settings icon
share icon
ප්‍රශ්නය

විවාහය පැවතීමට සැලසීම-ප්‍රධාන දේ කුමක්ද?

පිළිතුර


(රෝම 7:2) හී පාවුල්තුමා පවසනවා භාර්‍යාව පුරුෂයාට ඇය ජීවත්ව සිටින තුරු “බැඳී” සිටින බවට. මෙහි ඇති මූලධර්මය නම් දෙදෙනාගෙන් කෙනෙකු මිය යාමට අවශ්‍යයි විවාහ බැම්ම කැඩෙන්ට පෙර. මෙය දෙවියන් වහන්සේගේ ආඥාවයි, නමුත් අද නවීන සමාජයේ විවාහය අවසන් වන්නේ දික්කසාදයෙන් 51% එකකදී. ඉන් අදහස් වන්නේ ගිවිසුම් තබන්නාවූ යුවල වලින් භාගයක්ම “මරණය දක්වා එකට ජීවත්වීම” යන පොරොන්දුව කඩ කරන බවයි.

තම විවාහය පවත්වා ගැනීමේ ස්ථීරත්වය ලැබීමට යුවලක් විසින් කළ හැක්කේ කුමක්ද? පළමු හා ප්‍රධාන වැදගත්ම දේ දෙවියන් වහන්සේට හා උන් වහන්සේගේ වචනයට කීකරුවීම. මෙය විවාහයට පෙර සිටම තිබිය යුත්තකි. දෙවියන් වහන්සේ පැවසුවා, “දෙදෙනෙක් එකඟ නොවී එකට ගමන් කළ හැකිද?” (ආමෝස් 3:3). නැවත ඉපදුනාවූ ඇදහිලිවන්තයෙකුට මෙය වන්නේ නොඇදහිලිවන්තයෙකු සමග සමීප සම්බන්ධතාවයක් ඇති කර නොගැනීමයි. “නොඇදහිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙල්ලා. ධර්මිෂ්ඨකමෙත් අධර්මිෂ්ඨකමෙත් ඇති සහභාගිකම මොකද? නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකද?” (2 කොරින්ති 6:14). මේ මූලධර්මය අනුගමනය කළොත් විවාහයෙන් පසුව ඇතිවන සිත් තැවුල් ප්‍රශ්න බොහෝමයක් වලකී.

විවාහය දීර්ඝව පැවතීමට තවත් හේතුවක් නම් පුරුෂයා දෙවියන් වහන්සේට කීකරුව හා ඔහුගේ භාර්‍යාවට ප්‍රේමවී, ගරුකර, ආරක්‍ෂා කරනවා නම් තමාට මෙන් (එපීස 5:25-31). සමව පවතින මූලධර්මයක් නම් භාර්යාකව විසින් දෙවියන් වහන්සේට කීකරුව තම ස්වාමියාට යටහත්ව සිටිය යුතුයි දෙවියන් වහන්සේට මෙන් (එපීස 5:22). පුරුෂයකු හා ස්ත්‍රියක අතර විවාහයේ පින්තාරුව ක්‍රිස්තුස් වහන්සේ හා සභාව අතර ඇති සම්බන්ධතාවයට සමාන වේ. ක්‍රිස්තුස් වහන්සේ සභාව වෙනුවෙන් තම ජීවිතය පුදලා, ඇයට ප්‍රේම කර, ගරුකර, ආරක්‍ෂා කර තම “මනාලිය” ලෙසට (එළිදරව් 19:7-9).

පළමු විවාහයේදී දෙවියන් වහන්සේ ආදම් වෙතට ඒවව ගෙනා කළ ඇයව සාදනු ලැබුවේ ඔහුගේම “මාංශයෙන් හා කටුවෙන්” (උත්පත්ති 2:21) එවිට ඔවුන් “එක මාංශයක්” (උත්පත්ති 2:23-24). එක මාංශයක් වීම නම් ශාරීරික සම්බන්ධතාවයට වඩා වැඩි දෙයකි. එය නම් මනස හා ආත්මයද එකම දේ තුළ සම්බන්ධවීමය. මේ සම්බන්ධතාවය ලිංගික හා හැඟීම් වෙතට ඇද ගැනීමේ හා ආත්මික “ඒකත්වයට” යොමු කරයි. එය සොයාගත හැක්කේ දෙදෙනා දෙවියන් වහන්සේටත් දෙදෙනාටත් යටහත් වූ විට දීය. මේ සම්බන්ධතාවයේ මධ්‍යස්ථය “මම හා මගේ” යන්න නොවේ, නමුත් “අපි හා අපේ” යන්න මත වේ. මෙය දීර්ඝ විවාහයක එක් රහසකි. මරණය තෙක් විවාහය පවත්වා ගැනීම දෙදෙනාගේම අභිප්‍රාය විය යුතුය. දෙවියන් වහන්සේ සමග සෘජුව සම්බන්ධවීම භාර්‍යාව හා පුරුෂයා අතර සමාන්තර සබධතාවයට යොමු කරයි. එය දීර්ඝව පවතී, එමෙන්ම එය දෙවියන් වහන්සේ ගෞරව කරයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවාහය පැවතීමට සැලසීම-ප්‍රධාන දේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries