නඩුකීම උසාවියාම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?




ප්‍රශ්නය: නඩුකීම උසාවියාම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?

පිළිතුර:
පාවුල්තුමා කොරින්තියේ සිටි ඇදහිලිවන්තයන්ට උපදෙස් දෙනවා එකිනෙකාට විරුද්ධව උසාවි නොයන ලෙසට (1 කොරින්ති 6:1-8). මන්ද කිතුනුවන් එකිනෙකාට එරෙහිව සමාව නොදී සිටීම හා තම තමාගේ වෙනස්කම් හඳුනා නොගත්තොත් එය ආත්මික පරාජයට යොමුකෙරේ. තවත් මනුෂ්‍යයෙකු කිතුනුවකු වීමට හිත යොමු කරන්නේ කෙසේද කිතුනුවන්ටත් විසඳා ගැනීමට නොහැකි ප්‍රශ්න ඔවුන් අතරේම තිබේ නම්? කෙසේ වෙතත් සමහර තත්වයන් තිබෙනවා නඩු කීම තමයි එම තත්වයට නියම පිළිතුර. බයිබලයට අනුව සමාදාන කිරීමේ රටාව යොදා ගත්තා නම් (මතෙව් 18:15-17) එමෙන්ම අමනාපවූ කණ්ඩායම තවමත් වැරදි ස්ථානයේම නම් සමහර තත්වයන්ට නීති මාර්ගය තමයි සුදුසුම. මෙය ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කිරීමෙන් පසුව තීරණ ගත යුතුය (යාකොබ් 1:5) හා ආත්මික නායකත්වයෙන් උපදෙස් අනුව විය යුතුය.

1 කොරින්ති 6:1-6 මුළු පරිච්ඡේදයම සභාවේ ඇති බෙදුම් පිළිබඳව කටයුතු කරයි, නමුත් පාවුල්තුමා උසාවියාම පිළිබඳව සඳහන් කරන්නේ ඔහු මේ ජීවිතයේ සිදුවන දේවල් වලට විනිශ්චය ගැන කථා කරද්දීය. පාවුල්තුමා පවසනවා නඩු කීම මෙම ජීවිතයේ දේවල් සභාවට පිටින් සිදුවූ දේවල් වලටයි. සභාවේ ප්‍රශ්න නඩු සභාවට නොගෙන ගිය යුතුය. නමුත් සභාව තුලම විනිශ්චය දිය යුතුය.

ක්‍රියා 21-22 පරිච්ඡේදවල පාවුල්තුමාව සිරභාරයට ගැනීම හා වැරදි ලෙස චෝදනාව වලට ලක් කෙරුනා ඔහු නොකරපු වැරදි වලට. රෝමවරු ඔහුව හිරභාරයට ගත්තා “අධිපතියා ඔහු කොටුවට ගෙන යන්නට අණකොට, මොන කාරණයක් නිසා ඔව්හූ ඔහුට විරුද්ධව එසේ මොර ගැසුවේදැයි දැන ගන්නා පිණිස ඔහුට කසෙන් තලා විභාග කරන්ට නියම කලේය, නමුත් ඔවුන් පටි වලින් ඔහුව බැන්ද විට පාවුල් කථා කොට රෝමයෙක්වූ මනුෂ්‍යයෙකුව විනිශ්චය නොකර කසෙන් තලන්න නුඹලාට අවසර තිබේදැයි ඇසුවේය.” පාවුල් රෝම නීතිය හා ඔහුගේ පුරවැසිභාවය භාවිතා කලේ ඔහුගේ ජීවිතය ආරක්‍ෂා කිරීමට උසාවි ක්‍රමය භාවිතා කිරීමේ වරදක් නැත. එය නිවැරදි අරමුණක් හා පිරිසිදු හිතක් ඇතිව කරනවා නම්.

පාවුල් තවත් ප්‍රකාශ කරනවා, “ඉතින් එකිනෙකා සමග නුඹලාට නඩු ඇතුව තිබීම දැනටම මුළු මනින්ම නුඹලාට පාඩුවක්ය. ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද?” (1 කොරින්ති 6:7). මෙම ස්ථානයේ පාවුල්තුමා සැලකිල්ල දක්වන දෙය නම් අනෙක් ඇදහිලිවන්තයන්ගේ සාක්‍ෂියයි. අපි උපරිම ලාභය ලැබිය යුතුය හෝ චෝදනා කිරීම, ලැබීම යහපත්, අනෙක් කිතුනුවාව උසාවියට ගෙනයාමෙන් ඔහුව / ඇයව දෙවියන් වහන්සේගෙන් ඉවතට ඇද දමනාවාට වැඩිය වඩාත් වැදගත් කුමක්ද?-නීතිමය සටනද? නැති නම් පුද්ගලයාගේ සදාකාලික ආත්මය පිළිබඳ සටනද?

සාරාංශයක් ලෙස, සභා තත්වයන් හේතුවෙන් කිතුනුවන් උසාවි යායුතුද? සැබවින්ම නැත! පුද්ගලික තත්වයන් පිළිබඳව කිතුනුවන් උසාවි යායුතුද? එය මොනයම් ලෙසකින් වලකා ගත හැකි නම්, නැත, කිසිම කිතුනුවෙක් නොඇදහිලිවන්තයෙක්ව පුද්ගලික තත්වයක් මත උසාවි ගෙන ගිය යුතුද? නැවතත්, අපගේ උරුමයන් / අයිතීන් පිළිබඳව වැනි (පාවුල්තුමාගේ උදාහරණය ලෙස) නීතිමය විසඳුමකට යාම යොග්‍යයි.



නැවතත් සිංහල මුල් පිටුවට



නඩුකීම උසාවියාම පිළිබඳව බයිබලයේ කුමක් පවසයිද?