settings icon
share icon
ප්‍රශ්නය

සුදු සිංහාසන විනිශ්චය නම් කුමක්ද?

පිළිතුර


සුදු සිංහාසන විනිශ්චය පිළිබඳව එළිදරව් 20:11-15 හී විස්තර කර ඇත. එමෙන්ම විනිශ්චයේ අවසානයේදී වැරදි කරුවන් ගිනි විලට හෙලනු ලැබේ. අපි එළිදරව් 20:7-15 හී දකිනවා මේ විනිශ්චය සහස්‍රයට හා සාතන්ට පසුව සිදුවන බවට, මුර්ගයාව, බොරු අනාගත වක්තෘන් ගිනි විලට හෙලනු ලැබේ (එළිදරව් 20:7-10). විවෘත පොත් (එළිදරව් 20:12) සියළු දෙනාගේ ඔප්පු පිළිබඳව කථා කරයි. ඒවා යහපත් හෝ අයහපත් වූවත් පවසා ඇති සියළු දේ දෙවියන් වහන්සේ දන්නා සේක, සිදුවී ඇති දේවල්, එමෙන්ම සිතුවිලිද, උන් වහන්සේ සියලු දෙනාට යුතු ලෙස විපාක හෝ දඬුවම් දෙනු ලැබේ (ගීතාවලිය 28:4; 62:12; රෝම 2:6; එළිදරව් 2:23; 18:6; 22:12).

ඒවගේම මේ වේලාවේදීම තවත් පොතක් දිග හරිනු ලබයි, එය “ජීවනයේ පොත” (එළිදරව් 20:12). මෙම පොතෙහි තමයි මිනිසා සදාකාල ජීවනය උරුමකර ගැනීම හෝ සදාකාලික දඬුවම ගිනි විලෙහි විඳවනවද යන්න තීරනය කරන්නේ. කිතුනුවන් ඔවුන්ගේ ක්‍රියාවල් වලට ගණන් දිය යුතුව තිබුනත් ඔවුන්ට ක්‍රිස්තුස් වහනාසේ තුළ පව් සමාව ලබා ඇති අතර ඔවුන්ගේ නම් “ජීවන පොතෙහි” ලියා ඇත ලෝකය මැවිල්ලේ සිට (එළිදරව් 17:8). එමෙන්ම අපි දන්නා ලෙසට ලියවිල්ලෙහි සඳහන් කරනවා “මැරුණාවූ අයවද ඔවුන්ගේ ක්‍රියාවන් හැටියට” විනිශ්චය කරනු ලැබේ (එළිදරව් 20:12) එමෙන්ම “ඕනෑම කෙනෙකුගේ නාමය” ජීවන පොතෙහි ලියා නැති නම් එම කෙනා “ගිනි විලට හෙලනු ලැබේ” (එළිදරව් 20:15).

අවසානයේදී සියළු මනුෂ්‍යන්ට අවසාන විනිශ්චයකට මුහුණ දීමට ඇත, ඇදහිලිවන්තයන් හා නොහැදහිලිවන්තයන් ලියවිල්ලේ බොහෝ ස්ථානවල සනාථ කර ඇත. සෑම පුද්ගලයෙකුම ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියෙහි සිට ඔහුගේ / ඇයගේ ක්‍රියාවට විනිශ්චය කරනු ලබයි. එමෙන්ම සුදු සිංහාසන විනිශ්චය අවසාන විනිශ්චය බවට ඉතා පැහැදිලිය. බයිබලයේ සඳහන් අනෙක් විනිශ්චයන් හා සමග මේ විනිශ්චය සම්බන්ධ වන අයුරු ගැන බොහෝ කිතුනුවන් එකඟ නොවේ. විශේෂයෙන්ම, කව්ද සුදු සිංහාසන විනිශ්චය කරනු ලබන්නේ කාවද?

සමහර කිතුනුවන් විශ්වාස කරනා දෙය නම් ලියවිල්ලෙහි වෙනස් විනිශ්චයන් තුනක් පැමිණීමට ඇති බවට බයිබලයේ පිළිබ්ඹු කරන බව. පළමු විනිශ්චය නම් බැටළුවන් හා එළුවන් විනිශ්චය නොහොත් ජාතීන් විනිශ්චය (මතෙව් 25:31-36). මෙය සිදු වන්නේ පීඩා කාලයට පසුවයි නමුත් සහස්‍රයට පෙරය. එයින් උත්සහ දරන්නේ සහස්‍රයේ රාජ්‍යයට ඇතුල් වන්නේ කව්ද? යන්න තීරනය කිරීමටය. දෙවෙනි දෙය ඇදහිලිවන්තයන්ගේ ක්‍රියා විනිශ්චය එය බොහෝ විට “ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චාසනය”(බීමා) ලෙසට හඳුන්වයි (2 කොරින්ති 5:10). මේ විනිශ්චයේදී, කිතුනුවන් ඔවුන් දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ දේවලට උසස්වීම් / ත්‍යාග ඔටුනු ලබයි. තෙවනුව සහස්‍රයේ අවසානයේදී සිදුවන සුදු සිංහාසන විනිශ්චය (එළිදරව් 20:11-15). මෙය නොඇදහිලිවතුන්ව විනිශ්චය කිරීමකි. ඔවුන්ගේ ක්‍රියා පටිපාටිය හේතුවෙන් අවසානයේදී ඔවුන්ව සදාකාල ගිනි විලට හෙලනු ලබයි.

සමහර කිතුනුවන් පවසන අන්දමට මේ විනිශ්චය තුනම අවසාන විනිශ්චය ගැන කථා කරන බවට. මේවා වෙන වෙනම කෙරෙන විනිශ්චයන් නොවන බවට. වෙනත් වචන වලින්, සුදු සිංහාසන විනිශ්චය එළිදරව් 20:11-15 ඇදහිලි වතුන් හා නොඇදහිලිවතුන් එකසේ විනිශ්චය කරන්නේ ජීවන පොතෙහි නම සඳහන් අයව විනිශ්චය කරනු ලබන්නේ ඔවුන්ට හිමි / අහිමි විපාක පිළිබඳවයි. ජීවන පොතෙහි නම නැති අයව විනිශ්චය කරන්නේ ඔවුනට ගිනි විලෙහි ඇති ස්ථානය පිළිබඳව තීරණය කිරීමටයි. එම මතය දරණ අය විශ්වාස කරනවා මතෙව් 25:31-46 එය සුදු සිංහාසනය ඉදිරියේ සිදුවන්ට යන දේ ලෙසට. මේ විනිශ්චයෙන් පසු සිදුවන දේමය සුදු සිංහාසන විනිශ්චයෙන් පසුව සිදුවන්නේ යන්නයි එළිදරව් 20:11-15. බැටළුවන් (ඇදහිලිවන්තයන්) සදාකාල ජීවනයට ඇතුල් වේ. එළුවන් (නොඇදහිලිවන්තයන්) “සදාකාල දඬුවමට” පත් කරයි (මතෙව් 25:46).

English



නැවතත් සිංහල මුල් පිටුවට

සුදු සිංහාසන විනිශ්චය නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries