settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ සැබෑද?දෙවියන් වහන්සේ සැබෑ බව මම සහතිකව දැන ගන්නේ කෙසේද?

පිළිතුර


අපි දෙවියන් වහන්සේ සැබෑ බව දැනගන්නේ උන් වහන්සේ අපට තුන් ආකාරයකින් එළිදරවු වී ඇති නිසයි. එනම් මැවීම, දේව වචනය සහ උන් වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින්.

දෙවියන් වහන්සේගේ පැවැත්ම ඔප්පු කිරීමට මූලික සහ සරලම සාක්ෂිය නම් උන් වහන්සේ මැවිවාවූ ලෝකයයි. "මක්නිසාද ලෝකය මැවූ තැන් පටන් දෙවියන් වහන්සේගේ අදෘශ්‍යමාන දේ වන උන් වහන්සේගේ සදාකාලිකවූ බලය හා දෙවිකම මවන ලද දේවලින් තේරුම් ගොස් පැහැදිලි ලෙස පෙනීයන්නේය”. මේ නිසා මිථ්‍යාදෘෂ්ටිකයන් හටද නිදහසට කරුණු ඉදිරිපත් කළ නොහැක (රෝම 1 : 20). "අහස දෙවියන් වහන්සේගේ මහිමය ප්‍රකාශ කරයි; ගුවන් තලය උන් වහන්සේගේ හස්ත කර්මාන්තය දක්වයි” (ගීතාවලිය 19 : 1).

මට කෙතක් මැද තිබී අත් ඔරලෝසුවක් හමු වුවහොත්, ක්ෂණිකවම මතු වුනා කියා හෝ එය හැමදාම එතැන තිබුණාය කියා මට නිගමනය කළ නොහැක. අත් ඔර්ලෝසුවේ හැඩය පාදක කොට ගෙන මෙයට යමි කිසි නිර්මාණ කරුවෙක් සිටින බව මා වටහා ගන්නවා ඇත. එහෙත් අවට ලෝකය දෙස බලන කල වඩාත් උසස්, අනර්ඝ නිමැවුම්මට දැකිය හැකිවේ. අපගේ කාලය මැනීම පදනම්වී ඇත්තේ අත් ඔර්ලෝසුවක නොව, දෙවියන් වහන්සේගේ හස්ත කර්මාන්තය මතය. නොකඩවාම භ්‍රමණය වන පෘථවිය (සහ විකිරණ වස්තුන් අඩංගු න්‍යෂ්ටික (සීසියමි) 133 පරමාණුව). විශ්වය උතුම්නිර්මාණයක් ප්‍රදර්ශණය කරන අතර, එහි නිර්මාණකරුවා පිළිබඳව තර්ක ඉදිරිපත් කරනවා.

මට සංකේත යෙදු පණිවිඩයක් ලැබුණොත් එය වටහා ගැනීමට එය පරිවර්ථනය කල හැකි සුදුසු කෙනෙකුගේ (ක්‍රිප්ටෝග්‍රැෆර්ගේ) උදව්පතමි. මෙම පණිවිඩ ක්‍රමය සකස් කිරීමට බුද්ධිමත් පණිවිඩකරුවකු සිටිය යුතු බවත්, ඒ සඳහා යමිකිසි නිර්මාණකරුවෙකු සිටිය යුතු බවත් මා නිගමනය කරනවා. එසේ නම් බොහෝ කොටස් වලින් යුක්තව අපගේ ශරීරවල පිහිටා ඇති ඩී එන් ඒ සෛලවල සංකේතය කෙතරම් සංකීර්ණද? ඩී එන් ඒ සෛලවල කාර්‍යයන් හා සංකීර්ණත්වය එහි නිර්මාණකරු පිළබඳව කරුණු සොයනවා නේද?

දෙවියන් වහන්සේගේ සංකීර්ණවූත්, මහා ලෙස පාලනය කරන ලද ස්වභාවික ලෝකයත් නිර්මාණය කලා පමණක් නොව, සෑම මිනිසකු තුලම සදාතනය (සදාකාලිකත්වය) ගැන හැඟීමක්ද ජනිත කර තියෙනවා (දේශනාකාරයා 3 : 11). ඇසට පෙනෙන දෙයට වඩා යමක් ජීවිතය තුළ අන්තර්ගත බව මනුෂ්‍යවර්ගයාට ස්වභාවයෙන්ම දැනෙනවා. මේ භුමික රටාවට ඉහලින් පැවැත්මක් තිබෙන බව, සදාතනික ජීවිතය පිළිබඳව අප සිත් තුළ අවම වශයෙන් දෙයාකාරයකින් සටහන් වී ඇත. එනම් නීති සකස් කිරීමෙන් සහ නමස්කාරයෙන්.

ඉතිහාසය පුරාම සෑම ශිෂ්ටාචාරයකම ඇති ඇතැම්යහ ගුණ ධර්ම, සංස්කෘතියකින් සංස්කෘතියකට පුදුම ලෙස සමීප සමානකමක් දක්වනවා. නිදසුනක් වශයෙන්, ප්‍රේම කිරීම යනු යහපත් ගුණයක් ලෙස මුළු ලොව පුරාම පිලිගැනෙන අතර, බොරුකීම අයහපත් බව මුළු ලොව පුරාම පිලිගැනීමවේ. මෙම පොදු ගුණධර්ම හොඳ නරක හඳුනා ගැනීමේ ලෝකව්‍යාප්ත වටහා ගැනීම, හොඳ නරක තෝරා ගැනීමට අපට දැන ගැනීම දුන් උතුම්ගුණධර්ම ගුරුවරයා දෙසට අපිව යොමු කරනවා.

මේආකාරයට සකල ලොව පුරා සිටින ජනයා තමුන්ගේ සංස්කෘතියෙන් බැහැරව නමස්කාර ක්‍රම පවත්වා ගෙන යනවා. නමස්කාර විධි විවිධාකාර වූවත් "සුපිරි බලයක්” පිළිබඳ හැඟීමක් සෑම මනුෂ්‍යයකු තුලම තියෙනවා. දෙවියන් වහන්සේ "තමන්ගේම ස්වරූපයෙන්” මනුෂ්‍යයා මවා ඇති බැවින් දෙවියන් වහන්සේට නමස්කාර කිරීමට මනුෂ්‍යයා තුල රුචියක් තිබේ(උත්පත්ති 1 : 27).

දෙවියන් වහන්සේ උන් වහන්සේගේ වචනය වන ශුද්ධ බයිබලය මගින්ද එළිදරවු වී තිබේ. ශුද්ධ ලියවිල්ල පුරාම දෙවියන් වහන්සේගේ පැවැත්ම පුද්ගලික සමිබන්ධතාවයක් ලෙසට සලකා බලා ඇත (උත්පත්ති 1 : 1; නික්මයාම 3 : 14). බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් තමාගේ ස්වයං ලිඛිත චර්තාපදානය ලිවීමේදී ඔහු තමාගේ පැවැත්ම ඔප්පු කිරීමට කාලය වැය කර නැත. එලෙසම දෙවියන් වහන්සේද තමන් වහන්සේගේ වැඩ සිටීම සනාථ කිරීමට කාලය වැය නොකරයි. පුද්ගල ජීවිත වෙනස් කරන්නාවූ ස්චභාවය, එහි අවංක භාවය එය ලිවීම හා සම්බන්ධ හාස්කම්, ශුද්ධ බයිබලය ගැඹුරින් තේරුම් ගැනීමට බලය ලබා දෙයි.

දෙවියන් වහන්සේ එළිදරවු වන තුන්වන ආකාරය නම්උන් වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් (යොහන් 14 : 6-11). "පටන් ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටි සේක, වාක්‍යයාණෝ දෙවියන් වහන්සේ හා සමග සිටි සේක, වාක්‍යයාණෝ දෙවියන් වහන්සේව සිටි සේක... තවද වාක්‍යයාණෝ මාංසවත්වී, කරුණාවෙන්ද සත්‍යයෙන්ද පූර්ණව, අප අතරෙහි වාසය කළ සේක” (යොහන් 1 : 1, 14). යේසුස් ක්‍රිස්තුස් තුළ, "මක්නිසාද උන් වහන්සේ තුළ දේවත්වයේ සියලු සම්පූර්ණ කම ශරීරාකාරයෙන් වාසය කරන්නේය” (කොලොස්සි 2 : 9).

යේසුස් වහන්සේගේ පුදුමාකාර ජීවිතය තුළ උන් වහන්සේ පරණ ගිවිසුමේ නීතිය අකුරටම පිළිපදිමින් මෙසියස් වහන්සේ පිළිබඳව වූ අනාගත වාක්‍ය සම්පූර්ණ කරමින් ජීවත් වුනා (මතෙව්5 : 17). උන් වහන්සේගේ අසීමිත අනුකම්පාවෙන් ක්‍රියා කරමින් උන් වහන්සේගේ මෙහෙය (පණිවිඩය) සැබෑ බව ඔප්පු කිරීමට ප්‍රසිද්ධියේ හාස්කම් කරමින් තමන්ගේ දෙවියන් ගැන සාක්ෂි දැරුවා (යොහන් 21 : 24-25). උන් වහන්සේ කුරුසිපත් වී, තුන් දිනකට පසු මළවුන්ගෙන් නැගිටුණා, මෙය සිය ගණනකගේ ඇසින් දුටු සාක්ෂියක් විය (1 කොරින්ති 15 : 6). මෙම ඓතිහාසික සිද්ධාන්තය යේසුස් වහන්සේ කවුද යන්න "සාධක” ඇතිව ඔප්පු කරනවා. පාවුලු තුමා ප්‍රකාශ කරනවා මේදේවල් මුල්ලක නොකළ බව...(ක්‍රියා 26 : 26).

අපි තේරුම්ගන්නවා දෙවියන් වහන්සේ පිළිබඳව තමන්ගේ ආකල්ප ගොඩ නගා ගෙන සිටින අය මෙහි අඩංගු දේ ප්‍රවේශමෙන් කියවීමෙන් සහ සමහර අයට කිසිම හෝඩුවාවක් ඇති නොවුනත් (ගීතාවලිය 14 : 1) දැක්වෙන පරිදි මේ සියල්ලම විශ්වාසයට හැරෙනු ඇති බවට (හෙබ්‍රෙව්11 : 6).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ සැබෑද?දෙවියන් වහන්සේ සැබෑ බව මම සහතිකව දැන ගන්නේ කෙසේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries