settings icon
share icon
ප්‍රශ්නය

කිතුනු කාන්තාවන්ට ආභරණ පැළඳීම හා රූපලාවන්‍ය කිරීම කළ හැකිද?

පිළිතුර


1 සාමුවෙල් 16:7 සනාථ කරන්නේ, ස්වාමින් වහන්සේ මනුශ්‍යා බලන්නාක් මෙන් නොබලන සේක. මනුශ්‍ය තෙමේ පිටස්තර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමින් වහන්සේ සිත බලන සේම.1 තිමෝති 2:9 දක්වා පවසන්නේ, එසේම ස්ත්‍රින් ලැඡ්ඡාවෙන් හා විනීතභාවයෙන් යුක්තව, ඔබින වස්ත්‍ර ඇඳ, ඉසකේ ගෙතීමෙන්වත්, රනින්වත්, මුතු වලින්වත් අනර්ඝ වස්ත්‍ර වලින්වත් නොව, දේව භක්ති නාමය දරන ස්ත්‍රින්ට සුදුසු ලෙස යහපත් ක්‍රියා වලින් සැරසෙනවාට කැමැත්තෙමි. පාවුල් තුමා සැබවින්ම කාන්තාවන්ට ඒ දේවල් නොකිරීමට අණ කළා නොව, තමාගේ පිටත ස්වරූපයට වඩා අභ්‍යන්තරය හෙවත් ඇතුලාන්තය ගැන සැළකිලිමත් විය යුතුය.

පේත්‍රැස් මෙම ආත්මික කරුණ ගැන පවසන්නේ මේ ආකාරයෙනි: නුඹලාගේ අලංකාර වීම, හිසකේ ගෙතීමද, ස්වර්ණාභරණ පැළඳීමද, නොහොත් වස්ත්‍ර හැඳීමද යන පිටත අලංකාරය නොව, දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඉතා අනර්ඝව තිබෙන මෘඳුවූ නිශ්වල වූ ගතියක් නමැති දිරානොයන සැරසීමෙන් යුක්ත වූ සිතේ ඇතුල් මනුෂශ්‍යා වේවා. යම්කිසි වැදගත් හා අන්අයට ප්‍රසන්න ආකාරයට ආභරණ පැළඳීම, රූපලාවන්‍ය කටයුතු කිරීම, හිසකේ අලංකරණය කිරීමේ වරදක් බයිබලයේ හෝ සමාඡයේ සඳහන් වන්නේ නැත. කාන්තාවන් බොහෝ සේ තමන්ගේ පිටස්තර පෙනුම ගැන සැළකිලිමත් වීම, ඇගේ අභ්‍යන්තර හෙවත් ආත්මික ඡීවිතය යම්තාක් දුරකට මඟ හැරීමට ඉඩකඩ වැඩිය. බයිබලය බොහෝ ලෙස අරමුණු කර ගන්නේ හදවත පිළිබඳවය. කිසියම් කාන්තාවකු තම මුදල් හා කාලය වැය කරනවානම්, ඇගේ මූලිකත්වය දී තිබෙන්නේ වැරදි දෙයකටය. ඉතා මිලෙන් අධික ස්වර්ණාභරණ හා ඇඳුම් පැළදුම් වලට වියදම් කරයි නම් එය තවත් ප්‍රශ්නයක ප්‍රාරම්භයකි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනු කාන්තාවන්ට ආභරණ පැළඳීම හා රූපලාවන්‍ය කිරීම කළ හැකිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries