settings icon
share icon
ප්‍රශ්නය

යහපත් දෙමව්පියන් වීම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

පිළිතුර


දෙමාපියත්වය අපහසු අභියෝගාත්මක කාර්ය්‍යයකි, නමුත් එම අවස්ථාවේදීම, අපි විසින් කරන ලද ක්‍රියාවලින් අපට උසස් විපාක හා සම්පූර්ණත්වයට පැමිණෙන ක්‍රියාවකි. බයිබලය අපට මනා ලෙස පැහැදිලි කරනවා අපි අපගේ දරුවන්ව දෙවියන් වහන්සේගේ පුරුෂයන් / ස්ත්‍රීන් වන ලෙස උසස් ලෙසට ගොඩ නගා ගැනීම පිළිබඳව. අපි කළ යුතු පළමු දෙය නම් දේව වචනයේ සත්‍යතාවය ඔවුනට ඉගැන්වීමයි.

ප්‍රේමණීය දෙවියන් වහන්සේ සමග හා දේවභක්තික උදාහරණයක් අප‍ෙග් ජීවිත උන් වහන්සේගේ ආඥාවලට යටත් කිරීමෙන්. ද්විතීය කථාව 6:7-9 ඇති ආඥා අපි පිළිපදින්ටත් ඒවා අපගේ දරුවන්ට උගන්වන්ටත් අවශ්‍යයයි. මෙම කොටසේ සඳහන් කරන්නේ දිගටම පවතින්නාවූ ස්වභාවයේ උපදෙස්වල. ඒවා ගෙදරදී සෑමවිටම කළ යුතුය, පාරේදී, රාත්‍රියේදී, හා උදයේ බයිබලානුකුල සත්‍යතාව අපගේ නිවසේ අත්තිවාරම විය යුතුය. මේ ආඥාවල මූලධර්ම අනුගමනය කිරීම මගින් අපි අපගේ දරුවන්ට ඉගැන්විය යුතුය. දෙවියන් වහන්සේව නමස්කාර කිරීම අඛන්ඩව කළ යුතු අතර එය ඉරිදා උදෑසනටත් රාත්‍රි යාච්ඤා වේලාවටත් පමණක් සීමා නොකරන්න.

අපගේ දරුවන් සෘජු ඉගැන්වීම කරණකොටගෙන බොහෝ දේවල් ඉගෙන ගත්තත්, ඔවුන් අප දෙස බලමින් බොහෝ දේ ඉගෙන ගනී. මේ හේතුව නිසා තමයි අපි කරන සියලු දේ තුළ පරිස්සම් විය යුතුය. අපි පළමුව තේරුම් ගත යුතුයි දෙවියන් වහන්සේ අපට දී ඇති කටයුත්ත ස්වාමිවරු හා භාර්‍යාවන් අන්නෝන්‍ය ගරු කිරීම් හා යටහත්ව එකිනෙකාට (එපීස 5:21). එම අවස්ථාවේදීම, දෙවියන් වහන්සේ ආධිපත්‍ය ඇති කර ඇත. “නුමුත් එක එක පුරුෂයාගේ හිස ක්‍රිස්තුස් වහන්සේ බවද, ස්ත්‍රියගේ හිස පුරුෂයා බවද, ක්‍රිස්තුස් වහන්සේගේ හිස දෙවියන් වහන්සේ බවද නුඹලා දැන ගන්නවාට කැමැත්තෙමි” (1 කොරින්ති 11:3). අපි දන්නවා ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේට වඩා අගේ අඩු නොවන බව. හරියට බිරිඳ ස්වාමියාට වඩා අගේ අඩු නොවනසේ. දෙවියන් වහන්සේ හඳුනා ගන්නවා, කෙසේ වෙත්, ආධිපත්‍යයට කීකරුවීම, කිසිම නියෝගයක් නැත. නිවසේ හිස වශයෙන් ස්වාමියාගේ වගකීම නම් ඔහුගේ භාර්ය්‍යවට ප්‍රේම කළ යුතුය ඔහුගේ ශරීරයට මෙන්. ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කළ කැපකිරීමේ ප්‍රේමය ලෙස (එපීස 5:25-29).

මේ ප්‍රේමණීය නායකත්වයට ප්‍රතිචාරය දක්වමින්, බිරිඳට තම ස්වාමියාගේ ආධිපත්‍යයට කීකරුවීම අපහසු නො‍ෙව් (එපීස 5:24; කොලොස්සි 3:18). ඇයගේ ප්‍රධාන වගකීම ඇයගේ ස්වාමියාට ගරුකිරීම හා ප්‍රේම කිරීම වේ. ඥානවන්තව හා පිරිසිදුව ජීවත්වීම හා නිවස රැකබලාගැනීම (තීතස් 2:4-5). කාන්තාවන් පිරිමින්ට වඩා ස්වභාවිකව රැකබලාගැනීමට යොමුවේ. මන්ද ඇයව මවා ඇත්තේ ඇයගේ දරුවන් රැකබලාගැනීමේ හැකියාව ඇතිවයි.

දෙමවිපියන් වීමේ තනතුර පූර්ණ විනය හැසිරවීම හා මග පෙන්වයි. හිතෝපදේශ 13:24 පවසනවා, “ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛර වන්නේය. එහෙත් ඔහුට ප්‍රේම වන්නා කල් තබා ඔහුට දඬුවම් කරන්නේය.” විනය හැසිරවීමක් නැති නිවසක ජීවත්වන දරුවන්ට අනවශ්‍ය හා වටිනාකමක් නැති බව හැඟේ. ඔවුනට මග පෙන්වීම හා හික්මවීම මදිකමක් ඇත. ඊටපසු ඔවුන් වැඩිවියට පත්වුන විට ඔවුන් කැරලි ගසනවා, කිසිම ආධිපත්‍යකට කුඩා හෝ ගරු කිරීමක් නැති වේ, දෙවියන් වහන්සේටත්. “බලාපොරොත්තුවක් ඇති බැවින් නුඹේ පුත්‍රයාට දඬුවම් කරපන්න, නමුත් ඔහු නැති කරන්ට කල්පනා නොකරන්න (හිතෝපදේශ 19:18). එම අවස්ථාවේදීම, විනය හැසිරවීම ප්‍රේමය සමග සමබර විය යුතුය. නැති නම් දරුවන් අමනාපය, අධෛරය (කලකිරීම), හා කැරලිකාරකම සමග වැ‍ෙ‍ඩ් (කොලොස්සි 3:21). දෙවියන් වහන්සේ පැවසුවා විනය හැසිරවීම වේදනා සහගතයි එය සිදුවනවිට (හෙබ්‍රෙව් 12:11), නුමුත් ප්‍රේමණීය මග පෙන්වීම සමග සිදුවෙනවා නම් එයින් දරුවන්ට විශේෂ ප්‍රතිඵල ලැබේ. “පියවරුනි නුඹලාගේ දරුවන්ට කෝප නුපදවා ස්මින් වහන්සේගේ හික්මවීමෙන්ද, අවවාදයෙන්ද, ඔවුන් ඇති කරපල්ලා (එපීස 6:4).

දරුවන් සභා පවුල හා සේවය සමග සම්බන්ධ කිරීම ඉතා වැදගත්. ඔවුන් තරුණ අවධියේදී බයිබලය විශ්වාස කරන සභාවකට නිතර යාමෙන් (හෙබ්‍රෙව් 10:25), ඔවුනට හැකියාව ලැබෙනවා ඔබ දේව වචනය ඉ‍ෙගන ගන්නවා දැකීමට. ඒ වගේම එය ඔවුන් සමගත් ඉගෙන ගන්න. ඔවුන් අවට තිබෙන ලෝකය පිළිබඳව ඔවුන් සමග කථා කරන්න, එවිට ඔවුන් එය දකීවි. එදිනෙදා ජීවිතය කරණකොට දෙවියන් වහන්සේගේ මහිමය ඔවුනට උගන් වන්න. “දරුවකු සුදුසු මාර්ගයෙහි පුහුණුකර පන්න, එවිට ඔහු වයස් ගතවූ කළත් එයින් අහක්ව නොයන්නේය” (හිතෝපදේශ 22:6). යහපත් දෙමව්පියන් වීම නම් ඔබගේ උදාහරණය අනුගමනය කර කීකරුකමක් ලෙස දෙවියන් වහන්සේට නමස්කාර කරන්නාවූ දරුවන් ඇති දැඩි කිරීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යහපත් දෙමව්පියන් වීම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries