settings icon
share icon
ප්‍රශ්නය

ස්වර්ගය තාත්විකද?

පිළිතුර


ස්වර්ගය සැබවින්ම තාත්වුක ස්ථානයකි. ස්වර්ගය දෙවියන් වහන්සේගේ සිංහාසනය බව බයිබලයේ සඳහන්වේ (යෙසායා 61:1; ක්‍රියා 7:48-99; මතෙව් 5:34-35). යේසුස් වහන්සේගේ නැවත උත්ථානයෙන් සහ ගෝලයන්ට දර්ශනය වීමෙන් පසුව “ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබ දෙවියන් වහන්සේගේ දකුණු පැත්තෙහි වාඩිවූ සේක (මාර්ක් 16:19; ක්‍රියා 7:55-56). “මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ සැබෑ ශුද්ධස්ථානයේ ආදර්ශ වන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා දෙවියන් වහන්සේගේ අභිමුඛයෙහි දැන් පෙනී සිටින ස්වර්ගයටම ඇතුල්වූ සේක” (හෙබ්‍රෙව් 9: 24). දෙවියන් වහන්සේ විසින් සාදනු ලැබූ එම සැබෑවූ මණ්ඩපයට යේසුස් වහන්සේ අප වෙනුවෙන් ඇතුල්ව අපට පෙරටුව ගියා පමණක් නොව එතුමාණෝ ජීවමානව ස්වර්ගයෙහි අප‍ෙග් උත්තම පූජකයාණන් ලෙස දැනුදු සේවයෙහි යෙදී සිටින සේක (හෙබ්‍රෙව් 6:19-20; 8:1-2).

දෙවියන් වහන්සේගේ ගෘහයේ බොහෝ වාසස්ථාන ඇති බවත් උන් වහන්සේ අපට පෙරටුව ගියේ එහි ස්ථානයක් පිළියෙල කිරීමට බවත් යේසුස් වහන්සේ අපට කීසේක. උන් වහන්සේ දවසක නැවත මේ පොළොවට පැමිණ උන් වහන්සේ සිටින්නාවූ ස්වර්ගීක ස්ථානයට අපවත් කැඳවාගෙන යන බවට අපට එතුමාණන්ගේ වචනය තුළ සහතිකයක් ඇත (යොහන් 14:1-4). අපට ස්වර්ගයේ ඇති සදාකාලික නිවස් පිළිබඳව විශ්වාසය රඳා පවතින්නේ යේසුස් වහන්සේගේ නිශ්චිතවූ පොරොන්දුව මතය. ස්වර්ගය ඒකාන්තයෙන්ම තාත්වික ස්ථානයකි. එනම් ස්වර්ගයට සත්‍යය වශයෙන්ම පැවැත්මක් ඇත.

මනුෂ්‍යයන් ස්වර්ගයෙහි පැවැත්ම ප්‍රතික්ෂේප කරනු ලබන විට, ඔවුන් දෙවියන් වහන්සේ විසින් ලියනු ලැබූ වචන පමණක් නොව, ඔවුන්ගේම හදවත් වල ඉතා අභ්‍යන්තරයේ ඇති දැඩි ආශාවන්ද ප්‍රතික්ෂේප කරනු ලබති. පාවුලු විසින් කොරින්ති වාසීන්ට ලියන ලද ලිපියේ මෙම තත්වය ආමන්ත්‍රණය කරමින් ධෛර්‍යයමත් කරනුයේ, ඔවුන්ගේ හදවත් අධෛර්‍යයට පත් නොකර ගනිමින් ස්වර්ගය පිළිබඳ බලාපොරොත්තුවෙන් වෙලී සිටිය යුතු බවය. අපගේ ‍ෙභෘමික තත්වය කරණකොටගෙන අප “කෙදිරිගෑමෙන් සහ සුසුම්ලමින්” පසු වූවද, අප ඉදිරියේ ස්වර්ගය පිළිබඳ බලාපොරොත්තු ඇති හෙයින් එහි යාම ටඅප උත්සුක වෙමු (2 කොරින්ති 5:1-4). ස්වර්ගයේ ඇති සදාකාලික නිවස පිළිබඳව ආශාවෙන් බලාපොරොත්තු වන ලෙස පාවුලු කොරින්ති වාසීන්ගෙන් අයද සිටියේ, මේ ජීවිතයේ ඇති වන්නාවූ පීඩා සහ කලකිරීම් ඉවසාගෙන යාමට ශක්තිය දෙන්නාවූ යථා දර්ශනයක් ලෙසය. “මොහොතකට පවතින අපේ සැහැල්ලුවූ දුක, පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නාවූ අපට, ඉතාමත් වැඩි වශයෙන් සදාකාල තේජස් හාරයක් සාදා දෙන්නේය. මක්නිසාද පෙනෙන දේ කාලිකය, නොපෙනෙ දේ සදාකාලිකය” (2 කොරින්ති 4:17-18).

දෙවියන් වහන්සේ ජීවමානව සිටින බවට දැන ගැන්ම මනුෂ්‍යයාගේ හදවත් තුළ එතුමණන් දමා ඇති සේම (රෝම 1:19-20), අපට ස්වර්ගය පිළිබඳ ආශාව ඇතිකර ගැනීමට අපව “ක්‍රම සම්පාදනය” කොට ඇත. එනම් ගණන් තැබිය නොහැකි පොත් ගීතිකා සහකලාත්මක කෘතීන් පිළිබඳ තේමාවන්ය. අභාග්‍යයකට මෙන් අප‍ෙග් පාපයන් ස්වර්ගයට යන මාර්ගයට අවහිරයක් වී ඇත. ස්වර්ගය වනාහී ශුද්ධවූ සහ පරිපූර්ණවූ දෙවියන් වහන්සේගේ වාසස්ථානය වන බැවින්, පාපයට එහි කිසිඳු ඉඩක් හෝ දරාගැනීමක් නොමැත. භාග්‍යයකට මෙන් ස්වර්ගයෙහි දොර විවෘත කිරීමට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නමැති යතුර දෙවියන් වහන්සේ විසින් අපට දී තිබේ (යොහන් 14:6). උන් වහන්සේ කෙරෙහි අදහන්නන් සහ උන් වහන්සේගේ පව් කමාව සොයන්නන්ට ස්වර්ගයෙහි දොරවල් ඉතා පුළුල් ලෙස විවෘත වන බවට දක්නට ලැබේ. අපගේ සදාකාලික නිවසෙහි මතු ඇති වන්නාවූ මහිමය, අපට විශ්වාසවන්තව සහ මුළු හදවතින්ම දෙවියන් වහන්සේට සේවය කිරීමට පෙළඹීමක් ඇති කෙරේවා.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ස්වර්ගය තාත්විකද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries