නාස්තිකාර පුත්‍රයෙක් හෝ දුවක් සිටින කිතුනු දෙමව්පියන් කුමක් කළ යුතුද?




ප්‍රශ්නය: නාස්තිකාර පුත්‍රයෙක් හෝ දුවක් සිටින කිතුනු දෙමව්පියන් කුමක් කළ යුතුද?

පිළිතුර:
නාස්තිකාර පුත්‍රයාගේ කථාවටම ආවේනිකවූ දේවල් ඇත (ලූක් 15:11-32) බොහෝ මූලධර්මයන් විශ්වාස කරන දෙය නම් දරුවන් නොමග ගිය විට එයට විරුද්ධවීමටත් කටයුතු කිරීමට දෙමවිපියන්ට හැකි බවය. දෙමව්පියන් දැන ගත යුතු දෙයක් නම් ඔවුන්ගේ දරුවන් වැඩිවියට පැමිණි පසු ඔවුන් තවමත් දෙමවිපියන්ගේ ආධිපත්‍ය යටතේ නොවන බව.

නාස්තිකාර පුත්‍රයාගේ කථාවේ, බාල පුතා ඔහුට හිමි උරුමය රැගෙන දුර රටකට ගොස් ඒවා නාස්ති කරනවා. නැවත ඉපදුනාවූ (ගැලවීම ලැබූ) ඇදහිලි වන්තයෙක් නොවේ නම් දරුවා, ඔහු කරන මේ දේ ස්වභාවයෙන්ම එන දෙයකි. ක්‍රිස්තුස් වහන්සේ තුළ සැබෑ තත්වයක සිටි දරුවෙකු නම් එම දරුවාට “නාස්තිකාර” යන නම පැවසිය හැක. මෙම වචනයේ අර්ථය “යම් පුද්ගලයෙක් තාමාට හිමි වස්තුව අනවශ්‍ය ලෙස නාස්ති කිරීම” දරුවෙකු යහපත් හැඳින්වීමට නිවස අත හැර හා ආත්මික උරුමයන් නාස්ති කරනවා නම් ඔහුගේ දෙමවිපියන් ඔහු වෙනුවෙන් තැන්පත් කර ඇති. ස්වභාවයේ සියලු දවස්, ඉගැන්වීම්, ප්‍රේමය, හා රැකබලා ගැනීම දරුවා දෙවියන් වහන්සේට එරෙහිව කැරලිකාරකම් කිරීමත් සමග අමතක වේ. අපගේ කැරලිකාරකම පළමුව දෙවියන් වහන්සේට එරෙහිව, හා එය ඊටපසු දෙමවිපියන්ටත් ඔවුන්ගේ ආධිපත්‍යටත් විරුද්ධව කැරලි ගසයි.

මතක තබා ගන්න නාස්තකාර පුත්‍රයාගේ කථාවේ පියා එම දරුවා පිටත්ව යාමෙන් වලක්වා ගන්නේ නැත. ඒ වගේම එම දරුවා පසුපස ගියේද නැත ඔහුව රැකීම පිණිස. එම පියා නිවසේ සිට විශ්වාසවන්තව යාච්ඤා කළා. ඒ වගේම එම දරුවාට “ඔහුගේ සිහිය එන විට” ඔහුගේ ඔළුව ඔහු ආපස්සට හරවනවා, පියා බලාගෙන සිටිනවා ඒ වගේම දරුවා පිළිගැනීමට ඔහු දුර සිටම දුවගෙන යයි.

අපගේ දූවරු හා පුත්තු ඔවුනට අවශ්‍ය ලෙස යන විට, ඔවුන් එසේ කිරීමට නීත්‍යානුකුල වයසේ කියන එක මතක තබාගන්න. ඒ වගේම එම ක්‍රියා තුළින් බොහෝ අපහසුතාවයන් වලට මුහුණ දෙන්නට වෙන බව පැහැදිලි කර තෝරා ගැනීමට ඉඩ දෙන්න. දෙමව්පියන් දරුවන්ට යන්න ඉඩ දීලා ඉගෙන ගන්න ඉඩ හරින්න ඕනා. දෙමව්පියන් ඔවුන් පිටුපස නොගිය යුතුය. ඒ වගේම ඔවුන්ට එම පිටත්ව යාම නිසා ඇතිවන්ට යන පීඩාවන්ට ඔළුව නොදාසිටිය යුතුය දෙමව්පියන්. දෙමව්පියන් නිවසේ සිටිය යුතුය. විශ්වාසවන්තව යාච්ඤා කරමින් බලා සිටින්න පසුතැවීමේ ලකුණක් හා මාර්ගයේ වෙනසක් සිදුවෙන තුරු. එය සිද්ධවන තුරු දෙමව්පියන් තමාගේ පාඩුවේ සිටිය යුතුය, මුරන්ඬු කමට සහයෝග නොදෙන්න, ඒ වගේම අත නොදාන්න (1 පේත්‍රැස් 4:15).

දරුවන් නීතිමය ලෙසටත් පිළිගන්නා ලෙසට වැඩිවියට පත්වූ විට ඔවුන් දෙවියන් වහන්සේගේ ආධිපත්‍යයට පමණක් යටත් විය යුතු විශයක් හා රජයේ නායකත්වයේ ආධිපත්‍යයට (රෝම 13:1-7). දෙමව්පියන් ලෙසට අපට පුළුවන් ඔවුන් හැරිලා දෙවියන් වහන්සේගේ මාර්ගයේ යාමට තීරණය කර ඇත්නම් ඔවුනට ආදරයෙන් යාච්ඤාවෙන් මග පෙන්වමින් උපකාර කිරීමට. දෙවියන් වහන්සේ අපව ප්‍රඥාවට ගෙන ඒම පිණිස සමහර අවුල් සහගත දේවල් සිදුවීමට ඉඩ හරී. පුද්ගලිකව එකිනෙකාගේ වගකීමයි නිවැරදි ප්‍රතිචාර දැක්වීම. දෙමව්පියන් ලෙස අපට අපගේ දරුවන්ව ගැලවිය නොහැක. දෙවියන් වහන්සේට පමණි එය කිරීමට හැක්කේ. ඒ වෙලාව එනතුරු අප බලා සිටිය යුතුය, යාච්ඤා කළ යුතුය, කරුණ දෙවියන් වහන්සේගේ අතේ තැබිය යුතුය. මෙය වේදනාකාරී ක්‍රියා වලියක් විය හැක. නමුත් බයිබලානුකුලව ගෙනා කළ එයට සමාදානයේ මනසක් ඇති වේ. අපට අපගේ දරුවන්ව විනිශ්චය කළ නොහැක, දෙවියන් වහන්සේට පමණයි හැක්කේ. එම නිසා අපට සැනසීමක් ඇත: “මුළු පොළොවේ විනිශ්චයකාරයාණන් වහන්සේ යුක්තිය නොකරන සේක්ද? (උත්පත්ති 18:25බී).



නැවතත් සිංහල මුල් පිටුවට



නාස්තිකාර පුත්‍රයෙක් හෝ දුවක් සිටින කිතුනු දෙමව්පියන් කුමක් කළ යුතුද?