settings icon
share icon
ප්‍රශ්නය

විවාහය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?

පිළිතුර


මෙය පිළිතුරු දීමට අපහසු ප්‍රශ්නයකි, මන්ද බයිබලයේ විස්තරාත්මකව පවසනවා යුවලක් විවාහවිය යුතු අවස්ථාව දෙවියන් වහන්සේ සිතන අයුරින්. පොදු සාදක තුනක් ඇත: 1) දෙවියන් වහන්සේ විවාහවූ යුවලක් ලෙසට පිලිගන්නේ නීතිමය ලෙසට විවාහවූ යුවලක් 2) යම් කිසි විවාහ ක්‍රමයකට අනුව විවාහවූ අයයි දෙවියන් වහන්සේ ඉදිරයේ විවාහ වන්නේ 3) ලිංගික සම්බන්ධතාවය සම්පූර්ණවූ විට එම යුවල විවාහක බවට දෙවියන් වහන්සේ පවසයි. මේ කරුණු තුන හදාරා බලමු කුමන ලෙස දුර්වලතා හා ශක්තිමත් භාවයක් ඊට ඇද්ද කියා.

1) දෙවියන් වහන්සේ යුවලක් නීතියෙන් විවාහවූවිට ඔවුන් විවාහක යුවලක් ලෙසට පිලිගනී. මෙම පාඨයට නිසිම ලියවිලි කොටස අඩංගු වන්නේ රජයට කීකරුවීම (නීතියට කීකරුවීම) යන කොටසය (රෝම 13:1-7, 1 පේත්‍රැස් 2:17). තර්කය නම් රජය විසින් විවාහයකදී යම්කිසි ලිය කියවිලි සම්පූර්ණ කිරීමක් පනවා ඇත්නම් විවාහයක් සිදුවීමට පෙර, එසේ නම් ඒ යුවල ඒ අණ නියත වශයෙන්ම සම්පූර්ණ කළ යුතුය. නියත වශයෙන්ම යුවල විසින් රජයෙන් පණවන නීති වලට යටත් විය යුතුය. එම නීති දේව වචනයට පටහැනි නොවූ හා සාධාරණ නම්. රෝම 13:1-2 අපට පවසනවා, “හැම දෙනාම බලයලත් මුලාදෑනින්ට යටත් වෙත්වා, මක්නිසාද දෙවියන් වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකමි් දෙවියන් වහන්සේ විසින් නියම කර තිබේ. එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන් වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය.”

මෙම කරුණ පිළිබඳ සමහර දුර්වලතා හා ප්‍රශ්න මතුවේ. පළමුව, රජයක් බිහිවීමට පෙර විවාහ සිදුවී තිබීමයි. අවුරුදු දහස් ගණන්,මිනිසුන් විවාහ සහතික නොමැතිව විවාහ වී ඇත. දෙවනුව, අදටත් සමහර රටවල විවාහය පිළිබඳ නීතිමය පිළිගැනීමක් නැත, එමෙන්ම රජයකින් පිළිගැනීමක්ද නැත. තෙවනුව, සමහර අවස්ථාවල විවාහයට පෙර යම් ක්‍රියා මාර්ග සමහර රජයන් වලින් බයිබලයට විරුද්ධ ලෙසට ඉදිරිපත් කරයි. උදාහරණයක් වශයෙන් සමහර රටවල විවාහ උත්සවය කතෝලික සභාවක, කතෝලික ඉගැන්වීමි හා කතෝලික පූජක තුමකුගේ උපදෙස් යටතේ විය යුතු බවට නීතියයි. සැබවින්ම කතෝලික විශ්වාසය, ඉගැන්වීම් වල විවාහය සප්‍රසාදයක් ලෙසට තේරුම් කිරීම එය කතෝලික සභාවේ විවාහවීමට එම අදහස් වලට එකඟ නොවන කෙනෙකුට අපහසුය.

2) යුවලක් සම්ප්‍රධායික විවාහ උත්සවයකට සහභාගිවූවිට දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ විවාහක අය බවට පත්වීම. එය බොහෝ සංස්කෘති වලට සමාන පියා විවාහය උත්සවය තුලදී තම දියණිය බාරදීම, සමහරු එය දෙවියන් වහන්සේ ආදම් වෙතට ඒව ගෙනාවා යන්න සංකේත කරයි (උත්පත්ති 2:22) දෙවියන් වහන්සේ පළමු විවාහය කරදුන්නා “උත්සවය.” යොහන් 2 පරිච්ඡේදය යේසුස් වහන්සේ මංගල්‍යකට සහභාගි වනවා එම අවස්ථාවේ සිදුවීමට උන් වහන්සේ එකඟ නොවෙනවා නම් උන් වහන්සේ එම උත්සවයට නොයා ඉඳීවි. යේසුස් වහන්සේ එම විවාහ උත්සවයට සහභාගිවුන නිසා අනිවාර්‍යයෙන්ම විවාහයේදී දෙවියන් වහන්සේට උත්සවයක් තිබිය යුතුම නොවේ. නමුත් එම විවාහ උත්සව උන් වහන්සේ පිළිගන්නා බව තහවුරුය. සෑම සංස්කෘතියකම විවාහයකදී යම් කිසි ලෙසට උත්සවයක් සැලසුම් කිරීම සාමාන්‍ය දෙයකි. සෑම සංස්කෘතියකම අවස්ථාවක් ඇත, ක්‍රියා වලියක්, ගිවිසුමක් හෝ ප්‍රකාශණයක්, එය තුළින් පුරුෂයා හා ස්ත්‍රිය විවාහක බවට ප්‍රකාශ කරයි.

3) දෙවියන් වහන්සේ යුවලක් ලිංගික සම්බන්ධතාවයකට ඇතුල් වූවිට ඔවුන් විවාහක යුවලක් හැටියට පවසයි. සමහරු අසනවා ඕනම ගෑනියකුයි පිරිමියකුයි ලිංගිකව සම්බන්ධ උනොත් ඔවුන් අඹුසැමියන් බවට පත්වෙනවද යන්න? එවැනි දෙයක් බයිබලයට අදාල නැත. බයිබලය සඳහන් කරන්නේ අඹුසැමියන් යන සම්බන්ධය සම්පූර්ණත්වයට එක මාංශයක් බවට පත්වන්නේ ලිංගික සම්බන්ධතාවය සම්පූර්ණවූවිටය (උත්පත්ති 2:24; මතෙව් 19:5; එපීස 5:31). මේ කරුණ තුළ ලිංගික සබඳතාවය විවාහය සම්පූර්ණත්වයට ගෙන එන අවසාන මුද්‍රාවයි. කෙසේ වෙතත් යුවලක් සම්ප්‍රධායික හා නීතිමය ලෙස විවාහවී නම් නමුත් යම් හේතුවක් නිසා ලිංගික සබඳතාවයට ඇතුල්වීම නොහැකිවී ඇත්නම්, එම යුවල විවාහ ලෙසට පිළිගනු ලැබේ.

සාමාන්‍ය විවාහයකදී සිදුවිය යුතු අන්කිසිම සම්ප්‍රධායික හෝ නීතිමය හෝ දෙයක් සම්පූර්ණ නොකර ලිංගික සබඳතාවය පමණක් සම්පූර්ණ කළ පලියට එම දෙදෙනා විවාහක යුවල ලෙසට පිළිගත නොහැක. 1 කොරින්ති 7:2 හී විවාහයට පෙර ලිංගිකත්වය කාමමිථ්‍යාචාරය ලෙසට පවසයි. යම් යුවලක් ලිංගිකව සම්බන්ධවීම ඔවුන්ව විවාහවීමට පොළොඹවා ඔවුන් විවාහ වුවහොත් එම ස්ථානය දුරාචාරය ලෙස නොපවසයි. නමුත් බයිබලයේ විවාහයට පෙර ලිංගික සබඳතා පවත්වා ඊට පසු විවාහවීම යහපතැයි නොපවසයි. විවාහවී ඊට පසු ලිංගිකත්වයට ඇතුල්වීම ගරු කළ යුතුය, දෙවියන් වහන්සේට ගෞරවයකි.

කුමන විවාහ නිර්මානයද දෙවියන් වහන්සේගේ ඇස් ඉදිරියේ යහපත්? පහත සඳහන් මූලධර්ම අනුගමනය කළ යුතු වේ. 1) ඉල්ලීම් සාදාරණ හා බයිබලයට පටහැනි නොවීම, යුවල විසින් රජයේ විවාහය පිළිගැනීමට තබා ඇති නීති මාලාවට යටත් විය යුතු වේ. 2) සාම්ප්‍රධායිකව විවාහක යුවලක් ලෙසට සමාජයේ පිළිගැනීමට ලක්වන ලෙසට ඔවුන් සාම්ප්‍රධායික විවාහයකට මුහුණ දිය යුතුය. 3) හැකි නම්, යුවල විසින් එකම මාංශය යන මූලධර්මය සම්පූර්ණ කිරීමට ලිංගිකව දෙදෙනා සම්බන්ධ විය යුතුය.

මේ මූලධර්ම වලින් එකක් හෝ කිහිපයක් සම්පූර්ණ නැති නම් කුමක් වේද? එවැනි යුවලක් තවමත් දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ විවාහවූ යුවලක් වේද? අවසානයේදී එය දෙවියන් වහන්සේ හා යුවල අතරයි. දෙවියන් වහන්සේ අපගේ හදවත දන්නවා (1 යොහන් 3:20). දෙවියන් වහන්සේ දන්නවා සැබෑ විවාහ ගිවිසුමත්, එසේම ලිංගික අපචාරය නිවැරදි කිරීමට උත්සහ දැරීමත් උන් වහන්සේ හඳුනනවා.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවාහය පිළිබඳව බයිබලය කුමක් පවසයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries