settings icon
share icon
ප්‍රශ්නය

ඇයි දෙවියන් වහන්සේ ඊර්ෂ්‍යාවේ දෙවියන් වහන්සේ යැයි පවසන්නේ?

පිළිතුර


“ඊර්ෂ්‍යාව” යන වචනය භාවිතා කර ඇති අයුරු ගැන අවධානය යොමු කිරීම වැදගත්. එය නික්මයාම 20:5 හී විස්තර කරනවා දෙවියන් වහන්සේ කෙතරම් වෙනස්ද, පාපිෂ්ඨ පාපයේ ඊර්ෂ්‍යාවට වඩා (ගලාති 5:20). “ඊර්ෂ්‍යාව” යන වචනය අප පාවිච්චි කරන කළ අප දන්නවා එය අපට නැති තවත් කෙනෙකුට ඇති දෙයක් ගැන ඊර්ෂ්‍යා වීම. මනුෂ්‍යයකු තවත් මනුෂ්‍යයෙකුට ඊර්ෂ්‍යා කරයි මන්ද ඇයට හෝ ඔහුට ලස්සන කාර් එකක් හෝ ගෙයක් තිබීම. තවත් කෙනෙක් තවත් කෙනෙකුගේ තලන්තේ පිළිබඳව හැකියාවන් පිළිබඳව ඊර්ෂ්‍යා වෙයි. තවත් කෙනෙක් අනෙකාගේ ලස්සනට ඊර්ෂ්‍යා කරයි.

නික්මයාම 20:5,දෙවියන් වහන්සේ ඊර්ෂ්‍යා වන්නේ තවත් කෙනෙකුට ඇති දෙයක් උන් වහන්සේට අවශ්‍ය නිසා නොව. නික්මයාම 20:4-5 පවසනවා, “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සදා නොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමින් වහන්සේ වන මම අන්‍යභක්ති නොඉවසන්නාවූ.” එහි පවසන්නේ දෙවියන් වහන්සේට හිමි දෙයක් තවත් කෙනෙකුට දීම හේතුවෙන් දෙවියන් වහන්සේ ඊර්ෂ්‍යා බවයි.

මෙම පදවල, මිනිසුන් දෙවියන් වහන්සේට හිමි ස්ථානය, රූප සාදා ඒවාට නමස්කාර කිරීමෙන් දෙන බව. දෙවියන් වහන්සේ උන් වහන්සේට හිමි නමස්කාරය බලාපොරොත්තුවෙනවා. එය පාපයකි (උන් වහන්සේ මේ ආඥාවේ පවසන ලෙස) දෙවියන් වහන්සේ හැර වෙන දෙයකට නමස්කාර කිරීම. අපට නැති දෙයක් තව කෙනෙකුට ඇති නම් එයට ඊර්ෂ්‍යා වීම පාපයකි. දෙවියන් වහන්සේ ඊර්ෂ්‍යා වීම ගැන පවසන විට එය වෙනස් අර්ථයක් දෙයි. උන් වහන්සේ ඊර්ෂ්‍යා වන්නේ උන් වහන්සේට අයිති දෙයටයි, නමස්කාරය හා සේවය උන් වහන්සේට පමණක් අයිතිය. උන් වහන්සේට පමණක් දිය යුතුය.

ප්‍රායෝගික උදාහරණයකින් මේ වෙනස හඳුනා ගැනීමට හැක. ස්වාමි පුරුෂයා දුටුවොත් තම බිරිඳ වෙන පුරුෂයෙකු සමග ඇසුරු කිරීම, ඔහුට ඊර්ෂ්‍යා වීමට අයිතියක් ඇත. මන්ද ඔහුගේ බිරිඳ සමග ඇසුරු කිරීමේ හැකියාව ඇත්තේ ඔහුට පමණි. මේ ආකාර ඊර්ෂ්‍යාව පාපයක් නොවේ. දෙවියන් වහන්සේ ඔබටම කියා දුන් දෙය ගැන ඊර්ෂ්‍යාවෙන් රැකගැනීම යහපත්වේ. ඊර්ෂ්‍යාව නම් තමාට අයිති නැති දෙයකට ආශාවීම වේ. නමස්කාරය, ප්‍රශංසාව, ගෞරවය, නැමදීම දෙවියන් වහන්සේට අයිතිය. මන්ද එය ලැබීමට අයිති උන් වහන්සේට පමණි. එමනිසා දෙවියන් වහන්සේට නමස්කාරය, ප්‍රශංසාව, ගෞරවය, රූපවලට දෙන විට ඊර්ෂ්‍යා වීම සාදාරණයි. මේ ඊර්ෂ්‍යාවයි පාවුල්තුමා 2 කොරින්ති 11:2 පවසනවා, “දිව්‍යවූ ජවලිතයකින් නුඹලා ගැන මම ජවලිතව සිටිමි.” “මා ඔබ ගැන ඊර්ෂ්‍යා වන්නේ දිව්‍ය ඊර්ෂ්‍යාවකිනි.”

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඇයි දෙවියන් වහන්සේ ඊර්ෂ්‍යාවේ දෙවියන් වහන්සේ යැයි පවසන්නේ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries