settings icon
share icon
ප්‍රශ්නය

දෛවය (පෙර නියමය) නම් කුමක්ද? දෛවය බයිබලානුකුලද?

පිළිතුර


රෝම 8:29-30 “මක්නිසාද උන් වහන්සේ පූර්වයෙන් ඇඳිනගත්තවුන් තමන් වහන්සේගේ පුත්‍රයා බොහෝ සහෝදරයන් අතරේ කුලුඳුලා වන පිණිස ඒ පුත්‍රයාගේ ස්වරූපයට සමාන වෙන්නට පූර්වයෙන් නියම කළ සේක. පූර්වයෙන් නියම කළ වුන් උන් වහන්සේ කැඳවා ගත් සේක. කැඳවා ගත්තවුන් උන් වහන්සේ ධර්මිෂ්ඨ කළ සේක. ධර්මිෂ්ඨ කළ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවු සේක.” එපීස 1:5 හා 11 පවසනවා, “උන් වහන්සේ විසින් ප්‍රේම වන්තයාණන් වහන්සේ තුළ අපට නොමිලයේ දුන්නාවූ තමන් වහන්සේගේ කරුණාවේ මහිමයේ ප්‍රශංසාව සඳහා, තමන්ගේ කැමැත්තේ මන්ත්‍රණය හැටියට සියල්ල සිද්ධ කරන්නාවූ තැනැන් වහන්සේගේ නියමයේ ප්‍රකාරයට, අපි පෙර නියම කරනු ලැබ ක්‍රිස්තුස් වහන්සේ තුළ උරුමයක්වී සිටිමුව.” සමහර මිනිසුන් දැඩි විරෝධයක් පානවා දෛවය (පෙර නිඋමය) යන මූලධර්මයට එරෙහිව. පෙර නියමය බයිබලානුකුලය. ප්‍රධාන දෙය නම් ලියවිල්ලේ එය පිළිබඳව පවසන දේ තේරුම් ගැනීමයි.

වචන පරිවර්ථනය “දෛවය (පෙර නියමය) ඉහත සඳහන් ලියවිලි ග්‍රීක් පරිවර්තනයේ “පෘරිසෝ” එහි අදහස “අනිවාර්‍යයෙන්ම පෙර සිටම” “සැලසුම් කර” ඉදිරි කාලය පිළිබඳව. පෙර නියමය නම් දෙවියන් වහන්සේ සමහර දේවල් ඉදිරි කාලය තුළ සිදිවිය යුතු දේවල් හැටියට නියම කර ඇත. ඉදිරි කාලය තුළ සිදුවිය යුතු කරුණ යැයි දෙවියන් වහන්සේ සිතුවේ කුමක්ද? රෝම 8:29-30, දෙවියන් වහන්සේ පෙර නියමය ලෙස සමහර අය තම පුත්‍රයාගේ ස්වරූපයට සිටිය යුතු යැයි නියම කර ඇත. කැඳවීම ලබා, ධර්මිෂ්ඨකම හා මහිමවත්වීම, අවසානයේදී දෙවියන් වහන්සේ ඔවුන්ට ගැලවීම පෙර නියමයෙන් නියම කළ සේක. බොහෝ ලියවිලි වල ඇදහිලිවන්තයන් දෙවියන් වහන්සේ විසින් තෝරා ගත් අයවේ (මතෙව් 24:22; 31; මාර්ක් 13:20; 27; රෝම 8:33; 9:11; 11:5-7; 28; එපීස 1:11; කොලොස්සි 3:12; 1 තෙසලෝනික 1:4; 1 තිමෝති 5:21; 2 තිමෝති 2:10; තීතස් 1:1; 1 පේත්‍රැස් 1:1-2; 2:9; 2 පේත්‍රැස් 1:10). පෙර නියමය බයිබලයේ සඳහන් මූලධර්මයයි. එය නම් ගැලවීම ලැබිය යුත්තන්ව දෙවියන් වහන්සේ පෙර නියම කර සිටීමය.

පෙර නියමයට විරුද්ධව තිබෙන සරළ ප්‍රකාශය නම් අසාධාරනයි යන්නය. ඇයි දෙවියන් වහන්සේ සමහරුන්ව ගැලවීමට තෝරාගෙන තවත් සමහරුන්ව තෝරා නොගත්තේ. මතක තබා ගැනීමට වැදගත්ම දෙය නම් ගැලවීම ලැබීමට කිසිවෙකු සුදුසු නැත. අප සියලු දෙනා පව් කර ඇත (රෝම 3:23), සියලු දෙනා සදාකාල ඳඩුවමට නියමවූ අය වේ (රෝම 6:23). ප්‍රතිඵලයක් වශයෙන්, දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨ නිසා අප සියලු දෙනාව නිරයට යැවීමට අයිතිය ඇත. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ අප සමහරෙක් ගැලවීමට තීරණය කර ඇත. උන් වහන්සේ තෝරා නොගත් අයට අසාධාරණ නොවීය, මන්ද ඔවුන් ලැබීමට සුදුසු දේ තමයි ලබන්නේ. දෙවියන් වහන්සේ කන්ඩායමක් තේරීම අන් අයට අසාධාරණයක් නොවෙයි. මන්ද කිසිවෙකු කිසිවක් දෙවියන් වහන්සේගෙන් ලැබීමට සුදුසු නැත. එමනිසා, දෙවියන් වහන්සේගෙන් යමක් නොලැබුවොත් ඊට විරුද්ධ වීමට කිසිවෙකුට බැරිය. උදාහරණයකට මිනිසෙකු මිනිසුන් 20 දෙනෙකු සිටින තැනදී 5 දෙනෙකුට මුදල් බෙදා දීම. මුදල් නොලැබූ 15 දෙනා කණගාටුවට පත් වේද? බොහෝවිට ඔව්. කණගාටුවීමට ඔවුනට අයිතියක් තිබේද? නෑ ඔවුනට අයිතියක් නැත. ඇය? මන්ද ඒ මනුෂ්‍යා කිසි කෙනෙකුට ණය නෑ. ඔහු සමහර අයට කරුණාවන්ත වීමට සිතුවා.

ගැලවුනාවූ අය දෙවියන් වහන්සේ තෝරනවා නම් එය අපගේ ක්‍රිස්තුස් වහන්සේ පිළිගැනීමට ඇති නිදහස් කැමැත්තට බල පෑමක් ඇති කරයි. බයිබලය පවසනවා අපට තෝරා ගැනීමක් ඇති බවට. යේසුස් වහන්සේ පිලිගන්න සියලුදෙනා ගැලවීම ලබයි (යොහන් 3:16; රෝම 10:9-10). බයිබලය කියා දෙනවා කිසිම විටක දෙවියන් වහන්සේ වෙතට එන කිසිම කෙනෙකු ආපසු හරවා නොයයි කියා. උන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන කෙනෙකු එපා නොකරයි (ද්විතිය කථාව 4:29). කෙසේ වෙතත්, දෙවියන් වහන්සේගේ පුදුමාකාරත්වය තුළ දී පෙර නියමය ක්‍රියාත්මක වෙනවා අතින් අතට දෙවියන් වහන්සේ වෙතට අදින ලද මිනිසා සමග (යොහන් 6:44) හා ගැලවීම කරා විශ්වාසය (රෝම 1:16). දෙවියන් වහන්සේ පෙර නියම කරා ගැලවීම ලබන්නේ කව්ද, එමෙන්ම අපද යේසුස් වහන්සේව තෝරා ගත යුතුයි ගැලවීමට. කරුණු දෙකම සමව සත්‍යයකි. රෝම 11:33 ප්‍රකාශ කරයි “අහෝ, දෙවියන් වහන්සේගේ ප්‍රඥාවෙත් දැන ගැන්මෙත් බහුලත්වය කොපමණ ගැඹුරුද! උන් වහන්සේගේ විනිශ්චයන් සොයා දැන ගැන්මත් උන් වහන්සේගේ මාර්ගයන් තේරුම් ගැනීමත් කොපමණ අමාරුද!”

English



නැවතත් සිංහල මුල් පිටුවට

දෛවය (පෙර නියමය) නම් කුමක්ද? දෛවය බයිබලානුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries