settings icon
share icon
ප්‍රශ්නය

විවාහයට පෙර යුවලක් එකට ජීවත්වීම වැරදිද?

පිළිතුර


මෙම ප්‍රශ්නයට පිළිතුර රඳාපවතින්නේ “එකට ජීවත්වීම ලෙසට” එනම් ලිංගික සම්බන්ධතාවයන් තිබීමයි, එය නියත වශයෙන්ම වැරදියි. විවාහයට පෙර ලිංගිකත්වය පිළිබඳව පුන පුනා ලියවිල්ලේ වරදට පත්කරයි, අනෙකුත් ලිංගික දුරාචාර සමග (ක්‍රියා 15:20; රෝම 1:29; 1 කොරින්ති 5:1; 6:13; 18; 7:2; 10:8; 2 කොරින්ති 21:21; ගලාති 5:19; එපීස 5:3; කොලොස්සි 3:5; 1 තෙසලෝනික 4:3; යූද් 7). බයිබලයේදී විවාහයට පෙර හා පිට ඇති ලිංගික සම්බන්ධතාවයන් වැලැක්වීම පිළිබඳව සඳහන් කරයි. විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවය වෛශ්‍යාකමටත් අනෙක් ලිංගික දුරාචාර මෙන්ම පාපයයි. මන්ද ඔබ එම සම්බන්ධතාවය තබන්නේ ඔබ විවාහ නොවූ කෙනෙකු සමග නිසා.

“එකට ජීවත්වීම” නම් එකම නිවසේ ජීවත්වීම ලෙස නම් එය සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයක්. අවසානයේදී ස්ත්‍රියකු හා පුරුෂයෙකු කිසිම ලිංගික සම්බන්ධතාවයක් නොමැතිව එකම නිවසේ ජීවත්වීම කිසිම වරදක් නොවේ. කෙසේ වෙතත් එහි මතුවන ප්‍රශ්නය නම් ඒ තුළින් දුරාචාරයේ ප්‍රතිරුව පිළිබි්යඹු වේ (1 තෙසලෝනික 5:22; එපීස 5:3), එමෙන්ම දුරාචාරයට / කාමමිථ්‍යාචාරයට ඉමහත් පරීක්‍ෂාවකි. බයිබලයේ අපට දුරාචාරය දුරලන්න පවසයි, අපගේ ජීවිත නිතර දුරාචාරයේ පරීක්‍ෂාවට යොමු නොකර (1 කොරින්ති 6:18). පෙනෙන දේ පිළිබඳ ප්‍රශ්නයක් මතුවේ. යුවලක් එකට ජීවත්වීම නම් සාමාන්‍යයෙන් එකට නිදා ගැනීමයි-එය ස්වභාවික දෙයකි. එකම ගෙදර ජීවත්වීම පාපය නොවෙන්නට පුලුවන, නමුත් පාපය පිළිබ්ඹුවේ. බයිබලය අපට පාපයේ දර්ශනය පවා එපා කිරීමට පවසයි (1 තෙසලෝනික 5:22; එපීස 5:3), දුරාචාරයෙන් ඉවත්වීමට හා කිසිවකු සිත් රිදවීමට හෝ පැකිළීමට යොමු නොකර පිළිතුරක් වශයෙන් ස්ත්‍රියක් හා පුරුෂයෙකු විවාහයකින් තොරව එකම නිවසේ ජීවත්වීම දෙවියන් වහන්සේට ගෞරව ගෙනදීමක් නොවේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවාහයට පෙර යුවලක් එකට ජීවත්වීම වැරදිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries