settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය ඕපාදූප ගැන පවසන්නේ කුමක්ද?

පිළිතුර


පැරණි ගිවිසුමෙහි සඳහන් “ඕපාදූප යන වචනයෙහි හෙබ්‍රව් තේරුම නම් රහස් හෙළි කරන්නා නොහොත් කටකතා පතුරන්නා යනුයි. මිනිසුන් පිළිබඳ විශේෂ තොරතුරු, ඒවා පිළිබඳ අදහසක් නැති මිනිසුන්ට හා උවමනාවක් නැති මිනිසුන්ට ගොස් පැවසීම කටකතා පතුරුවන්නෙකුගේ රාඡකාරියයි. ඕපාදූප,තොරතුරු බෙදාගැනීමට වඩා වෙනස්ය. කටකතා පතුරුවන්නන්ගේ ඉලක්කය නම් අන් අයව නරක ආකාරයෙන් හෑල්ලුවට ලක්කර තමා යම් දැනුමක් අන් අයට වඩා දන්නවායැයි කීම හා සිතීමයි.

රෝම පොතේ සඳහන් ආකාරයට පාවුල් අණාවරනය කරන්නේ මිනිසාගේ පාපකාරී ස්වබාවය හා පහත්බව පෙන්වමින් දෙවියන් වහන්සේ, උන් වහන්සේගේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන්නන්ට උදහස ක්‍රියාත්මක කරන ආකාරය පෙන්වාදෙයි. රෝම 1:29-32 පවසන්නේ “මක්නිසාද ඔවුන් දෙවියන් වහන්සේගේ රැකවරණය හා උපදෙස් පිළිනොගෙන, දෙවියන් වහන්සේ, ඔවුන්ගේ පාප ක්‍රියාවන්ට සමාව දුන්නේය. එම පාප ක්‍රියාවන් නම් ඕපාදුප හා පාරට්ටුකරගන්නෝව යන අයයි. මෙම පරිච්ඡෙදයෙන් පාපකාරී ඕපාදුපය, කෙතරම් පාපයක්ද හා එය දෙවියන් වහන්සේගේ කෝපයට කෙතරම් බලපානවදැයි සිතා ගත හැක. තවත් ඕපාදුපයෙහි නිදහසෙහි නිරත වන කණ්ඩායමක් නම් (අදටත් පවතින) වැන්ඳඹුවන්ය. පාවුල් වැන්ඳඹුවන්ට තරයේ අවවාද කළේ කාලය වනසා දමන ඕපාදුපයෙන් මිදෙන ලෙසය. මෙම වැන්ඳඹුවන් හඳුන්වන්නේ “ඔවුන් නොකළ යුතු දෙයන් ගැන ඕපාදුප හා බොහෝසේ නලංඟු වන්නන් යනුයි. (1 තිමෝති 5:12 -13) මක්නිසාද ගැහැණුන් බොහෝ සේ අන් ගැහැණුන්ගේ නිවෙස්වල ගොස් ඔවුන් සමඟ සතුටු සාමච්චියේ යෙදෙයි. ඔවුන් සැමවිටම අධ්‍යනය කරන්නේ නැවත නැවතත් සිදුවන දේ වරදවා ප්‍රකාශ කිරීමය. පාවුල් පවසන්නේ කාන්තාවන් පුරුදු වී සිටන අතර ගෙයින් ගෙට යමින් කාලය කා දමන ක්‍රියාවම නිරත වීමයි. කාලය කා දැමීම යක්ශයාගේ කම්හල හා සමානවන අතර දෙවියන් වහන්සේ තරයේ අවවාද කරන්නේ එම ක්‍රියාවන් අපගේ ඡීවිතයට නොගන්නා ලෙසයි. කේළම් කියන්නා රහස් හෙළිදරව් කරන්නේය. එබැවින් බොහෝ සෙයින් කට අරින්නා සමඟ සමාගම් නොපවත් වන්න (හිතෝපදේශ 20:19).

කාන්තාවන් පමණක් ඕපාදුපයෙහි වැරදි කාරයන් නොවේ. ඕනෑම කෙනෙකුට තමන් ඇසූ දෙයක් තරයේ ප්‍රකාශ කරමින් ඕපාදුප කීම කළ හැකිය. ඕපාදුප කීමේ බයානක කම හා එයින් ඇති විය හැකි හිත් රිදවීම්, හිතෝපදේශ පොතේ මනාව පැහැදිලි කර ඇත. හිතෝපදේශ 11:12-13 සඳහන් වන්නේ, තමාගේ අසල්වැසියා හෙළා දකින්නා නුවණ නැත්තෙකි, එහෙත් ඥානය ඇති මිනිසා නිශ්ෂබ්දව සිටියි. කේළම් කියමින් ඇවිදින්නා රහස් හෙළදරව් කරයි. එහෙත් විශ්වාස සිතක් ඇත්තා කාරණය සඟවයි. බයිබලය පවසන්නේ ප්‍රයෝගමාර මිනිසා තරඟ පතුරුවන්නෙක්ද, කේලම් කියන්නා හිත මිත්‍රයන් වෙන් කරන්නේද යන්නයි. (හිතෝපදේශ 16:28) බොහෝ හිත මිතුරුකම් අද පළුදු වී තිබෙන්නේ ඕපාදුපයෙන් පටන්ගන්නා වරදවා තේරුම් ගැනීමෙනි. මේ ආකාරයට හැසිරෙන්නන් කරදරයත්, කෝපයත්, තික්තකමත් යහළුවන් සමඟ ඇති කර ගනියි. බොහෝ මිනිසුන් බලා සිටින්නේ අන්අය විනාශ කිරීමට අවස්ථාව පැමිණෙන තෙක්ය. මිනිසුන් මේ දේවලට මුහුණ දෙන විට ඔවුන් ඔවුන්ගේ වැරැද්ද ප්‍රතික්ශේප කරන අතර නිදහසට කරුණු හා තර්ක ද ඉදිරිපත් කරයි. වැරැද්ද ගාර ගැනීම වෙනුවට, තවත් කෙනෙකුට බැන වැද, එහි බරපතලකම හෑල්ලුවට ලක් කිරීමට සැම විට උත්සහ කරයි. හිතෝපදේශ 18: 7-8 පවසන ආකාරයට, අඥානයාගේ මුඛය ඔහුට විනාශයක්ද, ඔහුගේ තොල් ඔහුගේ ප්‍රාණයට මළ පතක්ය. කේලම් කියන්නෙකුගේ වචන රසවත් බොඳුන් මෙනි. ඒවා බඩ තුළටම බැස යයි.

මාගේ මුඛයත් දිවත් රැකවල් කරගන්නා, තමාගේ ප්‍රාණය විපත්ති වලින් රැකගන්නේය. (හිතෝපදේශ 21:23) එබැවින් අප සැමවිට අපගේ තොල් රැකගත යුතු අතර, පාපකාරී ඕපාදුපයෙන් වැළකී සිටිය යුතුය. අපි අපගේ ස්වභාවික කැමැත්තන් දෙවියන් වහන්සේට යටත් කරන කල්හි. උන් වහන්සේ අපට ධර්මිෂ්ඨ වීමට කරුණාව ලබා දෙයි. අපි සැමවිට බයිබලයෙහි සඳහන් ඉගැන්වීම් අපගේ සිතෙහි තබා ගෙන කථා කළ යුතු තැන්වලදී පමණක් කථා කිරීමට වගබලා ගත යුතුය

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය ඕපාදූප ගැන පවසන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries