අප සියල්ලන්ම ආදම් සහ ඒවගෙන් පාපය උරුම කර ගත්තෙමුද?




ප්‍රශ්නය: අප සියල්ලන්ම ආදම් සහ ඒවගෙන් පාපය උරුම කර ගත්තෙමුද?

පිළිතුර:
එසේය, සියලු මනුෂ්‍යයන් ආදම් සහ ඒවගෙන් පාපය උරුම කර ගත්හ, නිරූපිත වශයෙන්ම ආදම් ගෙන්ය. පාපය දේවවචනයේ විස්තර කරන්නේ දෙවියන් වහන්සේගේ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස (1 යොහන් 3:4) සහ දෙවියන් වහන්සේට විරුද්ධව කැරළි ගැසීමක් ලෙසයි (ද්වීතිය කථාව 9:7; යොෂුවා 1:18). උත්පත්ති 3 හී ආද් සහ ඒව දෙවියන් වහන්සේට හා එතුමන්ගේ ආඥාවන්ට විරුද්ධව කැරළි ගැසීම පිළිබඳව විස්තර කෙරේ. ආදම් සහ ඒවගේ අකීකරුකම හේතුවෙන් ඔවුන්ගේ පරම්පරාවෙන් පැවත එන්නන්ට පාපය “උරුමයක්” බවට පත්විය. රෝම 12 අපට කියන පරිදි පාපය මෙලොවට ඇතුලත් වූයේ ආදම් ගෙන් වන අතර සියලු මනුෂ්‍යයන්ට මරණයද ආක්‍රාන්ත වූයේ සියල්ලෝම පව් කොට ඇති හෙයිනි. මෙම ආක්‍රාන්තවූ පාපය උරුම වූ පාපය යනුවෙන් හඳූන්වනු ලබයි. අපගේ ගාරීරික ගති ලක්ෂණ අපගේ දෙමවිපියන්ගෙන් උරුම වනවා සේම අපගේ පව්කාර ස්වභාවය උරුම වන්නේ ආදම් ගෙනි.

ආදම් සහ ඒව සාදනු ලැබුවේ දෙවියන් වහන්සෙගේ ස්වරූපයෙන් සහ සමානත්වයෙන්ය (උත්පත්ති 1:26-27; 9:6). කෙසේ නමුත් අපද ආදම්ගේ ස්වරූපයෙන් සහ සමානත්වයෙන් සිටිමු (උත්පත්ති 5:3). ආදම් පාපයට වැටමේ ප්‍රතිඵලය වූයේ ඔහුගේ පරම්පරාවෙන් පැවත එන්නන්ද පාපයෙන් “ආසාදනය” වීමයි. දාවිත් මෙම කරුණ පිළිබදව වැලපෙමින් ඔහු විසින් ලියන ලද ගීතාවලියකද මෙසේ සඳහන් කරයි. බැලුව මැනව, මම අයුතුකම සහිතව සාදනු ලැබීමි. මාගේ මෑණියෝ පාප සහිතව මා ගැබ් ගත්තාය (ගීතාවලිය 51:5). ඔහුගේ මව ඔහුව අවජාතකයෙක ලෙස බිහි කල බවට මෙයින් සඳන් නොවේ, තවත් ආකාරයකින් කිවහොත් ඔහුගේ මවට, ඇයගේ දෙමවිපියන් ගෙන් පව්කාර ස්භාවය උරුම වී ඇති අතර ඇයගේ දෙමව්පියන්ට ඔවුන්ගේ දෙමව්පියන්ගෙන්ද, ඒ ආකාරයෙන් පිටු පසට ගමන් කරයි. අප සියල්ලන් හා සේම දාවිත්ටද ඔහුගේ දෙමවිපියන්ගෙන් පාපය උරුම වී තිබුනි. අප කෙරමි ශ්‍රේෂ්ඨ ලෙස ජීවත්වීමට උත්සහ කළත්, උරුම වූ පාපයේ ප්‍රතිඵලයක් ලෙස අප තවමත් පවිකාරයන්ව සිටිමු.

අප පව්කාරයන් ලෙස උපත ලබා සිටීම හේතුවෙන් අප තවමත් පව් කරන්නෙමු. රෝම 5:12 සඳහන් ප්‍රගමනය සැලකිල්ලට ගත හොත් පාපය මොළොවට ඇතුලත් වූයේ ආදමි ගෙනි. පාපයට පසුව මරණය පැමිණේ, මරණය සියලු මනුෂ්‍යයන්ට පැමිණේ, සියලු මනුෂ්‍යයන් පවි කරනු ලබන්නේ පාපය ආදමිගෙන් උරුම වූ හෙයිනි. “සියල්ලෝම පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටින හෙයින්” (රෝම 3:23), අපගේ පාප සෝදා හැරීම පිණිස, පරිපූර්ණ පාප රහිත පූජාවක් අවශ්‍ය වන්නේ එවන් දෙයක් අපගේ ශක්තියෙන් කිරීමට නොහැකි නිසාය. කෘතඥතා පූර්වකව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාපයේ ගැලවුමිකාරයාණන්ය. අපගේ පාපය යේසුස් වහන්සේග් කුරුසියෙහි ඇණ ගසා ඇති අතර, “ඒ් ප්‍රේමවන්තයාණන් වහන්සේ තුළ උන් වහන්සේගේ කරුණාවේ සමිපතේ ප්‍රකාරයට උන් වහන්සේගේ ලේ කරණකොටගෙන අපේ මිදීම වන අපේ වරද වලට කමාව අපට ඇත්තේය” (එපීස 1:7). දෙවියන් වහන්සේ උන් වහන්සේගේ අපරිමිත ණුවන හේතු කොටගෙන අපට උරුමවූ පාපයට පිළියමක් සපයා දී ඇති අතර එම පිළියම සියල්ලන්ටම පොදුවෙි ලබා ගැනීමට හැක. “එහෙයින් සහෝදරයෙනි, උන් වහන්සේ කරණකොටගෙන පවි කමා කිරීම නුඹලාට ප්‍රකාශ කරනු ලබන බව දැන ගනිල්ලා” (ක්‍රියා 13:38).



නැවතත් සිංහල මුල් පිටුවට



අප සියල්ලන්ම ආදම් සහ ඒවගෙන් පාපය උරුම කර ගත්තෙමුද?