settings icon
share icon
ප්‍රශ්නය

දෙවියන් වහන්සේ ස්වභාවික ව්‍යසනයන් වලට ඉඩ හරින්නේ මන්ද උදාහරණ: භුමිකම්පා, චන්ඩමාරුත හා සුනාමි?

පිළිතුර


දෙවියන් වහන්සේ භුමිකම්පා, සුළි සුළං, චන්ඩමාරුත, සුනාමි, චීන මුහුදු සුළං, චක්‍රවාත, නාය යෑම් වැනි අනෙක් ව්‍යසනයන් වලට ඉඩ හරින්නේ ඇයි? 2004 දී ආසියාවේ සිදුවූ විපත්තිය වන සුනාමිය හා 2005 දී එක්සත් ජනපදයේ ගිණිකොන දිශාවේ සිදුවූ කටරිනා නම් චන්ඩමාරුතය, හා 2008 දී මියන් මාරයේ සුළි සුළඟ බොහෝ මිනිසුන් දෙවියන් වහන්සේගේ යහපත්කම් ගැන ප්‍රශ්න කරන්න පටන් ගත්හ. ඉතා ඛේදජනක දෙය නම් මෙම චන්ඩමාරුත බොහෝවිට “දෙවියන් වහන්සේගේ ක්‍රියා” ලෙසට පවසන අතර උන් වහන්සේට ගෙවුනු දශකවලට කිසිම “ප්‍රශංසාවක්” නොදීම. එසේම යහපත් කාලගුණය ඇති රටවල් ගැනවත්, දෙවියන් වහන්සේ මුළු විශ්වය හා ස්වභාධර්මයේ නීති මැවූ සේක (උත්පත්ති 1:1). ස්වභාවික ව්‍යසනයන් බොහෝමයක් මේ ස්වභාවධර්මයේ නීති ක්‍රියාත්මක වීමකි. චන්ඩමාරුත, මුහුදු සුළං, සුළිසුළං මේවා ණයන් ක්‍රම එකට ගැටීමෙන් සිදුවන්නක්. භුමිකම්පා නම් භුමියේ ව්‍යුහය ඉහලට එසවීමකි. සුනාමියක් නම් දිය යට භුචලනයක් හේතුවෙන් හට ගනී.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වභාව ධර්මයම සුරතෙහි තබා සිටින බවට බයිබලය ප්‍රකාශ කරයි (කොලොස්සි 1:16-17). දෙවියන් වහන්සේට ස්වභාවික ව්‍යසනයන් නතර කළ හැකිද? නියත වශයෙන්ම යම් යම් අවස්ථා වලදී දෙවියන් වහන්සේ කාලගුණයට බලපෑමක් ඇති කරයිද? ඔව්, ද්විතීය කථාව 11:17 හා යාකොබ් 5:17 එය අප දකිනවා. ගණන් කථාව 16:30-34 හී පැහැදිලි කරනා දෙය නම් සමහර අවස්ථාවලදී දෙවියන් වහන්සේ ස්වභාවික ව්‍යසනයන් පාපයට විනිශ්චයක් වශයෙන්ද ඉඩ හරින බව. එළිදරව් පොතෙහි බොහෝ තත්වයන් ගැන කථා කරයි. ඒවා නියත වශයෙන්ම ස්වභාවික ව්‍යසනයන් බවට (එළිදරව් 6, 8 සහ 16 පරිච්ඡේද). සියලුම ස්වභාවික ව්‍යයසනයන් දෙවියන් වහන්සේගෙන් දඬුවමක්ද? සැබවින්ම නැත.

එසේම දෙවියන් වහන්සේ නපුරු මනුෂ්‍යයන්ට තවත් නපුරු ක්‍රියා කිරීමට ඉඩ හරියි, දෙවියන් වහන්සේ එහි ප්‍රතිඵලය පිළිබ්ඹු කිරීමට පොළොවට ඉඩ හරි. රෝම 8:19-21 හී අපට ප්‍රකාශ කරනවා, “මක්නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ගේ එළිදරව්වීම උනන්දු ප්‍රාර්ථනාවෙන් බලා සිටියි. මක්නිසාද මැවිල්ල නිෂ්ඵල භාවයට යටත් කරන ලද්දේ ඒකේම කැමැත්තෙන් නොව, ඒ මැවිල්ලම ජරාවේ වහල්කමින් නිදහස්වී, දෙවියන් වහන්සේගේ දරුවන්ගේ මහිමයේ නිදහස්කමට පැමිණෙන්නේය යන බලාපොරොත්තුවෙන් එය යටත් කළාවූ තැනන් වහන්සේ නිසාය.” මනුෂ්‍යයන් පාපයට වැටීම සියලුදේට බලපායි. අප ජීවත්වන ලෝකයට පවා. මුළු මැවිල්ලම දුක් විඳීමට හා දිරාපත්වීමට භාජනය වේ. පාපය මරණයට මෙන්ම රෝග, දුක් විඳීම් හා ස්වභාවික ව්‍යසනයන්ට හේතුවේ.

ස්වභාවික ව්‍යසනයන් ඇතිවීමට හේතුව අපට තේරුම් ගත හැක. අපට තේරුම් ගත නොහැකිව ඇත්තේ ඒවා සිදුවීමට දෙවියන් වහන්සේ ඉඩදීම ඇයි යන්න. දෙවියන් වහන්සේ සුනාමියෙන් මිනිසුන් 225,000 කට මිය යෑමට ඉඩ හැරියේ මන්ද? කටිරිනා සුළිසුළඟට දහස් ගණන් මනුෂ්‍යයන්ගේ නිවාස විනාශ කරීමට ඉඩ හැරියේ මන්ද? එක හේතුවකට, මෙවැනි සිදුවීම් නිසා අපගේ ජීවිතයේ ස්තීරත්වය සෙලවී සදාකාලය දෙසට අපගේ අවධානය යොමු කරයි. මෙවැනි භයංකාර සිදුවීම් වලින් පසුව සභාවන් තුළ මනුෂ්‍යයන් පිරෙනවා මන්ද ඔවුන් තේරුම් ගන්නවා ඔවුන්ගේ ජීවිත අස්ථීර බව හා ජීවිතය නැතිවීමට ඉතා සුලු මොහොතක් පමණක් ගත වන බවට. අප දන්නා දෙය නම් මෙයයි දෙවියන් වහන්සේ යහපත්, මෙම මහත් ව්‍යසනයන් තුළදී පවා තවත් බොහෝ ජීවිත බේරීම වැනි හාස්කම්ද උන් වහන්සේ සිදු කලා. මෙම ස්වභාවික ව්‍යසනය මිනිසුන්ව යොමු කළා ඔවුන්ගේ ජීවිතයේ වඩා වැඩි ස්ථානයක් දිය යුත්තේ කුමකටද යන්න. ඩොලර් සිය කෝටි ගණන් මනුෂ්‍යයන්ට උපකාර කිරීම සඳහා යවනු ලැබුවා. කිතුනු සේවාවන් වලට අවස්ථාව ලැබුනා උපකාර කිරීමට, උපකාර කරන්න, උපස්ථාන කරන්න, යාච්ඤා කරන්න හා ක්‍රිස්තුස් වහන්සේ තුළ විශ්වාසයෙන් ගැලවීම ගැන මනුෂ්‍යයන්ට කියාදීම! දෙවියන් වහන්සේට පුළුවන් හා උන් වහන්සේ කරනවා ඉතා අසීරු තත්වයන් තුළින් යහපත එලියට ගැනීම (රෝම 8:28).

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෙවියන් වහන්සේ ස්වභාවික ව්‍යසනයන් වලට ඉඩ හරින්නේ මන්ද උදාහරණ: භුමිකම්පා, චන්ඩමාරුත හා සුනාමි?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries