settings icon
share icon
ප්‍රශ්නය

රිදවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? / ශුද්ධාත්මයාණන් නිවාදැමීම යන්නෙහි අදහස කුමක්ද?

පිළිතුර


“නිවාදැමීම” යන වචනය බයිබලයේ සඳහන් කරන විට, ඉන් කථා කරන්නේ ගින්නක් නිවාදැමීම පිළිබඳවයි. ඇදහිලිවන්තයන් ඇදහිල්ලේ පළිහ පැළඳ ගන්නා විට, දෙවියන් වහන්සේගේ යුද්ධායුධ කට්ටලයේ කොටසක් ලෙසට (එපීස 6:16), ඔවුන් යක්‍ෂයාගේ දැවෙන ප්‍රහාර ඉන් නැති කර දමයි. ක්‍රිස්තුස් වහන්සේ නිරය ගැන විස්තර කරන්නේ එම ස්ථානය තුළ ඇති ගින්න නිවා දැමිය නොහැක්කක් ලෙසටය (මාර්ක් 9:44, 46, 48). එසේම, ශුද්ධාත්මයාණෝ ගින්නකි සෑම ඇදහිලිවන්තයකු මත වැජඹෙන. උන් වහන්සේව අපගේ ක්‍රියා කලා පවලින් පිළිබ්ඹු වෙනවාට උන් වහන්සේ කැමැත්තෙන් සිටියි. ඇදහිලිවන්තයන් තම ක්‍රියාවලියන් තුළ ශුද්ධාත්මණන්ගේ ක්‍රියාවලියට ඉඩ නොදෙන විට, අපි ශුද්ධාත්මයාණන්ව නිවාදමනවා හෝ සුලු කරනවා. උන් වහන්සේට අවශ්‍ය ලෙස පිළිබ්ඹු වීමට අපි ඉඩ නොදෙයි.

ශුද්ධාත්මයාණන්ව රිදවීම යන්න තේරුම් ගැනීමට, අපි තේරුම් ගත යුතුය මෙහි ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාවලිය තුළ පෞද්ගලිකත්වයක් පුද්ගලයකුට පමණයි රිදෙන්නේ. ආත්මයාණෝ දිව්‍යමය පුද්ගලයකු විය යුතුය මෙම හැඟීම ඇති වීමට, අපි මෙය තේරුම් ගත් විට අපට තේරුම් ගත හැකි වෙනවා උන් වහන්සේට රිදෙන අයුරු කෙසේද කියා, විශේෂයෙන් අපද රිදවීමට ලක්ව ඇති හෙයින්. එපීස 4:30 අපට පවසනවා අපි ආත්මයාණන්ව නොරිද විය යුතු බවට. මිථ්‍යාදෘෂ්ටින් ලෙස ජීවත් වීමෙන් අපි උන් වහන්සේව රිදවයි (4:17-19), බොරුකීම තුළින් (4:25), කෝපවීමෙන් (4:26-27), සොරකම් කිරීමෙන් (4:28), ශාප කිරීමෙන් (4:29), තිත්තකම ඇතිව සිටීමෙන් (4:31), සමාව නොදීම තුළින් (4:32), කාමමිථ්‍යාචාර කිරීම තුළින් (5:35). ආත්මයාණන් රිදවීම නම් පව්කාර ස්වභාවයකින් ක්‍රියා කිරීමයි. එය අදහසින් (සිතුවිල්ල) පමණක් හෝ අදහස හා ක්‍රියාව දෙකින්ම හෝ වේවා.

රිදවීම හා නිවාදැමීම ආත්මයාණන්ව යන දෙකින්ම ඇතිවන බලපෑම එක හා සමානයි. දෙකෙන්ම දේවභක්තික ජීවිත රටාවට බාධා පමුණුවයි. මේ දෙකම සිදුවන්නේ ඇදහිලිවන්තයෙකු දෙවියන් වහන්සේට විරුද්ධව පව්කර ඔහුට / ඇයට හිමි ලෞකික ජීවන රටාව / ආශා අනුගමනය කිරීම තුළිනි. ඇදහිලිවන්තයා ගමන් කළ යුතු නිවැරදි මාර්ගය නම් දෙවියන් වහන්සේ හා ශුද්ධත්වය වෙතට යන මාර්ගයයි. එසේම ලෝක‍ෙයන් හා පාපයෙන් බොහෝ ඇතට යාම. අපි රිදෙන්න අකමැති සේම, යහපත් දේ අපි නිවාදැමීමට අපි අකමැති සේම, අපි ශුද්ධාත්මයාණන්ව රිදවීම හෝ නිවාදැමීම නොකළ යුතු උන් වහන්සේගේ මග පෙන්වීමට පිටුපෑම හේතුවෙන්.

English



නැවතත් සිංහල මුල් පිටුවට

රිදවීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? / ශුද්ධාත්මයාණන් නිවාදැමීම යන්නෙහි අදහස කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries