settings icon
share icon
ප්‍රශ්නය

බහු දේවවාදය යනු කුමක්ද?

පිළිතුර


බහු දේවවාදය යනු බහු දෙවි වරුන් කෙරෙහි විශ්වාස කිරීමයි. සැබවින්ම ග්‍රීක භාෂාවෙන් “පොලි” යනු බහු හා “තෛයිසිම්” යනු දෙවියා යන අර්ථයයි. විටෙක මානව ඉතිහාසය තුළ බහු දේවවාදය බලවත් මානසික ආකල්පයක් ඇති කරන ලදි. ඹහු දේවවාදය සුප්‍රසිද්ධ උදාහරණයක් වන්නේ ඈත අතීතයේ පැවති ග්‍රීක / රෝම දුරාවෘත්තයයි. (සියුප් දෙවි, ඇපලෝ - ග්‍රීක හිරු දෙවි, ඇපොරඩයිට ආදී වශයෙන්ය) නූතනයේ වඩාත්ම පැහැදිලි බහු දේවවාදයේ උදාහරණයක් වන්නේ හින්දු අගමයි. එනම් දෙවිවරු මිලියන 300 ට අධික ගණනාවක් එහි ගැබ් වී තිබීමයි. බහු දේවවාදයේ සුවිශේෂය වන්නේ එක් දෙවියෙකු අනිත් දෙවිවරු අතරේ උත්තරිතරව කටයුතු හා රාජ්‍ය කරන බවයි. උදා: ග්‍රීක / රෝම පුරාණ ප්‍රවාදයේ සියුස් දෙවි හා හින්දු ආගමෙහි බ්‍රාහ්මන දෙවි.

සමහරුන් බයිබලයේ පරණ ගිවිසුමෙහි බහු දේවවාදය පිළිබඳව උගන්වනවා යැයි තර්ක කිරීමට පෙළඹ සිටියි. නිසැකවම සමහර පරිච්ඡේදයන් හී බහුවාමිකව දෙවිවරු ලෙස සටහන් කර තිබේ (නික්මයාම 20:3; ද්විතීය කථාව 10:17; 13:2; ගීතාවලිය 82:6; දානියෙල් 2:47). ඈත අතීතයේ ඊශ්‍රායෙලයින් සම්පූර්ණ පැහැදිලි අවබෝධයකින් සිය සත්‍යවූ දෙවියන් වහන්සේව විශ්වාස කළ අතර බොහෝ අවස්ථාවන්හී ඔවුන් විශ්වාස කළ දෙවියන් වහන්සේ තුළ ජීවත් නොවීය. එබැවින් නිරන්තරයෙන්ම ඔවුන් රූප වන්දනාව හා විදේශ දෙවිවරු ඇදහීම සිදු කළෝය. සැබවින්ම විවිධ දෙවිවරු පිළිබඳව සඳහන්ව තිබෙන පරිච්ඡේද හා ඉහත තොරතුරු වලින් අපට ඇති ඵලය කුමක්ද? තේරුම් ගත යුතු වැදගත් දෙය නම් හෙබ්‍රෙව් බසින් එන “එලෝහිම්” යන වචනයෙහි තේරුම එක් සත්‍ය දෙවි කෙනෙකු මිත්‍යා දෙවිවරු / පිළිම වෙනුවට. සැබවින්ම එය ඉංග්‍රීසි භාෂාවෙන් දෙවියා යන අරුත සමග සර්වසමයි.

දෙවියන් ලෙස යම්කිසි දෙයක් විස්තර කිරීම සැබවින්ම එය දිව්‍යමය දෙයක් ලෙස විශ්වාස කළ නොහැක. පැරණි ගිවිසුමෙහි එන බොහෝමයක් පරිච්ඡේද වල දෙවිවරුන් ලෙස පවසන්නේ බොරු දෙවිවරුන්, එනම් දෙවිවරුන් වීමට උත්සහා කරන නමුත් දෙවිවරු නොවන්නේය. 2 රාජාවලිය 19:18 මෙම මතය සාරාංශ කර ඇත්තේ මෙසේය “ඔවුන්ගේ දෙවිවරුන් ගින්නෙහි හෙළුවා සැබෑය. මක්නිසාද ඒවා දෙවිවරු නොව මනුෂ්‍යයන් ගේ හස්ත කර්මාන්තයවූ ලී සහ ගල්ව තිබුණේය.” ගීතාවලිය 82:6 හීද මෙසේය “තෙපි දෙවිවරුය, තෙපි සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍ර යෝයයි කීයෙමි. එහෙත් තෙපි මනුෂ්‍යයන් මෙන් මැරෙන්නහුය. අධිපතීන්ගෙන් එක්කෙනෙකුමෙන් වැටෙන්නහුය.”

බයිබලය පැහැදිලිවම බහු දේවවාදයට විරුද්ධව එනම් පටහැනිව අපව පෝෂණය කරයි. ද්විතීය කථාව 6:4 හී, “එම්බා, ඊශ්‍රායෙල්, අසාපන්න. අපේ දෙවිවූ ස්වාමින් වහන්සේ එකම ස්වාමින් වහන්සේය.” ගීතාවලිය 96:5 හී නිසැකවම ප්‍රකාශ කරන්නේ මනුෂ්‍යය වර්ගයන්ගේ සියලු දෙවිවරු පිළිම පමණක්ය. නමුත් ස්වාමින් වහන්සේ ආකාශ මණ්ඩලය සෑදූසේක. යාකොබ් 2:19 හී මේ ආකාරයෙන් පවසයි. ඇත්තේ එකම දෙවියන් වහන්සේ බව නුඹ විශ්වාස කරන්නෙහිය, නුඹ කරන එක හොඳය. යක්ෂයෝත් විශ්වාස කර වෙවුලති. ඇත්තේ එක දෙවි කෙනෙක්ය. ඒ අතරේ බොරු දෙවිවරුන් හා දෙවිවරුන් වීමට උත්සහ දරන්නෝද ඇත, නමුත් ඇත්තේ එකම දෙවි කෙනෙක්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

බහු දේවවාදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries