කිතුනුවකු වඳභාවයට මුහුණ දෙනු ලබන්නේ කෙසේද?




ප්‍රශ්නය: කිතුනුවකු වඳභාවයට මුහුණ දෙනු ලබන්නේ කෙසේද?

පිළිතුර:
විශේෂයෙන්ම මුළු ජීවිත කාලයේම දරුවන් කෙරෙහි ආශාවෙන් බලාපොරොත්තු වන යුවලකට, වඳශාවය යන ගැටළුව ඉතාමත් අසීරුවිය හැක. කිතුනු යුවලක් “ස්වාමිනි ඇයි අපට” යන ප්‍රශ්නය අසනවා විය හැක. නිසැකවම දෙවියන් වහන්සේට අවශ්‍යය වන්නේ කිතුනුවන්ට ආදරය කිරීමට සහ පෝෂණය කිරීමට දරුවන්ගෙන් ආශීර්වාද ලැබීමටය. යහපත් ශාරීරික සුවයෙන් පසු වන යුවලකට ඉතාමත් හදවත උදුරා ගන්නා වඳභාවය පිළිබඳව ඇති දෘෂ්ටියක් නම් මෙය තාවකාලික තත්වයක්ද නොහොත් සදාකාලික තත්වයක්ද යන්න නොදන්නා හෙයිනි. එය තාවකාලික තත්වයක් නම් කොපමණ කලක් බලා සිටිය යුතුද? එය සදාකාලික තත්වයක් නම් ඔවුන් ඒ පිළිබඳව දැන ගන්නේ කෙසේද, ඔවුන්ගේ ඉදිරි ක්‍රියා කලාපය කුමක්ද?

වඳභාවයේ තාවකාලික ගැටළුව පිළිබඳව දේව වචනය කථාන්තර කිහිපයක් තුලින් විචිත්‍රයෙන් විස්තර කරනු ලබයි.

දෙවියන් වහන්සේ ආබ්‍රහම්ගේ සාරාටත් දරුවකු දීමට පොරොන්දු වූ නමුත් ඇය වයස අවුරුදු 90 වන තෙක් තම පුතු වන ඊසාක් නොවැදුවාය (උත්පත්ති 11:30)

රෙබෙකාගේ ස්වාමිපුරුෂයා වන ඊසාක් ඉතා උද්‍යෝගීව යාච්ඤා කලේය, දෙවියන් වහන්සේ පිළිතුරු දුන්නේ යාකොබ් සහ ඒසව් ප්‍රතිඵලයක් ලෙස දීමෙනි (උත්පත්ති 25:21).

රාබෙල් යාච්ඤා කළාය, දෙවියන් වහන්සේ අවසානයේදී ඇයගේ “ගර්භය විවෘත කළ සේක” ඇය යෝසෙප් සහ බෙන්ජමින් යන පුත්‍රයන් දෙදෙනා වැදුවාය (උත්පත්ති 30:1; 35:18).

මනෝවාගේ භාර්‍යාව මද කලක් වඳව සිට සැම්සන් වැදුවාය (විනිශ්චයකාරයා 13:2).

එලිසබෙත් ඇය මහළු වියේදී ක්‍රිස්තුස් වහන්සේගේ පූර්වගාමියා වූ යොහන් බවිතීස්ත වැදුවාය (ලූක් 1:7, 36).

සාරා, රෙබෙකා සහ රාබෙල් යන අයගේ වඳභාවය (ඊශ්‍රායෙල් ජාතියේ මව්වරුන්) අර්ථාන්විත වන්නේ අබසානයේදී ඔවුන්ට දරුවන් බිහි කිරීමට හැකි වීම දෙවියන් වහන්සේගේ ප්‍රසාදයේ සහ අනුග්‍රහයේ ලකුණක් ලෙසය. කෙසේ නමුත් නිසරු යුවලක් දෙවියන් වහන්සේ උන් වහන්සේගේ අනුග්‍රහය සහ ප්‍රසාදය අත්හිටුවා ඇති බව හෝ ඔවුන්ට යම් ආකාරයකින් දඬුවම් පමුණුවා ඇති බව හෝ කිසි විටක උපකල්පනය නොකළ යුතුය. කිතුනු යුවලක් වෙලී සිටිය යුතු අවබෝධය නම් ක්‍රිස්තුස් වහන්සේ විසින් ඔවුන්ගේ පාපය කමා කළ ඇති බව සහ ඔවුන්ට දරුවන් ලැබීමට ඇති නොහැකියාව දෙවියන් වහන්සේගෙන් වන දඬුවමක්ද නොවන බවයි.

එසේ නම් නිසරු යුවලක් කළ යුතුවන්නේ කුමක්ද? ප්‍රසව සහ නාරී වෛද්‍යයවරයන්ගෙන් හෝ අනෙකුත් වඳභාවය පිළිබඳව විශේෂඥයන්ගෙන් උපදෙස් ගැනීම යහපත්ය. පිරිමි සහ ගැහැණු යන දෙපාර්ශවයම සෞඛ්‍යය සම්පන්න ජීවන ශෛලයක් අනුගමනය කළ යුත්තේ ගර්භනීයභාවයට සූදානමක් ලෙසය. ඊශ්‍රායෙල් ජාතියේ මව්වරුන් ඉතා උද්‍යෝගීව පිළිසිඳ ගැනීම පිළිබඳව යාච්ඤා කළහ, එසේ හෙයින් දරුවෙකු උදෙසා නොකඩවාම යාච්ඤා කිරීම නිතතින්ම අපගේ මාර්ගයෙන් පිටත නොවේ. මූලිකවම, අපගේ ජීවිතයට දෙවියන් වහන්සේගේ කැමැත් වන පිණිස යාච්ඤා කළ යුතු වූවද, අප ස්වභාවික දරුවකු ලැබීම එතුමන්ගේ කැමැත්ත නම් අපට එසේවේ. එතුමන්ගේ කැමැත්ත අප දරුවෙකු දරුකමට හදා ගැනීමද, පිළිදැගුම් මාපියන් වීම හෝ දරුවන් නොමැතිම සිටීම නම් අප එය පිළිගෙන සතුටින් හා කැපවීමෙන් ජීවත් විය යුතුවේ. දෙවියන් වහන්සේට එතුමන් ප්‍රේම කරන්නාවූ සෑම කෙනෙකුටම දිව්‍යයමය සැලැස්මක් ඇත. දෙවියන් වහන්සේ වනාහි ජීවනයේ නිර්මාතෘවරයාණන්ය. එතුමාණෝ පිළිසිඳ ගැනීමට ඉඩ හරයි නැතහොත් ඉඩ නාරියි. දෙවියන් වහන්සේ ශ්‍රේෂ්ඨය, සියළු ප්‍රඥාව සහ දැන ගැන්ම එතුමාණන් සතුය (රෝම 11:33-36). “සියළු යහපත් සහ සම්පූර්ණ දීමනාවන් පැමිණෙන්නේ ඉහළින්ය” (යාකොබ් 1:17). මෙම සත්‍යයන් දැන ගැනීම සහ පිළිගැනීම නිසරු යුවලකගේ හදවත් වල ඇති වේදනාව පිරවීමට මහත් රුකුලක්වේ.



නැවතත් සිංහල මුල් පිටුවට



කිතුනුවකු වඳභාවයට මුහුණ දෙනු ලබන්නේ කෙසේද?