විවිධ මට්ටමේ ස්වර්ගයන් තිබේද?




ප්‍රශ්නය: විවිධ මට්ටමේ ස්වර්ගයන් තිබේද?

පිළිතුර:
විවිධ මට්ටම් සහිත ස්වර්ගයන් තිබෙන්නට හැකිය යන්නට ආසන්නතම කරුණ ශුද්ධ ලියවිල්ලෙන් සොයා ගන්නට ලැබෙන්නේ 2 කොරින්ති 12:2 හි සඳහන් වන “ක්‍රිස්තුස් වහන්සේ තුළ වූ මනුෂ්‍යයයෙක් දනිමි, ඔහු දසසතර අවුරුද්දකට ප්‍රථම තුන්වෙනි ස්වර්ගයට පවා ඇද ගන්නා ලද්දේය. එසේ උනේ ශරීරයෙන් යුක්තවද ශරීරයෙන් වියුක්තවද කියා නොදනිමි, දෙවියන් වහන්සේ දන්නා සේක”. සමහරු මෙය අර්ථ දක්වන්නේ මට්ටම් තුනක ස්වර්ගයන් ඇති බවත්, එක් මට්ටමක් “උත්තරීතර කැපවීමකින් යුක්තවූ කිතුනුවන්” නොහොත ඉතාමත් උසස් මට්ටමේ අධ්‍යාත්මිකතාවයක් අත්පත් කරගත් කිතුනුවන්ටත්, තවත් මට්ටමක් “සාමාන්‍ය” කිතුනුවන්ටත්, අනෙක් මට්ටම දෙවියන් වහන්සේට විශ්වාස වන්තව සේවය නොකල කිතුනුවන්ටත්ය. මෙම දර්ශනයට කිසිඳු පදනමක් ශුද්ධ ලියවිල්ලෙහි සඳහන්ව නොමැත.

ස්වර්ග තුනක් හෝ ස්වර්ගයෙහි මට්ටම් තුනක් හෝ ඇති බවට පාවුලු ප්‍රකාශ නොකරයි. පැරණි සංස්කෘතිවල මනුෂ්‍යයන් “ස්වර්ගය” යන වචනය භාවිතා කලේ වෙනස් “ක්ෂේත්‍රයන්” තුන එනම් ආකාශය, අභ්‍යාවකාශය සහ ආත්මික ස්වර්ගය විස්තර කිරීමටය. මෙම පද නිරූපිත වශයෙන්ම බයිබලය හා සම්බන්ධ නූනත් මේවා පොදුවේ හඳුන්වනු ලබන්නේ පොළොවෙහි පවත්නා සම්පූර්ණ සහ අවසානවූ සහ දිව්‍යමය ස්වර්ගයන්ය. පාවුලු ප්‍රකාශ කරනු ලැබුවේ දෙවියන් වහන්සේ විසින් ඔහුව එතුමන් වැජඹෙන දිව්‍යමය ස්වර්ගයට රැගෙන ගිය බවයි. විවිධ මට්ටමේ ස්වර්ගයන් පිළිබඳව සංකල්පය එළි දැක්වෙන්ට ඇත්තේ ඩාන්ටේ නම්වූ කිවියා දිව්‍ය විකට නාටකය නොහොත් ඉංග්‍රීසියෙන් හැඳින්වෙන ඩිවයින් කොමඩි යන්නෙහි විස්තර කරන ආකාරයට, ස්වර්ගයන් සහ නිරයන් මට්ටම් 9 ක් ඇති බවයි. කෙසේ නමුත් ඩිවයින් කොමඩි යන්න ප්‍රබන්ධ කථාවකි. විවිධ මට්ටමේ ස්වර්ගයන් පිළිබඳ අදහස ශුද්ධ ලියවිල්ලට කිසිඳු සම්බන්ධකමක් නැත.

ස්වර්ගයෙහි ඇති විවිධාකාර විපාකයන් පිළිබඳව ශුද්ධ ලියවිල්ලෙහි නොපවසයි. යේසුස් වහන්සේ විපාකයන් පිළිබඳව පැවසුවේ “මෙන්න ඉක්මනින් එමි. එකිණෙකාට තමතමාගේ ක්‍රියාවේ හැටියට දෙන පිණිස මා සමග විපාක තිබේ” (එළිදරව් 22:12). යේසුස් වහන්සේ පැවසුවේ, එතුමන් නැවත ආ කළ මනුෂ්‍යයන් ඔවුන් කර ඇති දේ පදනම් කොටගෙන ඔවුන්ට විපාක දෙන බවයි. මෙයින් පෙනී යන්නේ ඇදහිලිවන්තයන්ට විපාක ලැබෙන කාලයක් තිබෙන්නට යන බවයි. 2 තිමෝති 4:7-8 හි අපට දක්නට ලැබෙන පරිදි පාවුලු ඔහුගේ කිතුනු සේවාව අවසන් කරමින් සඳහන් කළ වචන වනුයේ “මම යහපත් යුද්ධයෙහි යුද්ධ කළෙමි, මම දිවීම කෙළවර කළෙමි. මම ඇදහිල්ල රක්‍ෂා කළෙමි. මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චය කරාවූ ස්වාමින් වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත. මට පමණක් නොවේ, උන් වහන්සේගේ ප්‍රකාශවීමට ආශාවෙන් සිටන්නාවූ සියල්ලන්ටද දෙනවා ඇත”.

දෙවියන් වහන්සේගේ ගින්නෙන් පිරිසිදු කරනු ලැබූ නමුත් නොනැසී පවතින කර්මාන්ත පමණක් සදාකාලික වටිනාකමක් ඇති සහ විපාක ලැබීමට යොග්‍ය වේ. මෙම වටිනා කර්මාන්ත හඳුන්වනු ලබන්නේ “රන් රිදී සහ අනර්ඝ ගල්” ලෙසින් වන අතර (1 කොරින්ති 3:12) ඒවා ගොඩ නගනු ලබන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇති ඇදහිල්ල නමැති අත්තිවාරම මතයි. යහපත් විපාක නොලැබෙන කර්මාන්ත නම් කරනු ලබන්නේ “ලී තෘණ සහ පිදුරු” ලෙසිනි. මේවා දූෂ්ඨ ක්‍රියා නොවන නමුත් සදාකාලික වටිනාකමක් නොමැති අඥාණ ක්‍රියාකාරකම් වේ. යහපත් විපාකයන් බෙදාහැරීම සිදුවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චායාසනයේ-එනම් විපාක දීමේ අරමුණින් ඇදහිලිවන්තයන්ගේ ජීවිත ඇගයීමට ලක් කරන්නාවූ ස්ථානයකය.

ඇදහිලි වන්තයන්ගේ විනිශ්චය කිසි විටක පාපයන්ට දඬුවම් දීමක් ලෙස සඳහන් නොවේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙහි මැරී අපගේ පාපයන් වෙනුවෙන් දඬුවම් වින්ද සේක. උන් වහන්සේ අප ගැන ප්‍රකාශ කළේ “එසේය, මම ඔවුන්ගේ අධර්මිෂ්ඨකම් ගැන කරුණා කරන්නෙමි, ඔවුන්ගේ පව්ද තවත් සිහි නොකරන්නෙමි” යනුවෙනි. කෙතරම් මහිමාන්විත සිතුවිල්ලක්ද? කිතුනුවන් දඬුවම් පිළිබදව බියකින් පසු නොවිය යුතු නමුත් ගැළවුම්කාරයාණන්ගේ දෙපා ළඟ තැබිය හැකි විපාක නමැති ඔටුනු කෙරෙහි ආශාවෙන් බලාපොරොත්තු විය හැක. එසේ හෙයින් අවසාන නිගමනය වනුයේ, විවිධ මටිටමේ ස්වර්ගයන් නොමැති නමුත් ස්වර්ගයෙහි විවිධාකාර විපාකයන් අන්තර්ගතවේ යනුවෙනි.



නැවතත් සිංහල මුල් පිටුවට



විවිධ මට්ටමේ ස්වර්ගයන් තිබේද?