නීතිගරුකත්වය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?




ප්‍රශ්නය: නීතිගරුකත්වය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

පිළිතුර:
“නීතිගරුකත්වය” යන වදන බයිබලයේ සඳහන් නොවේ. එය කිතුනුවන් විසින් ගැලවීම සම්බන්ධයෙන් අධ්‍යාත්මික වර්ධනය විස්තර කිරීමට සහ ඉගැන්වීම් පිළිබඳ ආකල්ප අවධාරණය කරන නීති හා රෙගුලාසි පිළිවෙතක් සඳහා භාවිතා කළ පදයකි. නීතිගරුක අය නීති හා රෙගුලාසි සම්බන්ධව, විශ්වාසයෙන් ඉතා නිවැරදි සත්‍යයට ඇල්මක් දක්වති. ඉගැන්වීම් අනුව මේ තත්වය ප්‍රධාන වශයෙන් දේව කරුණාවට බාධා පමුණුවයි. නීතිගරුක නිලයන් දරණ පුද්ගලයන් බොහෝ අවස්ථාවල නීතිය සම්බන්ධයෙන් සැබෑ කාරණාව දැන ගැන්මට අපොහොසත් වේ. විශේෂයෙන්ම පරණ ගිවිසුමේ මෝ‍ෙසස් අපගේ ගුරුවරයා නැතහොත් උපදේශකයා ගේ නීතියේ අභිප්‍රාය නම් අපව ක්‍රිස්තුස් වහන්සේ වෙතට ගෙන ඒමය (ගලාති 3:24).

ඇදහිලිවන්තයෝ පවා නීතිගරුක විය හැක. ඊටත් වඩා නියම කර ඇත්තේ, එකිනෙකාට දයාන්විත වීමය. “ඇදහිල්ලෙන් දුර්වල තැනැත්තා පිළිගනිල්ලා, එහෙත් සැක සහිතවූ වාද කිරීමට නොවේය”. (රෝම 14:1). කණගාටුවට කාරණාව නම්, අනවශ්‍ය මත සම්බන්ධයෙන් ස්ථීරවම සිතන අය, අනෙක් අයට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට වත් ඉඩ නොදී ඔවුන්ව මිත්‍රත්වයෙන් නෙරපා දැමීමයි, එයත් නීතිගරුකත්වයයි. අද බොහෝ නීතිගරුක ඇදහිලිවන්තයෝ සුදුසුකම් නොලත් පිළිපැදීම් නියම කිරීමෙන් ඔවුන් ඔවුන්ගේ බයිබලය සම්බන්ධ අර්ථකථන හා සම්ප්‍රදායන් වලදී වැරුද්දක් ඇති කරගෙන ඇත. උදාහරණයක් වශයෙන් ආත්මික වීමට නම් දුම් පානයෙන්, මද්‍යසාර පානයෙන්, නැටීමෙන් හා චිත්‍ර පටි නැරඹීම යනාදියෙන් වැළකී සිටිය යුතු බව සිතන අයය. සත්‍ය නම් හුදෙක් මෙවැනි දේ වලින් වැළකී සිටීම අධ්‍යාත්මික බව තහවුරු නොකරයි.

අපොස්තුලු පාවුල්තුමා නීතිගරුකත්වය පිළිබඳව මෙසේ අනතුරු අඟවා ඇත. “නුඹලා ලෝකයේ ගුරුකම් කෙරෙන් වෙන්ව ක්‍රිස්තුස් වහන්සේ සමග මැරුණහු නම්, ලෝකයෙහි ජීවත් වන්නාක්මෙන් මනුෂ්‍යයන්ගේ ශික්‍ෂා හා ධර්ම අනුව අල්ලනනටවත් රසබලන්ටවත් අතගසන්ටවත් එපාය යන නියෝගවලට යටත් වන්නේ මක්නිසාද? මේ සියල්ල පාවිච්චි කිරීමෙන් දිරායන්ට තිබේ. ඒ දේවල් වනාහි කැමති ලෙස නමස්කාර කිරීමෙන්ද පහත්වීමෙන්ද ශරීරයට හිංසාකර ගැනීමෙන්ද ඥානවන්තකමක් මෙන් පෙනේ, නමුත් මාංශයේ තෘෂ්ණ වැලැක්වීම සඳහා ඒවායේ කිසි වටිනාකමක් නැත”. (කොලොස්සි 2:20-23). නීතිගරුක ඇත්තන් යහපත් හා අධ්‍යාත්මික බව පෙනුනත්, නීතිගරුකත්වය අභ්‍යයන්තරව අධ්‍යාත්මික වෙනසක් ඇති කරනවා වෙනුවට හුදෙක් පිටස්තර දර්ශණයක් පමණක් බැවින් දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ඉෂ්ට කිරීමට අසමත් වේ.

නීතිගරුකත්වය යන උගුළට වැටීමෙන් වැළකීමට, අපට අපෝස්තුලු යොහන්තුමාගේ වදන් තදින් අල්ලා ගැනීම මගින් ආරම්භ කළ හැක. “මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙන ලද්දේය, අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙනය”. (යොහන් 1:17) එයින් විශේෂයෙන්ම ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නාවූ සහෝදර සහෝදරියන්ට කරුණාව දැක්වීමද සිහිපත් කරයි. “අනිකෙකුගේ වැඩකාරයා විනිශ්චය කරන්නාවු නුඹ කවුද? ඔහු සිටියත් වැටුණත් ඒක අයිති තමාගේම ස්වාමියාටය. එසේය ඔහු සිටුවනු ලබන්නේය, කුමක් හෙයින්ද ඔහුව සිටුවන්ට ස්වාමින් වහන්සේට බලය ඇත්තේය” (රෝම 14:4). “එසේ නම් නුඹ නුඹේ සහෝදරයා විනිශ්චය කරන්නේ මක්නිසාද? නොහොත් නුඹ නුඹේ සහෝදරයා කුමක් පිණිස සුළු කොට සිතන්නෙහිද? මක්නිසාද අප සියල්ලෝම දෙවියන් වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියෙහි පෙනී සිටින්නෙමුව” (රෝම 14:10).

මෙහිදී අනතුරු ඇඟවීමේ වදනක් අත්‍යවශ්‍යය. අන් අයට කරුණාවන්ත විය යුතු අතර, එසේම ඔවුන්ගේ එකඟ නොවන, තර්ක කළ හැකි කාරණා ඉවසමින් මිත්‍යාවාදය පිළිගැනීමට නොපුලුවන. “සදහටම එක වරක් සැදැහැවතුන්ට බාර දුන් ඇදහිල්ල උදෙසා උද්යෝගිමත්ව සටන් කරන” ලෙස අවවාද කර ඇත (යූද් 3). මෙම මාර්ග සුවක, ප්‍රේමයෙන් හා දයාවෙන් සිහිපත් කර යොදා ගනානේ නම්, අප නීතිගරුකත්වයෙන් හා මිත්‍යාවාදයෙන් ආරක්‍ෂා වේ. “ප්‍රේමවන්තයෙනි, බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්‍ෂා කරපල්ලා” (1 යොහන් 4:1).



නැවතත් සිංහල මුල් පිටුවට



නීතිගරුකත්වය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?