settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවකු ඔහු හෝ ඇය නොඇදහිලිවන්තයෙකු හා සමග විවාහ වී සිටින්නේ නම් කුමක් කළ යුතුවේද?

පිළිතුර


නොඇදහිලිවන්තයෙකු හා සමග විවාහ වී සිටීමට කිතුනුවකුගේ ජීවිතයේ ඉතාමත් අසීරුම අභියෝගය විය හැක. විවාහයවූ කලී පුද්ගලයන් දෙදෙනෙකු එක් මාංශයක් ලෙස සම්බන්ධ කරන්නාවූ ශුද්ධ ගිවිසුමකි (මතෙව් 19:5). ඇදහිලිවන්තයෙකුට සහ නොඇදහිලිවන්තයෙකුට සාමාකාමි එකඟත්වයකින් ජීවත්වීම ඉතා දුෂ්කර විය හැක (2 කොරින්ති 6:14-15). එක් සහකරුවෙකු විවාහයෙන් පසුව කිතුනුවකු බවට පත් වුවහොත් ආධිපත්‍යයන් දෙකොටසක් යටතේ ජීවත්වීම තුළ අන්තර්ගතවී ඇති අරගලය යුහුව මනා ලෙස පැහැදිලිවේ.

බොහෝවිට කිතුනුවන් මෙවන් තත්වයන් හිදී එම විවාහයෙන් ඉවත්වී යාමට මාර්ගයක් සොයනුයේ සත්‍ය වශයෙන්ම දෙවියන් වහන්සේට ගෞරවය ගෙන දිය හැක්කේ මේ තුළින්ය යන ඒත්තු ගැනීමෙනි. එනමුත් උන් වහන්සේගේ වචනයෙහි ඊට ප්‍රතිවිරුද්ධ කරුණක් ප්‍රකාශ කරනු ලබයි. අප සිටින්නාවූ තත්වය පිළිබඳව කිසිසේත්ම සෑහීමට පත් නොවීම ඉතා වැදගත් වන නමුත් අප ගමන් ගන්නාවූ අභියෝගමත් ස්වභාවය තුළදීත් එතුමන්ට මහිමය ගෙන දෙන ආකාරයෙන් සොයා බැලිය යුතුවෙි. (1 කොරින්ති 7:17). බයිබලය නිරූපිත වශයෙන්ම නොඇදහිලිවන්තයන් හා සමග විවාහ වී සිටින්නවුන්ට 1 කොරින්ති 7:12-14 මගින් ආමන්ත්‍රණය කෙරේ. “නමුත් සෙස්සන්ට ස්වාමින් වහන්සේ නොව මම කියමි. යම් සහෝදරයෙකුට නොඇදහිලිකාර භාර්යාවක් සැති නම්, ඈ ඔහු සමග වාසය කරන්ට කැමතිනම්, ඔහු ඈ අත් නොහරීවා. යම් ස්ත්‍රියකට නොඇදහිලිකාර පුරුෂයෙක් ඇත්නම්, ඈ ඔහු අත් නොහරීවා. මක් නිසාද නොඇදහිලිකාර පුරුෂයා භාර්යාව නිසා ශුද්ධ කරනු ලැබ සිටියි, නොඇදහිලිකාර භාර්යාවද සහෝදරයා නිසා ශුද්ධ කරනු ලැබ සිටියි.”

නොඇදහිලිවන්තයෙකු හා සමග විවාහවී සිටින කිතුනුවකු, තමාට ක්‍රිස්තුස් වහන්සේ පිළබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරීම පිණිසත් දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය නමැති ආලෝකය තුළ ජීවත් වීමටත් හැකි වන පිණිස ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය සඳහා යාච්ඤා කළ යුතු වේ (1 යොහන් 1:7). ඔවුන් විසින් දෙවියන් වහන්සේගේ පරිණාමත බලය සෙවිය යුත්තේ ඔවුන්ගේ හදවත් වෙනස් කිරීම සඳහාත් ශුද්ධාත්ම ඵල උත්පාදනය කිරීම සඳහාත්ය (ගලාති 5:22-23). කිතුනු භාර්යාවක් තම නොඇදහිලිවන්ත ස්වාමිපුරුෂයා කෙරෙහි පාවා යටත් වූ හදවතකින් සිටීමට ගැතිව සිටියි (1 පේත්‍රැස් 3:1), එසේම ඇයට දෙවියන් වහන්සේ හා සමග සමීපව රැඳී සිටීමට මෙන්ම ඇයට එසේ කිරීමට හැකි වනු පිණිස උන් වහන්සේගේ කරුණාව මත බලාපොරොත්තු තැබිය යුතු වේ.

හුදෙකලා ලෙස ජීවත්වීමට කිතුනුවන්ගෙන් අදහස් නොකෙරේ, ඔවුන් පරිබාහිර ප්‍රභවයන් වන සභාව සහ බයිබල් අධ්‍යයන කණ්ඩායම් තුළින් උපකාට ලබා ගත යුතු වේ. නොඇදහිලිවන්තයෙකු සමග විවාහවී සිටීමසම්බන්ධතාවයේ ශුද්ධ භාවය වෙනස් නොකරන අතරම සෑම කිතුනුවකුගේම ප්‍රමුඛත්වය විය යුත්තේ ඔහුගේ හෝ ඇයගේ විවාහකයා උදෙසා යාච්ඤා කිරීම සහ ක්‍රිස්තුස් වහන්සේගේ ආලෝකය දීප්තිමත්ව බැබලීමට ඉඩ හරින පිණිස යහපත් ආදර්ශයක් වීමය (පිලිප්පි 2:14). 1 පේත්‍රැස් 3:1 හී ස්ථාපනය වී ඇති සත්‍යය-එනම් නොඇදහිලිවන්ත විවාහයෙකු දිනා ගැනීම නොඇදහිලිවන්තයෙකු හා සමග විවාහවී ඇති සෑම කිතුනුවකුගේම ප්‍රාර්ථනය සහ අභිමතාර්ථය විය යුතු වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවකු ඔහු හෝ ඇය නොඇදහිලිවන්තයෙකු හා සමග විවාහ වී සිටින්නේ නම් කුමක් කළ යුතුවේද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries