මිනිසා දෙවයන් වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට මවන ලදී යන්නෙහි අර්ථය කුමක්ද (උත්පත්ති 1:26-27)?




ප්‍රශ්නය: මිනිසා දෙවයන් වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට මවන ලදී යන්නෙහි අර්ථය කුමක්ද (උත්පත්ති 1:26-27)?

පිළිතුර:
මැවිල්ලේ අවසාන දවසේදී, ස්වාමින් වහන්සේ පැවසුවා “අපගේ ස්වරූපයට හා සමානත්වයට මිනිසා මවමු” (උත්පත්ති 1:26). මෙසේ, උන් වහන්සේ උන් වහන්සේගේ වැඩය නිමා කලේ “පුද්ගලික ස්පර්ශය” කින්. දෙවියන් වහන්සේ මිනිසාව සෑදුවේ දූවිල්ලෙන් එමෙන්ම තම හුස්ම බෙදාගෙන ඔහු ජීවත් කෙරෙව්වා (උත්පත්ති 2:7). එමනිසා, දෙවියන් වහන්සේගේ අන් සියලු මැවිල්ලට වඩා මිනිසා ඉතා වැදගත් වේ, ඔහුට කායික ශරීරයක් හා කායික නොවන ප්‍රාණය හා ආත්මයක්ද ඇත.

දෙවියන් වහන්සේගේ “ස්වරූපයට” හා “සමානත්වයට” මැවීම යන්නෙහි අර්ථය, සරළ ක්‍රමයට අනුව අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටින අය වේ. ආදම් දෙවියන් වහන්සේ වෙනුවට පෙනී සිටීම යන්නෙහි අර්ථය දෙවියන් වහන්සේට මාංශයක් හා රුධීරය තිබීම යන්න නොවේ. ලියවිල්ල පවසන පරිදි “දෙවියන් වහන්සේ ආත්මයක්” (යොහන් 4:24) සහ එහෙයින් උන් වහන්සේ පවතින්නේ ශරීරයක් නොමැතිවයි. කෙසේ වෙතත් ආදම්ගේ ජීවිතය දෙවියන් වහන්සේගේ ජීවිතයේ කැඩපතයි. මන්ද උන් වහන්සේ ඔහුව සම්පූර්ණ සනීපයට මවන ලදි. ඔහුව මවනු ලැබූ කෙනෙහි ඔහුට මරණය නැමැති විෂය නොවීය.

මනුෂ්‍යාගේ නොපෙනෙන්නාවූ කොටස අදාල වන්නේ දෙවියන් වහන්සේගේ ස්වරූපයට. එය මිනිසාව සත්වයන්ගේ ලෝකයෙන් මුදා ගනී. එය දෙවියන් වහන්සේ ඔහුගෙන් බලාපොරොත්තු වූ ලෝකය කෙරෙහි බලය පැවැත්මය්ට ඔහුව යොමු කරයි(උත්පත්ති 1:28). එමෙන්ම මැවුම්කරුවා සමග සම්බන්ධතා පැවැත්මට ඉවහල් වේ. එය මානසික, කල්ක්‍රියාව හා සමාජීය.

මානසිකව, මනුෂ්‍යා මවන ලද්දේ බුද්ධිමත් හා ස්වාභිමානයෙන් යුක්තවය. වෙනත් වචන වලින් මනුෂ්‍යාට තෝරා බේරා ගැනීමට පුලුවන. මෙයින් දෙවියන් වහන්සේගේ ඥානය හා නිදහස පිළිබිඹු කරයි. ඕනම අවස්ථාවක මනුෂ්‍යා යන්ත්‍රයක් පදවන විට, පොතක් ලියන විට, පින්තාරුවක් වර්ණ ගැන් වීමේදී, වාදන භාණ්ඩයක් රස විඳින විට, ගණන් හදන විට හෝ සතෙකුට නමක් දමන විට ඇය / ඔහු අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවන ලද බව ප්‍රකාශ කරයි.

කල්ක්‍රියාව, මනුෂ්‍යා මවන ලද්දේ ධර්මිෂ්ඨ හා සම්පූර්ණ ඇතුලාන්තයක් ඇතිවය. දෙවියන් වහන්සේගේ ශුද්ධත්වයේ විදහා පෑමක් ලෙස. දෙවියන් වහන්සේ උන් වහන්සේ සෑදූ සියල්ල දුටුවා (මිනිසාද අඩංගුය) එය “ඉතා යහපත්” යැයි පැවසුවා (උත්පත්ති 1:31). අපගේ හෘදසාක්‍ෂිය හෝ “සදාචාරයේ සීමාව” අපගේ මුල් ක්‍රමයේ සඳහන වෙතට යොමු කරයි. යම් කිසි කෙනෙකු ව්‍යවස්ථාවක් (නීතියක්) ලියන විට නපුරෙන් වලකියි, යහපත් හැසිරීම ප්‍රශංසා කරයි, එසේ නැති නම් දොස් තැබීමට භාජනය වේ (තමාගේම සිතින්) එයින් ඔහු සනාථ කරනවා අපව දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවන ලද බවට.

සමාජීය, මිනිසා සම්බන්ධතා පැවැත්වීමට මවන ලදි. මෙයින් උන් වහන්සේ ත්‍රිත්වයේ ස්වභාවය හා ප්‍රේමය විදහා දක්වයි. ඒදන් උයනේ මිනිසාගේ මුල්ම සම්බන්ධතාවය උනේ දෙවියන් වහන්සේ සමග (උත්පත්ති 3:8 දෙවියන් වහන්සේ සමග සම්බන්ධතාවය), එමෙන්ම දෙවියන් වහන්සේ ස්ත්‍රියව මවන ලද්දේ “මිනිසා තනිව සිටීම හොඳ නැති නිසා” (උත්පත්ති 2:18). ඕනම කෙනෙකු විවාහ වෙන අවස්ථාවක, යහළුකම් පවත්වන අවස්ථාවක, දරුවෙකු වැලඳ ගන්න අවස්ථාවක, සභාවට සහභාගි වන විට ඔහු අප දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවන ලද බව ඉදිරි පත් කරයි.

දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවනු ලැබීමේ කොටසක් නම් ආදම්ට නිදහස් කැමැත්තක් තිබුණා තෝරා ගැනීමට. ඔහුට ධර්මිෂ්ඨ ස්වභාවයක් දී තිබුනද ආදම් කැරලිකාර තීරනයක් ගත්තා මැවුම්කරුවාට එරෙහිව. එසේ කිරීමෙන් ඔහු තුළ තිබූ දෙවියන් වහන්සේගේ ස්වරූපය විනාශ කරා. ඊට පසු එම ස්වභාවය ඔහුගෙන් පැවත එන සියලු දෙනාට යොමු කරා (රෝම 5:12). අද, අපි තුළ තවමත් දෙවියන් වහන්සේගේ ස්වරූපය තිබේ (යාකොබ් 3:9), නමුත් අපි පාපයේ කැලැලද සමග සිටිමු. මානසික, සමාජීය, කායිකව අපි පාපයේ ප්‍රතිවිපාක පෙන්වනවා.

ශුභාරංචිය නම් දෙවියන් වහන්සේ එක් එක්කෙනා ගලවන විට ඔහු දෙවියන් වහන්සේගේ ස්වරූපය තමා තුළ නැවත තබයි. අළුත් පුද්ගලයෙකු ලෙසට මවනු ලබයි. සැබෑ ධර්මිෂ්ඨකම හා ශුද්ධකමට මවනු ලබයි දෙවියන් වහන්සේ ලෙසට (එපීස 4:24). එම ගැලවීම ලැබෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාස කළ පසු දෙවියන් වහන්සේගේ කරුණාව නිසා. එම විශ්වාසයෙන් අපිව පාපය නිසා වෙන්වූ සම්බන්ධතාවය දෙවියන් වහන්සේ සමග නැවත ඇති වේ (එපීස 2:8-9). ක්‍රිස්තුස් වහන්සේ කරණකොට, අපි අළුත් මැවිල්ලක් ලෙසට පත්වේ, දෙවියන් වහන්සේගේ සමානත්වයට මවන ලද (2 කොරින්ති 5:17).



නැවතත් සිංහල මුල් පිටුවට



මිනිසා දෙවයන් වහන්සේගේ ස්වරූපයට හා සමානත්වයට මවන ලදී යන්නෙහි අර්ථය කුමක්ද (උත්පත්ති 1:26-27)?