settings icon
share icon
ප්‍රශ්නය

බයිබලය තුළ නැතිවූ ග්‍රන්ථ මොනවාද?

පිළිතුර


බයිබලය තුළින් කිසිඳු ග්‍රන්ථයක් නැතිවී හෝ බයිබලය තුළින් ඉවත් කිරීමකට ලක් වී නැත. මේ පිළිබඳව විවිධ මිථ්‍යා කථා (අද්භුත කථා) හා කටකථාවන් පවතින නමුත් මේ සම්බන්ධව කිසිඳු සත්‍යතාවයක් නොමැති වේ. දෙවියන් වහන්සේ විසින් බලාපොරොත්තුවූ හා අනුග්‍රහයෙන් යුක්තව බයිබලය තුළ තිබිය යුතු පොත් අදටත් එලෙසම පවතීයි. බයිබලය ලියවුනාවූ කාල වකවානුව තුළ බයිබලය ලෙසම ලියවුනු තවත් ආගමික ග්‍රන්ථයන් සිය ගණනක් පවතියි. එයින් සමහරක් ග්‍රන්ථ තුළ එවකට සිදුවූ දේ සත්‍ය ලෙසම සඳහන් වන අතර (උදා: 1 මකබීය) තවත් සමහර ග්‍රන්ථ තුළ අධ්‍යාත්මික ඉගැන්වීමි අන්තර්ගත වේ (උදා: සලමොන්ගේ නුවණ). කෙසේ වෙතත්, මෙම පොත් දේව අනුග්‍රහයෙන් යුක්ත නොවූවකි. මෙවැනිවූ ඕනෑම පොතක් කියවීමේදී උදාහරණයක් ලෙස දේවානුභාවයකින් යුක්ත නොවූ පොත්, මේවා වරදින සුළු ඓතිහාසික ගණයට අයත් පොත් වන අතර දේව අනුග්‍රහය සහිතව ලියවුනු නිවැරදි දේව වචනය අයත් පොත් නොවේ (2 තිමෝති 3:16-17).

උදාහරණයක් ලෙස, තෝමස්ගේ ශුභාරංචිය ක්‍රි. පූ. 3 හෝ 4 යන කාලය තුළදී ව්‍යාජ ලෙස ලියවුනු ලිපියකි. එය අපෝස්තුලු තෝමස් විසින් ලියන ලද බවට අයිතිය කියා පායි, නමුත් මෙය තෝමස් විසින් ලියන ලද්දක් නොවේ. මුල් සභාවන් මගින් විශ්වීයව තෝමස්ගේ ශුභාරංචිය ප්‍රතික්ෂේප කරනු ලබන්නේ එය ධර්ම විරෝධී ග්‍රන්ථයක් වැවිනි. ඒ තුළ යේසුස් වහන්සේ විසින් කියපු හා කරනු ලැබූ බොහෝ දේ පිළිබඳව අදහස් මෙන්ම ධර්ම විරෝධී අදහස් එක්කර ඇත. මෙහි ඇතුලත් කිසිවක් සත්‍යයන් නොවේ (සත්‍යයක් පවතීද එය අංශු මාත්‍රක් පමණි). ඒ අතරම “බාර්ණබස්ගේ සංදේශය” ද බයිබලය තුළ සඳහන් බාර්ණබස් විසින් ලියන ලද්දක් නොවේ, නමුත් මෙය එවැනි වූ ප්‍රතිරූපකයෙකු මගින් සිදු කරන ලද්දකි. පිලිප්ගේ ශුභාරංචිය හා පේදුරුගේ එළිදරව්ව මෙම ගණයට අයත් වන පොත් කීපයකි.

ඇත්තේ එක දෙවි කෙනෙක් පමණී. බයිබලය තුළ සිටින්නේද එක් මැවුම්කරුවෙක් පමණි. එය එක් පොතකි, ඒ තුළ එක් ශිෂ්ටත්වය මත පදනම් වූ සැලැස්මක් ආරම්භය තුළින් සඳහන් වන අතර එය දක්‍ෂභාවය හා පරිපූර්ණභාවය මත පදනම් වී ඇත. නියමයන් හා ගෞරවයන් තුළින්, දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ සෙනග එතුමන්ගේ උත්කර්ෂවත් නාමය උදෙසා මුදවා ගැනීම ඇතුලත් වේ. දේව වචනය තුළ දෙවියන් වහන්සේගේ මුදවා ගැනීමේ ක්‍රියාවලිය මගින් නිතිපතා සඳහන් වන්නාවූ තේමාවන් මගින් අවධාරනය කරනු ලබන්නේ, දෙවියන් වහන්සේගේ චරිතය, පාපයේ හා අදකීකරුකමේ ඵල විපාක, විශ්වාසවන්තකමේ හා කීකරුකමේ ආශීර්වාද, ගැලවුම්කරුවාණන්වූ දෙවියන් වහන්සේගේ පාප පූජාව, එන්නාවූ රාජය්‍යය හා එහි මහිමය යනාදිය පිළිබඳවය. දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වන්නේ අප මෙම මාතෘකාවන් පහ ඉතා හොඳින් තේරුම් ගැනීම වන අතර ඊට හේතු වන්නේ අපගේ ජීවිත මෙන්ම සදාකාලික ජීවනයද ඒ මත රඳා පවතින නිසාවෙනි. මේ අනුව, දෙවියන් වහන්සේ විසින් මෙවැනිවූ තොරතුරු මහත් සංඛ්‍යාවක් නැතිවීමට ඉඩ හැර බලා සිටියද යන වග විශ්වාස කිරීමට අපහසුය. බයිබලය පරිපූර්ණය, ඒ වගේම බයිබලය කියවන්නාවූ යම් කෙනෙක් වේද ඔහුද පරිපූර්ණත්වයට මෙන්ම ඕනෑම අයෙකු ඕනෑම කාර්යයකට සූදානම් කිරීමට හැකියාවක් පවතියි (2 තිමෝති 3:16:17).

English



නැවතත් සිංහල මුල් පිටුවට

බයිබලය තුළ නැතිවූ ග්‍රන්ථ මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries