settings icon
share icon
ප්‍රශ්නය

සහස්‍රයේ රාජ්‍යය නම් කුමක්ද? එය ප්‍රායෝගික ලෙස තේරුම් ගත යුතුද?

පිළිතුර


සහස්‍රයේ රාජ්‍යය නම් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවේ රජකම් කරන අවුඑැදු 1000 ට දී ඇති නාමයයි. සමහරු මේ අවුරුදු 1000 උපහැරණයක් ලෙස ඉදිරිපත් කිරීමට උත්සහ කරයි. තවත් සමහරු අවුරුදු 1000 නිකම් ප්‍රායෝගික ප්‍රකාශයක් ලෙස “දීර්ඝ කාල පරිච්ඡේදයක්” ප්‍රායෝගික නොවේ, ශාරීරිකව ක්‍රිස්තුස් වහන්සේගේ රජකම් කිරීමයි. කෙසේ වෙතත් එළිදරව් 20:2-7 හී සය (6) වරක් සහස්‍රයේ රාජ්‍යය විශේෂයෙන්ම අවුරුදු 1000 ක කාලයක් බවට පවසා ඇත. දෙවියන් වහන්සේට අවශ්‍ය නම් සම්බන්ධකම් පැවැත්මට “දීර්ඝ කාල පරිච්ඡේදයක්” උන් වහන්සේ එය ඉතා ලේසියෙන් නිෂ්චිත හා නැවත ප්‍රකාශ නොකර ස්තිර කාල රාමුවක් තුළ.

බයිබලය පවසනවා ක්‍රිස්තුස් වහන්සේ පොළොවට නැවත පැමිණෙන විට උන් වහන්සේ තමන්ව යෙරුසලමේ රජ හැටියට හඳුන්වා දෙයි, දාවිත්ගේ සිංහාසනය මත ඉඳගෙන සිටියි (ලූක් 1:32-33). කොන්දේසි රහිත ගිවිසුම ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීම ප්‍රායෝගික, ශාරීරිකව රාජ්‍යය ගොඩ නැගීමක් ලෙස ප්‍රකාශ කරයි. ආබ්‍රහම්ගේ ගිවිසුම ඊශ්‍රායෙලයට දේශයක් පොරොන්දු වුනා, අනාගත පරම්පරාවක් හා පාලකයෙක්, හා ආත්මික ආශීර්වාද (උත්පත්ති 12:1-3). පලස්තීන ගිවිසුම පොරොන්දු වුනා ඊශ්‍රායෙලය නැවත එක්රැස් කරනවා දේශය නැවත ගොඩ නැගීම (ද්විතීය කථාව 30:1-10). දාවිත්ගේ ගිවිසුම ඊශ්‍රායෙලයට සමාව පොරොන්දු විය, එමගින් ජාතිය ආශීර්වාදමත් වේ යන තේරුමයි (යෙරමියා 31:31-34).

දෙවන පැමිණිමේදී, ගිවිසුම සම්පූර්ණ වනවා ඊශ්‍රායෙලය නැවත එක් රැස්වෙනවා අන් දේශ වල සිට (මතෙව් 24:31), වෙනස් වෙනවා (සෙකරියා 12:10-14), මෙසියස් වහන්සේගේ (යේසුස් වහන්සේගේ) පාලනය යටතේ ඇති රාජ්‍යට එක් රැස් වේ. බයිබලයේ සහස්‍රයේ වකවානුවේදී ඇති කොන්දේසි පිළිබඳව ඒවා සම්පූර්ණ වාතාවරණ, ශාරීරික, ආත්මික ලෙස සඳහන් වේ. එය සාමයේ කාලයක් වේ (මීකා 4:2-4; යෙසායා 32:17-18), ප්‍රීතිය (යෙසායා 61:7, 10), සැනසීම (සැනසිල්ල) (යෙසායා 40:1-2), දිළිඳුකම හා රෝග නැත (ආමෝස් 9:13-15; යෝවෙල් 2:28-29). එවගේම බයිබලයේ සඳහන් වෙනවා ඇදහිලිවතුන්ට පමණයි මේ සහස්‍රයේ රාජ්‍යයට ඇතුල්වෙන්ට පුළුවන් යැයි කියා. මේ නිසා එය සම්පූර්ණ ධර්මිෂ්ඨකමේ කාලයක් වේ (මතෙව් 25:37; ගීතාවලිය 24:3-4), කීකරුකම (යෙරමියා 31:33), ශුද්ධකම (යෙසායා 35:8), සත්‍යය (යෙසායා 65:16), හා ශුද්ධාත්මයාණන්ගේ පූර්ණත්වය (යෝවෙල් 2:28-29). ක්‍රිස්තුස් වහන්සේ රජ ලෙසට පාලනය කරයි (යෙසායා 9:3-7; 11:1-10), දාවිත් සමග අනුරජ (යෙරමියා 33:15-21; ආමෝස් 9:11). ශ්‍රේෂ්ඨ පාලකයන්ද පාලනය කරයි (යෙසායා 32:1; මතෙව් 19:28), හා යෙරුසලම ලෝකයේ දේශපාලන මධ්‍යස්ථානය වේ (සෙකරියා 8:3).

එළිදරව් 20:2-7 හී අපට සහස්‍රයේ රාජ්‍යයේ ඒකාන්ත කාලය ඉදිරිපත් කරයි. මේ පරිච්ඡේද නොමැතිව තවත් ගණන් නොකල හැකි ප්‍රායෝගිකව මෙසියස් වහන්සේගේ පොළොවේ රජකම් කිරීම ගැන ඉලක්ක කරයි. දෙවියන් වහන්සේගේ ගිවිසුම් බොහෝමයක් සම්පූර්ණ වීමත්, පොරොන්දු ප්‍රායෝගික, ශාරීරික, අනාගත රාජ්‍යය ස්ථීර වේ. සහස්‍රයේ අවුරුදු 1000 ක කාලය නැතැයි කීමට කිසිම ස්ථීර පදනමක් නැත.

English



නැවතත් සිංහල මුල් පිටුවට

සහස්‍රයේ රාජ්‍යය නම් කුමක්ද? එය ප්‍රායෝගික ලෙස තේරුම් ගත යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries