නිරයේ සදාකාලිකත්වය පාපයට ලැබෙන සාධාරණ දඬුවමක් වන්නේ කෙසේද?




ප්‍රශ්නය: නිරයේ සදාකාලිකත්වය පාපයට ලැබෙන සාධාරණ දඬුවමක් වන්නේ කෙසේද?

පිළිතුර:
දෙවියන් වහන්සේගේ ස්වභාවය මනුෂ්‍යයාගේ ස්වභාවය සහ පාපයේ ස්වභාවය යන කාරණා 3 ගැන අසම්පූර්ණ අවබෝධයක් ඇති හෙයින්, බොහෝ අයට මෙම තත්වය මහත් අපහසුතාවයකට පත්වූ දෙයක් බවට පත්ව ඇත. වැටුණාවූ සහ පාපිෂ්ඨ මනුෂ්‍යයන් ලෙස සිටින්නාවූ අපට, දෙවියන් වහන්සේගේ ස්වභාවය නමැති සංකල්පය ග්‍රහණය කර ගැනීමට අපහසුවේ. දෙවියන් වහන්සේ වූ කලී ඉතාමත් කරුණාවන්ත, අනුකම්පා සහගත කෙනෙක්ය, එතුමාණන්ගේ ප්‍රේමය අනෙකුත් සියලුම උපලක්‍ෂණ අභිභවා සහ වසාගෙන ඇති බව දැකීමට අප නෑඹුරුව සිටිමු. සැබවින්ම දෙවියන් වහන්සේ ප්‍රේමවන්ත, කරුණාවන්ත, අනුකම්පා සහගත වන නමුත් ප්‍රථම සහ ප්‍රධාන වශයෙන් කිවහොත් එතුමාණෝ ශුද්ධ සහ ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේය. උන් වහන්සේ ඉතාමත් ශුද්ධ හෙයින් එතුමාණෝ පාපය ඉවසා නොදරන සේක. දුෂ්ටයන් සහ අකීකරු අයට විරුද්ධව දෙවියන් වහන්සේගේ උදහස ඇවිලෙන සේක (යොසායා 5:25; හොසියා 8:5; සෙකරියා 10:3). උන් වහන්සේ ප්‍රේමවන්ත දෙවියන් වහන්සේ පමණක් නොව ප්‍රේමය නම් උන් වහන්සේමය. උන් වහන්සේ සියලුම ආකාරයේ පාපයන් වලට ද්වේෂ කරන බව බයිබලයේ සඳහන් වේ (හිතෝපදේශ 6:16-19). එතුමාණෝ අනුකම්පා සහගත වන නමුත් එම අනුකම්පා සහගත භාවයට සීමාවක් ඇත. “ස්වාමින් වහන්සේ සම්බවෙන්ට සිටිද්දී උන් වහන්සේ සොයා, උන් වහන්සේ ළංව සිටිද්දී උන් වහන්සේට යාච්ඤා කරපල්ලා. දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත් හැර, ස්වාමින් වහන්සේ වෙතට හැරී ඒවා, උන් වහන්සේ ඔහුට අනුකම්පා කරනවා ඇත, අපේ දෙවියන් වහන්සේ වෙතට හැරී ඒවා, මක්නිසාද උන් වහන්සේ අතීශයින් කමා වෙනවා ඇත” (යෙසායා 55:6-7).

පාපය හේතුකොටගෙන මනුෂ්‍යය වර්ගයා දූෂිත වී ඇති අතර එම පාප සෑම විටමඑක එල්ලේම දෙවියන් වහන්සේට වරුද්ධ වේ. දාවිත් බැත්ශෙබා සමග කාමමිථ්‍යාචාරය කර යූරියාව ඝාතනය කළ අවස්ථාවේදී, ඔහු එයට ප්‍රතිචාර දැක්වූයේ සිත්ගන්නා සුලු යාච්ඤාවක් කරමින්ය. ඔබට විරුද්ධව, ඔබට පමණක්ම විරුද්ධව පව් කළෙමි, ඔබගේ ඇස් හමුයෙහි නපුරුව තිබෙන දේ කලෙමි” (ගීතාවලිය 51:4). දාවිත් බැත්ශෙබාට සහ යූරියාට විරුද්ධව පව් කළ නමුත් ඔහු දෙවියන් වහන්සේට විරුද්ධව පමණක් පව් කළ බවට පිළිගන්නේ කෙසේද? පාපාය අවසානයේදී දෙවියන් වහන්සේට විරුද්ධ වන දෙයක් බව දාවිත් තේරුම් ගත්තේය. දෙවියන් වහන්සේ සදාකාලක සහ අපරිමිත තැණන් වහන්සේය (ගීතාවලිය 90:2). එහි ප්‍රතිඵලයක් වශයෙන් සියලුම පාපයන්ට සදාකාලක දඬුවම් නියම විය යුතුය. දෙවියන් වහන්සේගේ ශුද්ධ සම්පූර්ණ සහ අපරිමිත චරිතය අපගේ පාපය හේතුකොටගෙන සිත් රිදවන තත්වයකට පත්ව ඇත. අපගේ පරිමිත මනසට හැඟෙන පරිදි කාලයට අනුව අපගේ පාපයන් සීමා සහිත වූවත් කාලයෙන් පිටත ක්‍රියා කරන්නාවූ දෙවියන් වහන්සේ දකින ආකාරයට, එතුමන් ද්වේශ කරන පාපය දිගින් දිගටම සිදුවෙමින් පවතියි. අපගේ පාපයන් සදාකාලිකව එතුමන් ඉදිරියේ ඇති අතර එතුමන්ගේ ශුද්ධවූ සාධාරණත්වය සෑහීමට පත් කරගැනීමට නම් එම පාපයන්ට සදාකාලිකව දඬුවම් කළ යුතු වේ.

නිරයේ සිටින කෙනෙකුට හැර මෙය හරියාකාරව තේරුම් ගැනීමට නොහැක. මෙයට පරිසමාප්තම උදාහරණය වනුයේ ධනවතා සහ ලාසරස්ගේ කථාවයි. දෙදෙනාම මිය ගිය අතර ධනවතා නිරයට ගොස් ලාසරස් පාරාදූසයට ගියේය (ලූක් 16). සැබවින්ම තමාගේ පාප තමාගේම ජීවිත කාලය තුළ සිදු කළ ඒවා බව ධනවතා ඉතා හොඳින් දැන සිටියේය. නමුත් සිත් ගන්නා සුළු කාරණය නම් “මම මෙවන් ස්ථානයක නතර වූයේ කෙසේද?” යන්න ඔහු කිසි විටකත් නොඅසයි. එවැනි ප්‍රශ්න කිසිම විටක නිරයේදී අසනු නොලබයි. මෙවැනි තත්වයක් තුලින් යාමට මා සුදුසුද? මෙය සීමාන්තයක් දක්වා ගොස් ඇති බවක් ඔබට නොහැඟේද? අග්‍රයටත් වඩා මදක් ඉහලට ගොස් තිබෙනවා නොවේද? යන ප්‍රශ්න කිසිවක් ඔහු විසින් අසනු නොලබයි. ඔහු විසින් කරනු ලබන එකම ඉල්ලීම නම් තවමත් ජීවත් වන ඔහුගේ සහෝදරයන්ට ඔවුන්ගේ ඉරණම පිළිබඳව අනතුරු අඟවන ලෙසයි.

ධනවතා ලෙසම සෑම පව්කරුවෙකුටම ඔහු එහි සිටින්නට සුදුසු බව යථාර්ථයෙන්ම හැඟීයයි. සෑම පව්කරුවෙකුටම අතීශයෙන් දැන උගත් තියුණු අවබෝධයකින් යුක්තව සහ සංවේදි හෘදය සාක්ෂියක් තිබෙන අතර නිරයේදී එය ඔහුගේම වධකයා බවට පත්වේ. මේවා නම් නිරයේදී අත්දකින්නාවූ වධහිංසාය එනම් කෘර චෝදනා සහගත හෘද සාක්ෂියක් ඇති ඔහුගේ හෝ ඇයගේ පාපයන් පිළීබඳ මනා අවබෝධයක් ඇති පුද්ගලයෙකුට එක් මොහොතකටවත් කිසිදු සහනයක් නොමැති වීමයි. පාපයේ වරදකාරිත්වය, නින්දාව සහ සදාකාලිකවම තමාටම ද්වේශ කරගන්නාවූ තත්වයක් උපදවනු ලබයි. මුලු ජීවිත කාලයේදීම කරනු ලබන පාපයන් වලට සදාකාලික දඬුවම් ලැබීම සුදුසු සේම එය යුක්ති සහගතද වන බව ධනවතා දැන සිටියේය. ඔහු නිරයේ සිටීම පිළබඳව කිසිදු විටක ප්‍රශ්න කලේවත් උද්ගෝෂණය කලේවත් නැත්තේ ඒ හේතුව නිසා වෙනි.

සදාකදලික ශාප කිරීම, සදාකාලික නිරය සහ සදාකාලික දඬුවම් ලැබීම යන යථාර්ථයන් බිය උපදවන සහ කැළඹීමට පත් කරන සුළු කාරණා වේ. අප සැබවින්ම සමහරවිට ඒ පිළිබඳව බියකින් පසුවීම යහපත් වේ. මෙය භයාකන ලෙස පෙනුනත් එහි සුභ පුවතකුත් අන්තර්ගතවේ. දෙවියන් වහන්සේ අපට ප්‍රේම කරන අතරම (යොහන් 3:16) එතුමන්ගේ මහත් ඹ්නෑකම නම් අපව නිරයෙන් මුදා ගැනීමයි (2 පේත්‍රැස් 3:9). එනමුත් දෙවියන් වහන්සේ සාධාරණ සහ ධර්මිෂ්ඨ හෙයින්, පාපයට දඬුවම් නොදී සිටීමට එතුමන්ට ඉඩ හැරිය නොහැක. යම් කෙනෙකු විසින් ඒ සඳහා මිලක් ගෙවිය යුතු වේ. එතුමන්ගේ මහත්වූ අනුකම්පාව සහ ප්‍රේමය කරණකොටගෙන දෙවියන් වහන්සේ විසින්ම අප‍ෙග් පාපයේ මිල ගෙවීම සැපයූ සේක. කුරුසියේ ජීවිතය පූජා කොට, අපගේ පාපයේ දඩය ගෙවීමට, එතුමාණන්ගේම පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මෙලොවට එවූ සේක. යේසුස් වහන්සේගේ මරණය අපරිමිත මරණයක් වූයේ උන් වහන්සේ අපරිමිත දෙවියන් වහන්සේ / මනුෂ්‍යයාව සිට අපගේ පාපයේ ණය ගෙවීම හේතුවෙන් අපට සදාකාලික නිරයේ පාපය ගෙවීමට සිදු නොවන පිණිසය (2 කොරින්ති 5:21). අප පාපොච්චාරණය කර අප‍ෙග් ඇදහිල්ල ක්‍රිස්තුස් වහන්සේ තුළ තබා ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව පදනම් කොටගෙන දෙවියන් වහන්සේගෙන් සමාව අයදින්මු නම් අප ගැළවීමත් පව් කමාවත් ලබා පවිත්‍ර කරණු ලැබ ස්වර්ගයෙහි සදාකාල නිවස පිළිබඳව බලාපොරොත්තුවද අත්පත් කර ගත හැක. දෙවියන් වහන්සේ අපට බොහෝ සේ ප්‍රේම කොට අපගේ ගැළවීම සඳහා උපක්‍රමයක් සපයා දුන් නමුත් අප සදාකාලික ජීවනය නමැති ත්‍යාගය ප්‍රතික්ෂේප කළ හෙයින් එම තීරණයේ සදාකාලික ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවේ.



නැවතත් සිංහල මුල් පිටුවට



නිරයේ සදාකාලිකත්වය පාපයට ලැබෙන සාධාරණ දඬුවමක් වන්නේ කෙසේද?