settings icon
share icon
ප්‍රශ්නය

මම දිවි හානිකර නොගත යුත්තේ මන්ද?

පිළිතුර


දිවි හානිකර ගැනීමෙන් ජීවිතය අවසන්කර ගැනීමට සිතන අය ගැන මගේ හදවත හඬා වැටෙන්නේය. මේ මොහොතේ ඒ පුද්ගලයා ඔබ නම් බලාපොරොත්තු රහිතවීම, බලාපොරොත්තු සුන්වීම වැනි හැඟීම් නිසා ඔබ එසේ සිතනවා වන්නට ඉඩ ඇත. ඔබ සිටින්නේ ගැඹුරුම ආගාධයක යයි ඔබට හැඟෙන්නට පුළුවන. එසේම ඔබ මුහුණ දෙන කාරණා යහපත් වේ යයි සිතිය හැකි බලාපොරොත්තුවේ සේයාවක් පමණවත් ඇත් දැයි ඔබ සැක කරන්නේය. ඔබ පැමිණෙන්නේ කොතැනින් දැයි කිසිවකු තේරුම් ගන්නා බව පෙනෙන්නට නැත. ජීවිතයේ වටිනාකමක් නැත. එසේ නැති නම් වටිනාකමක් තිබේද?

බොහෝ දෙනා ජීවිතයේ යම් කිසි මොහොතක බෙලහීන චිත්ත වේගයන්ට මුහුණදී තිබේ. මා හැඟීම්බරව ආගාධයක සිටි අවස්ථාවේ, “මෙය කිසිදාක මා මැවූ දෙවියන් වහන්සේගේ කැමැත්ත විය හැකිද?” “මට උදව් කිරීමට නොහැකි තරමට දෙවියන් වහන්සේ කුඩාද?” “උන් වහන්සේට මගේ ගැටළුව විශාල වැඩිද?” වැනි ප්‍රශ්න මගේ සිතට ආවේය.

මේ මොහොතේ ඔබ මඳක් දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතයේ දෙවියන් වහන්සේ වීමට ඉඩදුනහොත් උන් වහන්සේ කොපමණ විශාලදැයි උන් වහන්සේම ඔප්පු කර පෙන්වන බව කීමට මම කැමැත්තෙමි. “දෙවියන් වහන්සේගෙන්වු කිසි වචනයක් බල රහිත නොවන්නේය (ලූක් 1 : 37). ඇතැම්විට අතීතයේ සිත් රිදීම්වල කැලැල් වල ප්‍රතිඵලයක් ලෙස ඔබව ප්‍රතික්‍ෂෙප කිරීම හෝ අත්හැර දැමීම වැනි සම්පූර්ණයෙන් යටකර දැමීමේ හැඟීමක් ඇති කරන්නට හැකිවනු ඇත. එය ඔබගේ වඩාත් වැදගත් සම්බන්ධතා තුළ ගැටළු මතු කරවන ආත්මානුකම්පාව, කෝපය, තිත්තකම, පලිගැනීමේ සිතිවිලි හා ක්‍රම අහිතකර බිය වැනිදේ වෙතට ඔබව යොමුකරවනු ඇත. දිවි නසා ගැනීමෙන් සිදුවන්නේ ඔබ කිසිවිටක සිත් රිදවන්නට බලාපොරොත්තු නුවූ ඔබගේ ආදරණීයයන් තනි කිරීමය. ඔවුන්ගේ ජීවිතයේ ඉතිරි කාලය පුරා ඔවුන්ට විඳවන්නට සිදුවන චිත්තවේගාත්මක කැලැල් ඇති කිරීමය.

ඔබ දිවි නසාගත යුතු නොවන්නේ මන්ද? ඔබගේ ජීවිතයේ කරුණු කාරණා මොන තරම් නරක වුවද කම්නැත. ඔබගේ බලාපොරොත්තුවක් නැති උමඟ හා උන් වහන්සේගේ අපූරු ආලෝකය වෙත ඔබට මඟ පෙන්වන පිණිස ඔබ ඉඩ හරින තුරු බලා සිටිනා ප්‍රේමයේ දෙවි කෙනෙකු ඇත. උන් වහන්සේ ඔබගේ නිසැක බලාපොරෙත්තුවයි. උන් වහන්සේගේ නාමය යේසුස්ය.

මෙම යේසුස්, දෙවියන් වහන්සේගේ පාප රහිත පුත්‍රයාණෝ, ඔබව ප්‍රතික්‍ෂෙප වුනු, අපකීර්තියට පත් වුනු අවස්ථාවල ඔබ සමග සිටින සේක. දිවැසිවර යෙසායා උන් වහන්සේ ගැන මෙසේ ලීවේය, “උන් වහන්සේට රුවවත් ශෝභනකමවත් නැතු අප විසින් උන් වහන්සේ දකින විට උන් වහන්සේ කෙරේ ආශාවීමට ලක්‍ෂණ කමක්ද නැත. උන් වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබූ සේකු වේදනා ඇත්තාවූ දුක දන්නදවූ මනුෂ්‍යයෙක්ය. මනුෂ්‍යයන් විසින් තමුන්ගේ මුහුණ සඟවාගන්න කෙනෙකු මෙන්, උන් වහන්සේ සුළු කරනු ලැබූ සේක, අපිද උන් වහන්සේ නොසැලකු වෙමුව. සැබවින්ම උන් වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය, දරාගත්තේ අපේ ශෝකය. එසේ වී නුමුත් උන් වහන්සේ දඬුවමද දෙවියන් වහන්සේගෙන් පහරද පීඩාවද ලැබූ කෙනෙකැයි අපි සිතීමුව. නුමුත් උන් වහන්සේ තුවාල ලැබුවේ අපේ අපරාධ නිසාය, පොඩි කරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය. අපට සමාදානය ගෙන දෙන දඬුවම උන් වහන්සේගේ පිටට පැමුණුණේය උන් වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුළාවී, එකිනෙකා තම තමාගේම මාර්ගයට හැරී ගියෙමුව ස්වාමීන් වහන්සේද අප සියල්ලන්ගේ අයුතුකම උන් වහන්සේ පිට තැබූසේක” (යෙසායා 53 : 2-6).

සෙනෙහෙවන්ත මිත්‍රය, යේසුස් වහන්සේ මේ සියල්ල ඉවසුවේ ඔබගේ සියලුම පාප වලට සමාව ලැබෙන පිණිසය. කුමණ වරදකාර බරක් ඔබ සමග උසුලාගෙන ගියත් ඔබ යටහත් පහත්ව පසු තැවෙන්නේ නම්, (ඔබගේ පාපයෙන් දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නේ නම්) උන් වහන්සේ ඔබට සමාව දෙන බව දැන ගන්න. “තවද විපත්ති දවසේදී මට යාච්ඤා කරන්න මම නුඹ මුදාහරින්නෙමි, නුඹ මට ගෞරව කරන්නෙහිය” (ගීතාවලිය 50 : 15). ඔබ කළ කිසිවක් ඔබට සමාව දීමට යේසුස් වහන්සේට නොහැකි තරම් නරක නැත. ශුද්ධ බයිබලයේ සඳහන් වන උන් වහන්සේගේ ඇතැම් විශිෂ්ට දාසයින් පවා මිනීමැරුම් (මෝසස්), කාමමිථ්‍යාචාරය (දාවිත් රජ) හා කායික හා චිත්තවේගි පරිභව (ප්‍රේරිත පාවුල් තුමා) වැනි අය බරපතල පව් කළෝය. එනමුත් ඔවුන්ට සමාව ලැබුණි. ස්වාමින් වහන්සේ තුළ බහුල නව ජීවිතයක් ඔවුන්ට සම්බවිය. “මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදු කළ මැනව” (ගීතාවලිය 51 : 2). “එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය මෙන්න, සියල්ලම අලුත්වී තිබේ” (2 කොරින්ති 5 : 17).

ඔබ දිවි නසාගත යුතු නොවන්නේ මන්ද? මිත්‍රය, දිවි නසා ගැනීමෙන් අවසන් කිරීමට ඔබට අවශ්‍ය දැන් ඔබ සතු “කැඩී බිඳී ඇති” ජීවිතය අලුත්වැඩියා කිරීමට දෙවියන් වහන්සේ සූදානමින් සිටින සේක. දිවැසිවර යෙසායා මෙසේ ලියා ඇත: “ස්වාමිවූ දෙවියන් වහන්සේගේ ආත්මය මා කෙරෙහියු මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමින් වහන්සේ මා ආලේප කළ සේකු බිඳුණු සිත් ඇත්තන් සුව කරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශ කරන්ටද ස්වාමින් වහන්සේගේ කරුණාවේ අවුරුද්ද සහ අපේ දෙවියන් වහන්සේගේ පළිගැනීමේ දවසත් ප්‍රකාශ කරන්ටද, වැලපෙන සියල්ලන් සනසන්ටද, සියොන්හි වැලපෙන්නන් පළඳවමින්, අළු වෙනුවට මාලාවකුත් වැලපීම වෙනුවට ප්‍රීතිය නැමති තෛලයත් ක්ලාන්ත සිතක් වෙනුවට ප්‍රශංසාව නැමති වස්ත්‍රයත් ඔවුන්ට දෙන්ටද උන් වහන්සේ මා එවූසේක. මෙසේ කළේ ස්වාමින් වහන්සේට ගෞරව ලැබීමට උන් වහන්සේ විසින් හිටෙවුවාවූ ධර්මිෂ්ඨකමේ අලෝන ගස්ය කියා ඔවුන් ගැන කියනු ලබන පිණිසය (යෙසායා 61 : 1-3).

යේසුස් වහන්සේ වෙතට එන්න. ඔබගේ ජීවිතයේ අලුත් වැඩක් ආරම්භ කිරීම කෙරෙහි ඔබ උන් වහන්සේව විශ්වාස කරන අතර ඔබට ප්‍රීතිය හා ප්‍රයෝජනවත් බව නැවත ලබා දෙන්නට උන් වහන්සේට ඉඩ දෙන්න. “ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරව මැනව.” “ස්වාමිනි, කට අරින්ට මට පිහිටවුව මැනව එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දන්වන්නේය. මක්නිසාද ඔබ පූජාවට නොකැමති සේකු කැමතිසේක් නම් එය දෙන්නෙමි. ඔබ දවන පූජාවට ප්‍රසන්න නොවන සේක. දෙවියන් වහන්සේට කළ යුතු පූජා නම් බිඳුණාවූ සිතක්ය. දෙවියන් වහන්ස, බිඳුණාවූ තැළුණාවූ සිතක් ඔබ සුළුකොට නොසිතන සේක” (ගීතාවලිය 51 : 12, 15-17).

ඔබ ස්වාමින් වහන්සේ ඔබගේ ගැලවුම්කරුවාණන් හා එ‍‍‍‍ෙඞ්රාණන් ලෙස පිළිගන්නේද? ශුද්ධ බයිබලය නමැති උන් වහන්සේගේ වචනය තුළින් යම් දිනක යම් අවස්ථාවක ඔබගේ සිතිවිලි හා ඔබ තබන පියවර වලට මඟ පෙන්වන්නේය. “ඔබට උගන්වන්නෙමි, ඔබ විසින් යායුතු මාර්ගයෙහි ඔබට ගුරුකම් දෙන්නෙමි. මාගේ ඇස ඔබ කෙරේ යොමුකොට ඔබට දැනමුතුකම් දෙන්නෙමි” (ගීතාවලිය 32 : 8). “නුඹේ කාලවලදී ආරක්‍ෂාවත් අධික ගැළවීමත් ප්‍රඥාවත් දැනගැන්මත් වන්නේය. ස්වාමින් වහන්සේ කෙරෙහි භයවීම ඔහුගේ සම්පතය” (යෙසායා 33 : 6). ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබට පරිශ්‍රමයක් දැරිය යුතු වූවත් දැන් ඔබට බලාපොරොත්තුවක් තිබේ. එහෙත් “උන් වහන්සේ සහෝදරයෙකුට වඩා ඇලුම්වෙන මිත්‍රයෙකි (හිතෝපදේශ 18 : 24). ඔබ තීරණ ගන්නා අවස්ථාවන්හි ස්වාමිවූ යේසුස් වහන්සේගේ අනුග්‍රහය ඔබ සමග තිබෙන සේක්වා.

යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැළවුම්කරුවාණන් ලෙස විශ්වාස කිරීමට ඔබ කැමති නම්, මෙම වචන ඔබගේ හදවතින් දෙවියන් වහන්සේට පවසන්න. “දෙවියන් වහන්ස, මගේ ජීවිතයට ඔබව අවශ්‍යයයි. මා කර ඇති සියලුම දේට මට සමාවන්න. මගේ ඇදහිල්ල යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මත තබා උන් වහන්සේ මගේ ගැළවුම්කරුවාණන් බව විශ්වාස කරමි. මා පවිත්‍ර කොට, සුවකර, ප්‍රීතිය මගේ ජීවිතයට නැවතත් දුන මැනව. ඔබ මට දක්වන ප්‍රේමය හා මා වෙනුවෙන් යේසුස් වහන්සේ මරණයට පත්වීම ගැන ස්තුති කරමි. ආමෙන්”!

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මම දිවි හානිකර නොගත යුත්තේ මන්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries