settings icon
share icon
ප්‍රශ්නය

අපිට අපගේ මිතුරන් හා පවුලේ සාමාජිකයන් ස්වර්ගයේදී අකින්න හා දැන ගන්න ලැබේද?

පිළිතුර


බොහෝ මනුෂ්‍යන් පවසන්නේ ඔවුන් ස්වර්ගයට ගිය විගස ඔවුන් කරන්ට යන්නේ ඔවුන්ගේ මිතුරන් හා ආදරය කරපු අය ඔවුනට පෙර මියැදුන ස්වර්ගයේදී දැකීමයි. සදාකාලය තුළ, කාලය ඕන තරම් තිබෙනවා බැලීමට, දැන ගැනීමට, අපගේ පවුලේ සාමාජිකයන් හා මිතුරන් සමග කාලය ගත කිරීම. කෙසේ වෙතත් එය අපේ මුල් අරමුණ නොවේ ස්වර්ගයේදී ඇති. අපි දෙවියන් වහන්සේට නමස්කාර කිරීම හා ස්වර්ගයේ ආශ්චර්‍ය භුක්ති විඳීමක් අවශ්‍යයි. අපි ආදරය කරන අය සමග එකතුවීම තුළින් අපට උන් වහන්සේගේ කරුණාව ගණනය කිරීම හා දෙවියන් වහන්සේව මහිමයට පත් කිරීම අපගේ ජීවිතයේ, උන් වහන්සේගේ අප්‍රමාණ ප්‍රේමය, ඒ වගේම උන් වහන්සේගේ මහත් ක්‍රියාවන්, අපි ගොඩක් සතුටු වන්නේ අපට දෙවියන් වහන්සේට අන් ඇදහිලිවන්තයන් සමග නමස්කාර කිරීම විශේෂයෙන් මේ පොළොවේදී අපි ආදරය කරපු අය.

ජීවිතයෙන් පසුව මනුෂ්‍යන් හඳුනා ගැනීමට අපට හැකිවේද යන්න පිළිබඳ බයිබලය කුමක් පවසයිද? සාවුල් රජ සාමුවෙල්ව හඳුනා ගන්නවා එන්දොර් හී මායාකාර ස්ත්‍රිය විසින් මැරී සිටි සාමුවෙල්ව නැවත ගෙන්වූ පසු (1 සාමුවෙල් 28:8-18). දාවිත්ගේ කුඩා පුතා මැරුණු විට දාවිත් ප්‍රකාශ කරා “මා ඔහු ළඟට යනවා මිස ඔහු මා ළඟට හැරී එන්නේ නැත” (2 සාමු‍ෙවල් 12:23). දාවිත් සිතා ගත් දෙය නම් දරුවාව ඔහු ස්වර්ගයේදී දකින්නට යන බවටයි. ඔහු ළදරුවකු ලෙසම මිය ගිය නමුත්. ලූක් 16:19-31, ආබ්‍රහම්, ලාසරුස් හා පොහොසත් මිනිසා මරණයෙන් පසු හඳුනා ගත්තා. රූප විපර්යාසයේදී, මෝසෙස් හා එලියාව හදුනා ගනු ලැබුවා (මතෙව් 17:3-4). මේ උදාහරණ වල බයිබලයේ සඳහන් කරනවා අපව මරණයෙන් පසුව හඳුනා ගත හැකි බවට.

බයිබලයේ පවසනවා අපි ස්වර්ගයට ඇතුල්වූ විට අපි “උන් වහන්සේ වගේ (යේසුස් වහන්සේ), උන් වහන්සේ සිටින අයුරින්ම අපට දැකිය හැක” (1 යොහන් 3:2). හරියට අප‍ෙග් ශරීර මුල් මිනිසා වන ආදම්ගෙන් ආවාසේම, අපගේ උත්ථාන ශරීර යේසුස් වහන්සේ වගේම වේ (1 කොරින්ති 15:47). “පළමුවෙනි මනුෂ්‍යා භුමියෙන්ය භුමිකය. දෙවනි මනුෂ්‍යා ස්වර්ගයෙන්ය. භුමික තැනැත්තා යම් සේද, භුමිකයාත් එසේමය. ස්වර්ගික තැනැත්තා යම් සේද, ස්වර්ගිකයොත් එසේමය” (1 කොරින්ති 15:49, 53). බොහෝ මනුෂ්‍යන් යේසුස් වහන්සේව උත්ථානයෙන් පසුව හඳුනා ගත්තා (යොහන් 20:16, 20; 21:12; 1 කොරින්ති 15:4-7). යේසුස් වහන්සේව උන් වහන්සේගේ මහිමාන්විත ශරීරය තුළදීත් හඳුනා ගත්තා නම්, අපිවත් මහිමාන්විත ශරීර ලැබුවාට පසු හඳුනා ගනී. අප ආදරය කරන අයව හඳුනා ගැණීම ඉතා වැදගත් මහිමාන්විත දෙයක් ස්වර්ගයේ. නමුත් ස්වර්ගය ඊට වඩා දෙවියන් වහන්සේ ගැන කථා කරන ස්ථානයකි. එමෙන්ම අප ගැන අඩුවෙන් කථා කරයි. අපි ආදරේ කරපු අය සමග දෙවියන් වහනාසේට නමස්කාර කිරීම සදාකාලයේදී ඉතා අනර්ග දෙයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අපිට අපගේ මිතුරන් හා පවුලේ සාමාජිකයන් ස්වර්ගයේදී අකින්න හා දැන ගන්න ලැබේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries