settings icon
share icon
ප්‍රශ්නය

යේසුස් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීම යනු කුමක්ද?

පිළිතුර


යේසුස් වහන්සේගේ මානයෙන් යාච්ඤා කිරීම උගන්වනු ලබනවා යොහන් 14:13-14 “නුඹලා මාගේ නාමයෙන් ඉල්ලන කොයි දෙයක් වූවත්, පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමය ලබන පිණිස මම ඒක ඉෂ්ට කරන්නෙමි. නුඹලා විසින් මාගේ නාමයෙන් කොයිදෙයක් ඉල්ලුවත්, මම ඒක ඉෂ්ට කරන්නෙමි.” සමහරු මෙම පදය වරදවා යොමු කරයි. ඔවුන් සිතනවා “යේසුස් වහන්සේගේ නාමයෙන්” යාච්ඤාව අවසානයේදී ඉල්ලන ඕනම දෙයක් දෙවියන් වහන්සේ ඉඩ හරිනවා වෙන්ට යන්නයි. මෙය සැබවින්ම “යේසුස් වහන්සේගේ නාමයෙන්” යන වචනය විජාජා වචන ලෙසට සිතයි. එය සැබවින්ම බයිබලයට පටහැනිය.

යේසුස් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීම උන් වහන්සේගේ ආධිපත්‍ය සමග දෙවියන් වහන්සේ වන පියාණන් වහන්සේගෙන් ඉල්ලනවා අපගේ යාච්ඤා වලට පිළිතුරු දීමට. මන්ද අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ආ නිසා (පුත්‍රයාගේ නාමයෙන්). යේසුස් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීම නම් දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රියා කිරීමයි. පියවරුනි නුඹලාට ලියා එවිවේ, නුඹලා පටන් ගැන්මේ සිට සිටින්නාවූ තැනැන් වහන්සේව අඳුනන බැවින්ය. තරුණයෙනි නුඹලාට ලියා එවිවේ, නුඹලා ශක්තිමත් බැවිනුත් නුඹලා තුළ දෙවියන් වහන්සේගේ වචනය පවතින බැවිනුත් නපුරාගෙන් නුඹලා ජයගත් බැවිනුත්ය, ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේ වලටවත් ප්‍රේම නොකරල්ලා. යමෙක් ලෝකයට ප්‍රේම කරන්නේ නම් පියාණන් වහන්සේ කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත (1 යොහන් 5:14-15). යේසුස් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීම නම් යේසුස් වහන්සේව ගෞරවයට, මහිමයට පත්වන දේවල් වලට යාච්ඤා කිරීම.

යේසුස් වහන්සේගේ නාමයෙන් යැයි පැවසීම යාච්ඤාව අවසානයේදී විජ්ජාවක් සිදුවීම නොවේ. අපි යාච්ඤාවෙන් කියන ඉල්ලන දේ දෙවියන් වහන්සේගේ මහිමයට හා කැමැත්තට අනුව නොවේ නම් යේසුස් වහන්සේගේ නාමය පැවසීම තේරුම් රහිතයි. සැබෑ යාච්ඤාව නම් යේසුස් වහන්සේගේ නාමයෙන් හා උන් වහන්සේගේ මහිමය උදෙසා වීම වැදගත්, එක් එක් වචන යාච්ඤාව අවසානය එකතු කිරීම නොවේ. යාච්ඤාවේ බලපෑම ඇති කරන්නේ වචන නොවේ. යාච්ඤාව පිටුපස ඇති හේතුවයි. දෙවියන් වහන්සේගේ කැමැත්තට එකඟත්වයෙන් ඇති දේ වලට යේසුස් වහන්සේගේ නාමය කියා යාච්ඤා කිරීම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

යේසුස් වහන්සේගේ නාමයෙන් යාච්ඤා කිරීම යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries