settings icon
share icon
ප්‍රශ්නය

ජීවිතයේ අර්ථය කුමක්ද?

පිළිතුර


ජීවිතයේ අර්ථය කුමක්ද? ජීවිතයේ අරමුණ, සමිපූර්ණත්වය හා තෘප්තිමත් බව මා සොයා ගන්නේ කෙසේද? නිත්‍ය වැදගත්කමේ යම් දෙයක් සම්පූර්ණ කරගැනීමට මා සතුව ශක්තියක් තිබේද? ජීවිතයේ අර්ථය කුමක්දැයි යන්න ගැන සිතීම බොහෝ දෙනා නවතා දමා නොමැත. ඔවුන් වසර ගණනාවකට පසු හැරී බලා ඔවුන්ගේ සම්බන්ධතා දෙකඩ වූයේ මන්දැයි හා ඔවුන් සම්පූර්ණ කරගැනීමට අපේක්‍ෂා කළ දේ ලබා සිටියදීත් හිස් බවක් දැනෙන්නේ මන්දැයි පුදුම වෙති. කීර්තියේ හිණි පෙත්තට නැඟි එක්තරා බේස් බෝල් ක්‍රීඩකයෙකුගෙන් මෙසේ විමස “ඔබ ප්‍රථම වතාවට බේස් බෝල් ක්‍රීඩා කළ අවස්ථාවේ ඔබට යම් කෙනෙකු කුමක් ප්‍රකාශ කරයි කියා බලාපොරොත්තු වුනාද?” ඔහු මෙසේ පිළිතුරු දුන්නා, “ඔබ උඩටම ගියාම එහි කිසිවක් නැහැ කියා මට කිවිවා නම් හොඳයි.” බොහෝ අරමුණු තුළ හිස් බව අනාවරණය වන්නේ ඔවුන් ඒවා පසුපස ගොස් වසර ගණනක් නාස්ති කිරීමෙන් පසුවය.

අපගේ මානවවාදී සමාජය තුළ සෙනඟ බොහෝ අරමුණු පසුපස හඹා යති. ඔවුන් සිතන්නේ ඒ තුළින් අර්ථවත් බවක් සොයාගත හැකි බවය. මේවා අතරට ව්‍යාපාර සඵලත්වය, ධනය, හොඳ සම්බන්ධතා කාමය (ලිංගත්වය), විනෝදය, අනුන්ට යහපත කිරීම වැනි දේ ඇතුළත් වේ. තමන්ගේ ධනයේ, සම්බන්ධතාවල හා විනෝදයේ ඉලක්කයන් සපුරා ගත්තද එහි තදබල හිස් කමක්-කිසිවකින් පිරවිය නොහැකි හිස්කමේ හැඟීමක් දැනෙන බව සාක්‍ෂිදරා ඇත.

ශුද්ධ බයිබලයේ දේශනාකාරයා පොතෙහි රචකයා “නිෂ්ඵලය! නිෂ්ඵලය! මුළුමනින් නිෂ්ඵලය! සියල්ල නිෂ්ඵලය” යි ප්‍රකාශ කළ අවස්ථාවේ එම හිස්කම සඳහන් කරන්නේය. මෙම කතුවරයා සතුව මැනිය නොහැකි තරම් ධනයක් තිබුණේය. ඔහුගේ හෝ අපගේ කාලයේ කිසිවකු සතු ප්‍රඥාවට එපිට ප්‍රඥාවක්, සිය ගණනක් ස්ත්‍රීන්, රාජ්‍යයන්, ඊර්ෂ්‍යා කළ මාළිගා හා උද්‍යාන, ඉතා හොඳ මිදි යුෂ, ආහාර හා විනෝදවීමේ සියලුම මාර්ග ඔහු සතු විය. තම හදවතට අවශ්‍ය යමක් ඇද්ද ඒ සියල්ල තමන් ලබාගත් බව වරක් ඔහු පැවසුවේය. එහෙත් ඔහු කැටිකොට දැක්වූයේ “ඉර යට ජීවිතය” නිෂ්ඵල බවය (ජීවිතයට අවශ්‍ය සියල්ල ඇතැයි සිතා ගත කරන ජීවිතය අපගේ දෑසින් දකින හා අපගේ දැනීමෙන් අත්දකින ජීවිතය වේ). ඒ තරම් හිස් කමක් ඇති වන්නේ මන්ද? ඊට හේතුව අප අත්දකින දෙයට වඩා ඔබිබෙන් ඇති යමක් උදෙසා දෙවියන් වහන්සේ අපව මවා තිබීමයි. සාලමොන් දෙවියන් වහන්සේ ගැන මෙසේ කීවේය “උන් වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ.” මෙම “මෙහි හා දැන්” යනු සියල්ල නොවන බව අප අපගේ හදවත් වලින් දන්නෙමුව.

දෙවියන් වහන්සේ තමන්ගේ ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූ බව ශුද්ධ බයිබලයේ මුල් පොත වන උත්පත්ති පොතෙන් අපි දකිමු (උත්පත්ති 1 : 26). ඉන් අදහස් කරන්නේ අපි අන් කිසිවකට වඩා දෙවියන් වහන්සේ මෙන් වන බවයි (ජීවිතයේ අන් කිසි හැඩයකට වඩා). එමෙන්ම මිනිසා පාපයට වැටීමට පෙර, මිහිතලය මත ශාපය පැමිණීමට පෙර පහත සඳහන් කාරණා සැබෑ වූ බවද අපට දැනගන්නට ඇත: (1) දෙවියන් වහන්සේ මිනිසා සමාජමය ප්‍රාණියෙක් කළ බව (උත්පත්ති 2 : 18-25), (2) දෙවියන් වහන්සේ මිනිසාට වැඩ පැවරූ බව (උත්පත්ති 2 : 15), (3) දෙවියන් වහන්සේ මිනිසා සමග සහභාගිකම් පැවැත්වූ බව (උත්පත්ති 3 : 8), හා (4) දෙවියන් වහන්සේ මිනිසාට භුමිය කෙරෙහි ආධිපත්‍යය පැවරූ බවය (උත්පත්ති 1 : 26). මෙම කාරණා පිළිබඳ ඇති විශේෂත්වය කුමක්ද? මා විශ්වාස කරන්නේ මේවා එකින් එක අපගේ ජීවිතයේ සම්පූර්ණත්වයට එකතු කළ යුතුය. එහෙත් මේ සියල්ලටම (විශේෂයෙන් දෙවියන් වහන්සේ සමග මනුෂ්‍යයාගේ සහභාගිත්වයට) අහිතකර ලෙස බලපෑවේ මිනිසා පාපයට වැටීම හා එහි ප්‍රතිඵලයක් ලෙස මිහිතලය මත ශාපය පැමිණීම යයි මම සිතමි (උත්පත්ති 3).

ශුද්ධ බයිබලයේ අවසාන පොත වන එළිදරව් පොතෙහි අවසාන කාලයේ සිද්ධීන් තුලින් දෙවියන් වහන්සේ මෙබන්දක් එළිදරවු කරන සේක. පවතින අපි දන්නා පොළොව හා අහස විනාශ කොට නව අහසක් හා නව පොළොවක් මවා සාදාකාලික තත්වයකට මග පෙන්වන බවය. ඒ කාලයේදී උන් වහන්සේ ගැළවීම ලැබූ මානව වර්ගයා සමග සම්පූර්ණ සහභාගිත්වය යළිත් ඇති කර ගන්නවා ඇත. ඇතැම් අය හෙළා දකිනු ලැබ ගිනි විලට ළෙනු ලබනු ඇත (එළිදරව්20 : 11-15). පාපයේ ශාපය දුරු වන්නේයු පාපය, දුක, රෝග, මරණය, වේදනාව වැනි දේවල් තවත් නොමැති වන්නේය (එළිදරව්21 : 4). ඇදහිලිවන්තයින් සියලු දේ උරුමකර ගන්නෝය දෙවියන් වහන්සේ ඔවුන් සමග වාසය කරනු ඇත, ඔවුන් උන් වහන්සේගේ පුත්‍රයින් වන්නෝය (එළිදරව්21 : 7). ඒ අනුව දෙවියන් වහන්සේ උන් වහන්සේ සමග සහභාගිත්වය ලබා ගැනීමට අපව මැවූ මුළු දේ තුළට පැමිණෙන්නෙමු එම සහභාගිත්වය කඩා බිඳ දමමින් මිනිසා පව් කළේය උන් වහන්සේ වටිනා බව තීරණය කළ ගැලවීම ලද අය සමග සදාකාලික බවින් යුතුව දෙවියන් වහන්සේ යළිත් සහභාකිකම් පචත්වන සේක. ඕනෑම දෙයක් හා සියලු දේ ලබා ගනිමින් ජීවත් වී සදාකාලය උදෙසා දෙවියන් වහන්සේගෙන් වෙන්වී මිය යාම නිශ්ඵල බවට වඩා දරුණුය! එහෙත් සදාකාල සතුට ලබා ගැනීමට මාර්ගයක් පිළියෙල කර තිබෙනවා පමණක් නොව (ලූක් 23 : 43), මෙම ජීවිතය තෘප්තිමත් හා අර්ථාන්විත ජීවිතයක් බවටද පත්කර තිබේ. මෙම සදාකාල සතුට හා “ස්වර්ගය පොලොව මතදී” ලබාගත හැක්කේ කෙසේද?

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් ජීවිතයේ අර්ථය නැවත ලබා ගැනීම

ඉහත ඉඟි කළ පරිදි ආදම් හා ඒව පාපයට වැටුනු අවස්ථාවේ නැතිවූ දෙවියන් වහන්සේ සමග තිබූ සම්බන්ධතාව යළි ඇතිකර ගැනීම තුළ දැන් සහ සදාකාලයේ සැබෑ අර්ථය සොයා ගත හැකි වි. දැන් දෙවියන් වහන්සේ සමග එම සම්බන්ධතාවක් පැවැත්වීමට හැකියාව ලැබෙන්නේ උන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් වහන්සේ තුළින් පමණය (ක්‍රීයා 4 : 12, යොහන් 14 : 6, යොහන් 1 : 12). ඔහු හෝ ඇය තම පාපය ගැන පසුතැවිලිවීම (ඒ තුළ දිගටම පැවතීමට අවශ්‍ය නැතිව ක්‍රිස්තුස් වහන්සේට ඔවුන් වෙනස් කර අලුත් මනුෂ්‍යයෙකු කිරීමේ උවමනාව) තුළින් හා තම ගැළවුම්කරුවාණන් ලෙස යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ගැනීමෙන් සදාකාල ජීවනය ලබා ගත හැක (මෙම වැදගත් කාරණය සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගැනීමට “ගැළවීමේ සැලසුම කුමක්ද”?” යන ප්‍රශ්නය බලන්න).

යේසුස් වහන්සේ ගැළවුම්කරුවාණන් ලෙස (එය ඉතා සුන්දරය) දැන ගනීමෙන් පමණක් ජීවිතයේ සැබෑ අර්ථය සොයාගත නොහැකිය. ඇත්ත වශයෙන් ජීවිතයේ සැබෑ අර්ථය සොයාගත හැක්කේ කෙනෙකු ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයෙකු ලෙස උන් වහන්සේ අනුගමනය කිරීම, උන් වහන්සේ ගැන හැදෑරීම, උන් වහන්සේගේ වචනය වන භුද්ධ බයිබලය තුළින් උන් වහන්සේ සමග කාලය ගත කිරීම, යාච්ඤාවෙන් උන් වහන්සේ සමග සහභාකිකම් පැවැත්වීම හා උන් වහන්සේගේ ආඥාවන්ට කීකරුවීම තුළින් උන් වහන්සේ සමග ගමන් කිරීම තුළින්ය. ඔබ නොඇදහිලිවන්තයෙකු නම් (නැති නම් අලුත් ඇදහිලිවන්තයෙකු නම්) ඔබට මෙසේ සිතෙන්නට පුළුවන, “මට ඒ කාරණය එතරම් සිත කළඹන දෙයක් හෝ සම්පූර්ණ වීමක් යයි හිතෙන්නේ නැහෑ!” එහෙත් මම ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මෙය තව ටික දුරක් කියවාගෙන යන්නයි.

යේසුස් වහන්සේ පහත සඳහන් ප්‍රකාශයන් කළ සේක: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නවූ සියල්ලෙනි මා වෙතට එන්න. මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වයගහ නුඹලා පිටට ගෙන මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය. මාගේ බරද සැහැල්ලුය” (මතෙව්11 : 28-30). “මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙණ පිණිසත් එය අධික ලෙස ලැබෙණ පිණිසත්ය” (යොහන් 10 :10 ආ). “යම් කෙනෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය රුගෙන මා අනුව ඒවා. මක්නිසාද යමෙක් තමාගේ ජීවිතය ගළවාගන්නට කැමතිවේද, ඒක ඔහුට නැතිවන්නේය. මා නිසා තමාගේ ජීවිතය නැතිවෙන අයට ඒක සම්බවන්නේය (මතෙව්16 : 24-25). “ස්වාමීන් කෙරෙහි ප්‍රීති මත් වන්නු උන් වහන්සේද ඔබගේ සිතේ ආශාවන් ඉෂ්ට කරන සේක” (ගීතාවලිය 37 : 4).

මෙම සියලුම පද වලින් අපට පවසන්නේ අපට තෝරාගැනීමක් කළහැකි බවය. අපටම අපගේ ජීවිත වලට මඟ පෙන්විට හැක (එහි ප්‍රතිඵලයක් ලෙස හිස් ජීවිතයක් ගත කරමින්) නැතිනම් අපගේ ජීවිත වලට මුළු සිතින් දෙවියන් වහන්සේ අනුගමනය කිරීම හා උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීම. (එහි ප්‍රතිඵලය ලෙස සිපූර්ණ ජීවිතයක් ගත කිරීම, අපගේ හදවතේ අශාවන් ඉටුවීම, සෑහීමකට පත්වීම හා තෘප්තියට පත්වීම හිමි කොට ගෙන) තෝරාගත හැක. මෙසේ වන්නේ අපගේ මැවුම්කරුවාණන් අපට ප්‍රේම කරන බැවින් හා අප උදෙසා හොඳම දේ අපේක්‍ෂා කරන බැවින්ය (පහසු ජීවිතයක් නොව වඩාත් සම්පූර්ණ ජීවිතයක්).

අවසාන වශයෙන් මගේ සභා පාලක මිතුරෙකුගෙන් ලබාගත් උදාහරණයක් ඔබ සමග බෙදා ගැනීමට කැමැත්තෙමි. ඔබ ක්‍රීඩා ලෝලියෙක් නම්, ඔබ කිසියම් ක්‍රීඩාවක් නැරඹීමට යාමට තීරනය කරය නම්, ඩොලර් කිහිපයක් වියදම් කර ක්‍රීඩාංගනයෙන් “නාසයෙන් ලේ ගලන”ඉදිරි පෙළ ආසනයක් ලබාගත හැක. නැතිනම් ඩොලර් සිය ගණනක් වියදම් කර ක්‍රීඩා කරන ස්ථානයට සමීප ආසනයක් ලබාගත හැක. කිතුණු ජීවිතයද ඊට සමානය. දෙවියන් වහන්සේ කෙළින්ම මුල්තැනින් ක්‍රියා කරනු බලා සිටීම ඉරිදා කිතුණුවන් හට නොවේ. ඔවුන් මිල ගෙවා නැත. දෙවියන් වහන්සේ කෙළින්ම මුල්තැනින් ක්‍රියා කරනු බලා සිටිමින් ජීවිතයට දෙවියන් වහන්සේගේ අරමුණ ඉටු කරගත හැකිවන පිණිස, තම ජීවිතයේ අපේක්‍ෂාවන් ලුහුබැඳයාම සැබවින්ම නතර කළ ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන්ටය. ඔවුන් මිල ගෙවා ඇත. (ක්‍රිස්තුස් වහන්සේට හා උන් වහන්සේගේ කැමැත්තට සම්පූර්ණයෙන් යටත් වීම), ඔවුන් ජීවිතය සම්පූර්ණයෙන් අත් දකිති, ඔවුන්ට තමන්ටද, තමන්ගේ සමකාලීනයන්ටද, කිසිදු පසුතැවීමක් නොමැතිව ඔවුන්ගේ මැවුම්කරුවාණන්ටද මුහුන දීමට ඔවුන්ට පුළුවන! ඔබ මිල ගෙවා තිබේද? ඔබ එසේ කිරීමට කැමතිද? එසේ නම් අර්ථය හෝ අරමුණ කෙරෙහි ඔබ යළි පිපාසා නොවනු ඇත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ජීවිතයේ අර්ථය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries