පොළොවත් මැවූ බව ප්‍රකාශ කරනු ලැබීය. උත්පත්ති 1:2 අපට සැල කරනු ලබන්නේ එතුමන් ප්‍රථමයෙන්ම පෙළොව නිර්මාණය කළ විට එය අරූපිව, හිස්ව සහ අඳුරුව පැවතුන බවය. එය සම්පූර්ණ කර තිබුණ හෝ සත්වයන් වාසය කළ ස්ථානයක්ද නොවීය. උත්පත්ති 1 හි ඉතිරි කොටසින් ප්‍රකාශ කරනු ලබන්නේ දෙවියන් වහන්සේ එම අරූපි, හිස් සහ අඳුරුව පැවතුන පොළොව ජීවය අලංකාරය සහ යහපත්කම යනාදියෙන් පුරවා එය සම්පූර්ණ කළ ආකාරයයි. දේව වචනය සත්‍යය, පදගතාර්ථය, පරිපූර්ණය (ගීතාවලිය 19:7-9). විද්‍යාව කිසිවිටක දේව වචනය විසාධනය කර නැත, එලෙසම කිසිවිටක එසේ කරන්නේද නැත. දේව වචනය උත්තරිතරවම සත්‍යය වන හෙයින් විද්‍යාත්මක න්‍යාය ඇගයුම් කරන්නාවූ සම්මතය එය වන අතර එය වෙනත් ආකාරයකින් නොවිය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පරතර න්‍යාය නම් කුමක්ද? උත්පත්ති 1:1 සහ 1:2 අතර යම් කිසිවක් සිදුවීද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries