settings icon
share icon
ප්‍රශ්නය

මෘගයාගේ ලකුණ කුමක්ද (666)?

පිළිතුර


“මෘගයාගේ ලකුණ” පිළිබඳව අවධාරණය කරන ප්‍රධාන බයිබල් කොටස වන්නේ එළිදරව් 13:15-18. අනෙක් ස්ථාන නම් එළිදරව් 14:9, 11, 15:2, 16:2, 19:20 සහ 20:4. මේ ලකුණු ක්‍රියාත්මක වන්නේ අන්තක්‍රිස්තුස් හා බොරු අනාගතවක්තෘන් අනුගමනය කරන්නන්ට (අන්තක්‍රිස්තුස් වෙනුවෙන් කථා කරන්නා). බොරු අනාගතවක්තෘන් (දෙවන මෘගයා) තමයි මනුෂ්‍යයන්ව මේ ලක්ෂණ ගැනීමට හේතුවන්නා වේ. මේ ලකුණ බොහෝවිට අතේ හෝ නළලේ කොටන ලකුණක් වේ. එය කෙනෙකු අරගෙන යන කාඩ් පතක් නොවේ.

දැන් අළුත් / නවීන තාක්ක්‍ෂණය මේ එළිදරව් පොතේ 13 වන පරිච්ඡේදයෙහි සඳහන් කරන මෘගයාගේ ලකුණ පිළිබඳව ගොඩක් අවධානය යොමු කරයි. ඉන් අදහස් කිරීමට උත්සහ දරන්නේ අද අප සමාජයේ ඇති තාක්ක්‍ෂණය මෘගයාගේ ලකුණ කරා ගෙනයාමේ ආරම්භය විය හැකිය. අප තේරුම් ගැනීමට අවශ්‍ය දෙය නම් වෛද්‍යකර්ම රෝපණ කැබැල්ල මෘගයාගේ ලකුණ නොවේ. මෙම ලකුණ දෙනු ලබන්නේ අන්තක්‍රිස්තුස්ව නමස්කාර කරන්නන්ට පමණක් වේ. වෛද්‍යකර්ම හෝ ආර්ථිකයට සම්බන්ධ කිසිම උපකරණයක් ඔබගේ දකුණතට හෝ නළලට සම්බන්ධ කිරීම මෘගයාගේ ලකුණ නොවේ. එම ලකුණ අවසාන කාලයේදී අන්තක්‍රිස්තුස් විසින් හඳුන්වා දෙන දෙයක් විකිණීමට හා මිලදී ගැනීමට ආවේනිකව, එමෙන්ම එය දෙනු ලබන්නේ අන්තක්‍රිස්තුස් නමස්කාර කරන්නන්ට පමණි.

එළිදරව් පොත මනා ලෙස අධ්‍යනයකෙරු අය සැබවින්ම මෘගයාගේ ලකුණේ ස්වභාවය පිළිබඳව පැහැදිලි කිරීමට තාක්‍ෂණ කැබැල්ලට ඇතුලත් කිරීමට අමතරව තවත් අවධානය යොමු වන දෙයක් නම් හැඳුනුම් පතක්, රහසිගත අංකයක් පච්චයක් සේ හම මත කෙටීම, අන්තක්‍රිස්තුස්ගේ රාජ්‍යයට විශ්වාස හිමිකරුවෙක් ලෙසට හඳුන්වා දෙයි. අවසාන කෝණයෙන් බැලූ දෙයට අඩු අවධානයක් හිමි වේ. මන්ද එහි බයිබලයේ අපට දී ඇති තොරතුරු වලට අමතරව කිසිම තොරතුරක් එය නොසපයි. වෙනත් වචන වලින්, මේ දේවල් වලින් එකක් හෝ සිදුවිය හැකිද? නමුත් ඒ අවස්ථාවේදීම ඒවා සියල්ල අනුමාන කිරීම්, මේ කරුණු වල තොරතුරු දත්ත සෙවීමට අප එතරම් කාලය වැය කිරීමක් නොකල යුතුය.

666 හී තේරුම ගුප්ත වේ. සමහර අය අනුමාන කරනවා 2006 ජූනි 06 වන දාට එහි සම්බන්ධකමක් ඇති බවට-06/06/06. කෙසේ වෙතත්, එළිදරව් 13 වන පරිච්ඡේදයෙහි 666 ඉලක්කමෙන් හඳුන්වනු ලබන්නේ පුද්ගලයෙක්ව දවසක් ගැන නොව. එළිදරව් 13:18 අපට පවසනවා “මෙහි ප්‍රඥාව ඇත්තේය. නුවණ ඇත්තා මෘගයාගේ ගණන ගණන් කරාවා, මක්නිසාද ඒක මනුෂ්‍යයෙකුගේ ගණනක්ය. උගේ ගණනද හයසිය හැට හයක්ය.” කෙසේ වෙතත්, 666 ඉලක්කමින් අන්තක්‍රිස්තුස්ව හඳුන්වනු ලබයි. බොහෝ බයිබල් අධ්‍යනය කරන්නෝ මේ 666 විස්තරාත්මකව තෝරා බේරා ගැනීම උත්සහ කලේය. කිසිවක් තීරණාත්මක තීරණයකට නොපැමිණියේය. ඒනිසයි එළිදරව් 13:8 හී පවසන්නේ ගණන තුළ ප්‍රඥාව ඇති බවට. අන්තක්‍රිස්තුස් ප්‍රකාශය වූ කළ (2 තෙසලෝනික 2:3-4), එය පැහැදිලිය. ඔහු කව්ද? 666 ඔහුට ආවේනික වන්නේ කෙසේද කියා.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මෘගයාගේ ලකුණ කුමක්ද (666)?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries