කිතුනුවෙකු විසින් ගැලවීමට පෙර හෝ පසුව කළ පාපයන් හී වරදකාරි හැඟීමෙන් මිදෙන්නේ කෙසේද?




ප්‍රශ්නය: කිතුනුවෙකු විසින් ගැලවීමට පෙර හෝ පසුව කළ පාපයන් හී වරදකාරි හැඟීමෙන් මිදෙන්නේ කෙසේද?

පිළිතුර:
සෑම දෙනෙකුම පාපය සිදුකර ඇති අතර පාපයේ ප්‍රතිඵලය වන්නේ වරදකාරිත්වය ඔබ තුළ හට ගැනීමය. අප විසින් වරදකාරිත්වයේ හැඟීමට ස්තුති වන්ත විය යුතුය. මන්ද යම් වරදකාරිත්වයේ හැඟීම අප තුළ ඇතිවූ වහාම අප පාපොච්චාරණය කරා යොමුවන බැවින්ය. යමෙක් ඇදහිල්ලෙන් යුතුව තම පාපයෙන් ඈත්වී යේසුස් වහන්සේ වෙතට හැරෙයිද, එම මොහොතේදීම ඔහුගේ පාප කමා කරනු ලබයි. පසුතැවිල්ල යනු ඇදහිල්ලේ කොටසක් වන අතර එය අපව ගැලවීම කරා රැගෙන එනු ලබයි (මතෙව් 3:2; 4:17; ක්‍රියා 3:19).

ක්‍රිස්තුස් වහන්සේ තුලදී ඉතාමත් අප්‍රසන්න පාපයක් පවා මකා දමනු ලබයි (කමා කරනු ලබන අයහපත් ක්‍රියා ලැයිස්තුවක් දැන ගැනීමට 1 කොරින්ති 6:9-11 කියවන්න). යමෙක් ගැලවීම ලැබුවද ඔහු තවමත් පව් කරනු ලබයි. නමුත් ඔහු පව් කලද දෙවියන් වහන්සේ විසින් එය කමා කිරීමට පොරොන්දුවී ඇත. “යමෙක් පව් කලොත් ධර්මිෂ්ඨවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වන මැදහත් කාරයෙක් පියාණන් වහන්සේ වෙත අපට සිටින සේක (1 යොහන් 2:1).

පාපයෙන් නිදහස්වීම, සෑමවිටම වරදකාරි හැඟීමෙන් නිදහස්වීමසේ සැලකිය නොහැක. මන්ද අපගේ පාපවලට කමාව ලැබුවද අපට තවමත් ඒවා මතකයේ ඇති බැවින්ය. ඒ වගේ අපට “සහෝදරයන්ට වරද තබන්නා” (එළිදරව් 12:10) නැතහොත් ආත්මික සතුරා සැරින් සැරේ අප‍ෙග් පාපයන් අපට මතකයට ගෙන එනු ලබයි. යම් කිතුනුවෙක් හට තමන්ගේ පාපයන් සඳහා වරදකාරි හැඟීමක් ඉස්මතු වන්නේ නම් පහත දැක්වෙන ක්‍රියාවන් අනුගමනය කළ යුතුයි.

1. පෙර නොකියු පාපයන් සියල්ල පාපොච්චාරණය කිරීම. මන්දයත් බොහෝ අවස්ථාවන්වලදී අපට පාපයේ වරදකාරි හැඟීමෙන් මිදීමට පාපොච්චාරණය කිරීමම අවශ්‍ය වන අතර, අපට නිතරම පාපේ පාපකාරි හැඟීමක් ඇති වන්නේ අප ඒ තුළ සිටින නිසාය (ගීතාවලිය 32:3-5 හී දාවිත් තමන්ටවූ වරදකාරිබැව් හැඟීම හා එයින් අත් මිදෙන ආකාරය කියවන්න).

2. තවත් කමාව ලැබිය යුතු පාපයක් ඇත්නම් දෙවියන් වහන්සේ හට ඒවා එළිදරව් කරන ලෙස ඇයද සිටින්න. ඒ වගේම තමාගේ පාපයන් කියා දීම තුළ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සැබවින්ම විවෘත වන්න. “දෙවියන් වහන්ස මා විමසා බලා මාගේ සිත දැනගත මැනව, මා පරික්‍ෂා කොට මාගේ සිතුවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුල ඇද්දැයි බලා සදාකාල මාර්ගයෙහි මා ගෙන ගිය මැනව” (ගීතාවලිය 139:23-24).

3. ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය පදනම් කර ගනිමින් දෙවියන් වහන්සේ විසින් පාප කමාව උදෙසා දෙනු ලැබූ පොරොන්දුව විශ්වාස කිරීම (1 යොහන් 1:9; ගීතාවලිය 85:2; 86:5; රෝම 8:1).

4. යම් අවස්ථාවන්හිදී අප පාප කියා දී ඒවාට කමාව ලබා සිටියදිත් නැවත නැවත එය සිහියට පැමිණෙමින් වරදකාරි හැඟීමක් හට ගනියි නම්, ඒවා බොරු වරදකාරි හැඟීමක් ලෙසට බැහැර කිරීම. මන්ද දෙවියන් වහන්සේ සැමවිටම කමාව ලබා දෙන බවට දුන් පොරොන්දුව තුළ සත්‍යවශයෙන්ම සිටින අතර මෙය තවත් වටහා ගැනීමට ගීතාවලිය 103:8-12 කියවන්න.

5. සාතන්ව පළවා හැරීමට දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න, තවද වැරදිකාරි හැඟීමෙන් මිදී ලබන්නාවූ ප්‍රීතිය හදවතට ලබා දෙන ලෙසට දෙවියන් වහන්සේගෙන් ඇයද සිටින්න (ගීතාවලිය 5:12).

ගීතාවලිය 32 යනු ඉතා වැදගත් පාඩමකි. දාවිත් ඉතා දරුණු ලෙස පාපයක් සිදුකලද ඔහු පාපයෙන් හා පාපකාරී හැඟීමෙන් යන මේ දෙකෙන්ම ජය ලැබූ අයෙකි. ඔහු විසින් වරදකාරි බැඳීමට හේතුව හා කමාවේ යථාර්ථය සමග සෘජුව ගණුදෙනු කළේය. ඒ අතර ගත් කළ ගීතාවලිය 51 අධ්‍යයනය කිරීමට තවත් අනර්ඝ පදයකි. මෙහිදී පාපය ඉතාමත් ගැඹුරින් අවධානය කොට ඉතා දුක් බරව හා අසාමමනාත්මකව දාවිත් වින් පවසා සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ ප්‍රීතිය හා ප්‍රතිස්ථාපනයයි.

අවසාන වශයෙන් ගත් කළ, අප විසින් අප‍ෙග් පාපයන් කියාදී, පසුතැවී ඒ සඳහා කමාව ලබා සිටින්නේ නම් දැන් කළ යුත්තේ ඉදිරියට ගමන් කිරීමයි. මන්ද අප මතක තබා ගත යුතු කරුණක් නම් අප ක්‍රිස්තුස් වහන්සේ තුළ පැමිණි කළ එතුමන් තුළ අප නව මැවිල්ලක් වී ඇති නිසාය. “එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය, මෙන්න, සියල්ලම අලුත් වී තිබේ” (2 කොරන්ති 5:17). මෙහිදි “පරණ” යනුවෙන් අදහස් වන්නේ අතීතයේ අප කරනු ලැබූ පාප හා ඒ පාප නිසා හට ගත් පාපකාරී හැඟීම්ය. නමුත් අවාසනාවන්ත ‍ෙලස සමහර කිතුනුවන් විසින් තමන් විසින් කල්ප ගානකට ප්‍රථම මිහිදන් කොට අමතක කර දැමීමට නියමවූ පාපයන් තව තවත් සිතෙහි රඳවා ගෙන සිටියි. මෙය අර්ථ විරහිත වන අතර දෙවියන් වහන්සේ විසින් කිතුනු අප ගත කළ යුතු ජයග්‍රහි ජීවිතය අතහැර දැමීමක් වැනිය. දෙවියන් වහන්සේ විසින් ඔබව කුණු කානුවකින් ගලවා ගනු ලැබුවේ නම් නැවතත් ඒ තුළට පැන එහි නොපහිනන්න යනු විද්වත් කියමනකි.



නැවතත් සිංහල මුල් පිටුවට



කිතුනුවෙකු විසින් ගැලවීමට පෙර හෝ පසුව කළ පාපයන් හී වරදකාරි හැඟීමෙන් මිදෙන්නේ කෙසේද?