settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය ගලවා ගැනීමට සහතිකයක් බවට මා විශ්වාස කළ යුතුද?

පිළිතුර


බයිබලයේ ඇතුලත් වන අනුප්‍රාණය හෝ එහි සහතිකත්වය මත අප ගලවා නොමැත. අපව ගලවා ගනු ලැබ ඇත්තේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපව පාපයෙන් ගලවා ගනු ලබන ගැලවුම්කරුවා ලෙස අදහා ගැනීමෙනි (යොහන් 3:16; එපීස 2:8-9; රෝම 10:9-10). ඒ අතරම, අපට යේසුස් වහන්සේගේ මරණය මෙන්ම එතුමන්ගේ උත්ථානය පිළිබඳව ඉගෙන ගැනීමට අපට ඇති එකම මාර්ගය බයිබලයයි (2 කොරින්ති 5:21; රෝම 5:8). ගැලවීමේ අදහසකින් යුක්තව පමණක් බයිබලයේ සඳහන් සියලු දේ විශ්වස කළ යුතු නැති නමුත් බයිබලය තුලින් හෙලි කරනු ලබන යේසුස් වහන්සේව අප විශ්වාස කළ යුතුය. අප බයිබලය දේව වචනය ලෙසට ඒ මත අනිවාර්යයෙන් රඳා පැවතිය යුතු අතර ඒ තුළින් උගන්නන්නාවූ සෑම දෙයක්ම මුළු මනින්ම විශ්වාස කළ යුතුය.

මිනිසුන් ගැලවීමට පත්වූ මුල් කාලය තුළ බයිබලය පිළිබඳව දන්නෝ ඉතා සූළු වශයෙනි. ගැලවීම යනු අපගේ පාපිෂ්ඨ ගති තේරුම් ගනිමින් සිදුවන්නාවූ ක්‍රියා වලියක් වන අතර එය බයිබලයේ සහතිකත්වය තේරුම් ගැනීමක් නොවේ. අපගේ හෘදය සාක්‍ෂියට අනුව අපගේම වූ සුදුසුකම් මත පමණක් ශුද්ධවූ දෙවියන් වහන්සේ ඉදිරියේ සිට ගැනීමට අපට හැකියාවක් නොමැත. අප එතරම් ධර්මිෂ්ඨ නොවන බවට අප දනිමු, එමනිසා දෙවියන් වහන්සේගේ පුත්‍රයා පාපයන් උදෙසා කළ පූජාව අපගේ පාපයන්ට මිලයක් කොට අප පිළිගනු ලබයි. අප අපගේ සම්පූර්ණ විශ්වාසය ඒ මත රඳවනු ලබයි. එම මොහොතේ සිට අපට සම්පූර්ණවු නව ස්වභාවයක්, පවිත්‍රත්වයක් මෙන්ම පාපයන්ගේ නිදොස් භාවයක් හිමිවනු ඇත. සදාකාලික ජීවනයේ අපව මුද්‍රා තබමින් දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය අපගේ හදවත් තුළ ජීවත්වේ. එතැන් පටන් දෙවියන් වහන්සේ හට තව තවත් ප්‍රේමයකින් හා කීකරුකමින් යුක්තව අප ඉදිරියට යනු ලබයි. ඉදිරියට යෑම තුළින් ඉස්මතුවන්නාවූ තවත් අදහසක් වන්නේ එතුමන්ගේ වචනය තුළ වර්ධනය වෙමින් ඒ තුළ වර්ධනය මෙන්ම ශක්තිමත් වෙමින් අපගේ ගමන එතුමන් හා යා යුතුය. අපගේ ජීවිත තුළ මෙම ක්‍රියාවලිය සිදු කිරීමට බයිබලයට පමණක් එම බලය පවතියි.

බයිබලයේ අපට උගන්වා ඇති අයුරින් අප දෙවියන් වහන්සේ හා කාර්යය (ක්‍රියාව) පිළිබඳව විශ්වාසවන්තව මෙන්ම අදහන්නේ නම් අප ගැලවීමට පත්වී අවසානය. ශුද්ධාත්මයාණන් වහන්සේ අපගේ හදවතේ මෙන්ම අපගේ මනස තුළ ජීවත් වනවා සේම අපත් යේසුස් වහන්සේව විශ්වාස කරන්නේ නම්, එය අපව බයිබලය සත්‍යය බවටත් එය විශ්වාස කළ හැකි බවටත් අවබෝධ කර දෙනු ඇත (2 තිමෝති 3:16-17). මේ අතර යම් යෙහකින් අපට දේව වචනයේ නිවැරදි භාවය පිළිබඳව යම් කුතුහලයක් මනස තුළ පවතීද, එය විසඳා ගැනීමට ඇති හොඳම ක්‍රියා මාර්ගය වන්නේ දෙවියන් වහන්සේගෙන් එතුමන්ගේ වචනය තුළ මෙන්ම වචනය තුළ ඇති ස්ථීරත්වය පිළිබඳව සහතිකයක් එතුමන්ගේ ඇයද සිටීමය. යමෙක් තමන්ගේ මුළු සිතින් අවංකවම දෙවියන් වහන්සේ සොයනු ලබයිද, එවැන්නන් හට පිළිතුරු දීමට එතුමන් ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින සේක (මතෙව් 7:7-8).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය ගලවා ගැනීමට සහතිකයක් බවට මා විශ්වාස කළ යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries