settings icon
share icon
ප්‍රශ්නය

ඔසවා ගැනීම සිදුවන්නේ කවදාද? පීඩා කාලයට සම්බන්ධව.

පිළිතුර


පීඩා කාලයට සම්බන්ධව ඔසවා ගැනීමේ කාලය ගැන අද සභා වල්වල මහත් ආන්දෝලනයට පත්ව ඇත. සාමාන්‍ය කෝන තුන නම් පෙර පීඩා කාලය (ඔසවා ගැනීම සිදුවන්නේ පීඩා කාලායට පෙර), මැද පීඩා කාලය (පීඩා කාලය මැදදි හෝ මැද භාගයට කිට්ටුව ඔසවා ගැනීම සිදුවේ), පසු පීඩා කාලය (ඔසවා ගැනීම පීඩා කාලයට පසුව සිදුවේ). හතර වන සාමනාන්‍ය අදහස පෙර උදහස ලෙස හඳුන්වයි, එය මැද පීඩා කාලය අළුත් වැඩියා කිරීමට හා සමාන වේ.

පළමුව ඉතා වැදගත් දෙය නම් අප තේරුම් ගැනීමට අවශ්‍යයි පීඩා කාලයේ අරමුණ කුමක්ද කියලා. දානියෙල් 9:27 හී සැත්තෑවර “සත්වරක්” (අවුරුදු හතක්) එය පැමිණීමට ඇත. හැත්තෑ හත පිළිබඳ දානියෙල්ගේ මුළු අනාවැකියම (දානියෙල් 9:20-27) ඊශ්‍රායෙල් ජාතිය පිළිබඳ කථා කරයි. එම කාලය තුළ දෙවියන් වහන්සේ ඊශ්‍රයෙලය මත උන් වහන්සේගේ අවධානය විශේෂයෙන් යොමු කරයි. සැත්තෑවර සත්වරක්, පීඩා කාලය එය දෙවියන් වහන්සේ ඊශ්‍රායෙලය සමග කට යුතු කරන අවස්ථාවද විය හැක. මෙයට සභාව අයත් නොවේ යන්න මෙයින් අදහස් කරන්නේ නැත. එම පීඩා කාලය තුළ දී සභාව සිටිය යුත්තේ ඇයි? යන ප්‍රශ්නය එවිට හට ගනී.

මූලික ලියවිල්ලේ කොටස නම් 1 තෙසලෝනික 4:13-18 හී සඳහන් වනවා සියලු ජීවත් වන ඇදහිලිවතුන් මියැදුනු ඇදහිලිවතුන් සමගම යේසුස් වහන්සේව අහසේ මුණ ගැසී උන් වහන්සේ සමග සදාකාලයට වසයි. ඔසවා ගැනීම නම් දෙවියන් වහන්සේ උන් වහන්සේගේ ජනතාව පොළොවෙන් ඉවතට ගැනීම වේ. පද කිහිපයට පසු 1 තෙසලෝනික 5:9 හී පාවුලු තුමා පවසනවා “මක්නිසාද දෙවියන් වහන්සේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබා ගැනීමට අප නියම කළ සේක.” එළිදරව් පොත තුළ පීඩා කාලය අතර තුර පොළොව පිළිබඳව පැහැදිලි කරයි. එය දෙවියන් වහන්සේ තම උදහස පොළොව මත පතිත කිරීම පීඩා කාලය තුළ ගැන අනාවැකි වචනයකි. එය පරස්පර විරෝධි දෙයක් නම් දෙවියන් වහන්සේ ඇදහිලිවන්තයන්ට පොරොන්දු වී ඇත ඔවුන් දුක් විඳින්නේ නැත කියා. ඊට පසු ඔවුන්වද පීඩා කාලය තුළ සිටීමට ඉඩ හැරීම (උදහස කාලය තුළ සිටීමට ඉඩ හැරීම) දෙවියන් වහන්සේ ඇදහිලිවතුන් පොළොවෙන් ගලවා ගැනීම ගැන පොරොන්දු වී ටිකකට පසු උන් වහන්සේ ඔවුන්ව උදහසින් මුදවන්න පොරොන්දු විය. එම නිසා මේ දෙක තුළ සම්බන්ධතාවයක් ඇති බව පෙනේ.

තවත් තීරණාත්මක පදයක් ඔසවා ගැනීම පිළිබඳව ඇති එළිදරව් 3:10, ක්‍රිස්තුස් වහන්සේ ඇදහිලිවන්තයන්ව “පරික්‍ෂාවේ පැයෙන්” ගැලවීමට පොරොන්දු වේ. එය පොළොවට පැමිණෙන්ට යයි. මෙයින් අදහස් දෙකක් ඇත. එක්කෝ ක්‍රිස්තුස් වහන්සේ ඇදහිලිවන්තයන්ව පරික්‍ෂා කාලයේදී ආරක්‍ෂා කරයි, හෝ උන් වහන්සේ ඇදහිලිවන්තයන්ව ගලවා ගනීවි පරික්‍ෂා කාලයේ දී. ග්‍රික් වචනය පරිවර්ථනය දෙස බැලූ කළ දෙකම වලංගු වේ එනම් “ගෙන්” කෙසේ වෙතත් ඇදහිලිවතුන්ව අරගෙන තැබීම පිළිබඳ සඳහන් කර ඇති දේ තේරුම් ගැනීම ඉතා වැදගත්. එය සාමාන්‍ය පරික්‍ෂානොවේ නමුත් “පැය” පරික්‍ෂාවේ. ක්‍රිස්තුස් වහන්සේ එම පරික්‍ෂා කාලයෙන් ඇදහිලිවතුන්ව රක්‍ෂා කිරීමට පොරොන්දු වේ. පීඩා කාලය නම් පරික්‍ෂාවන්, පීඩා කාලයන් නම් තැබීමේදී පීඩා කාලයේ අරමුණ, ඔසවා ගැනීමේ අරමුණ, 1 තෙසලෝනික 5:9 හී තේරුම හා එළිදරව් 3:10 ට පරිවර්ථනය සියලු දේ පෙර පීඩා කාලයට සහයෝගය දක්වයි. බයිබලය ප්‍රායෝගිකව පරිවර්ථනය කර ඇත්නම් එමෙන්ම ස්ථීරව පෙර පීඩා කාලය තමයි සුදුසුම පීඩා කාලය බයිබලානුකුලව ඉදිරිපත් කළ හැක්කේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ඔසවා ගැනීම සිදුවන්නේ කවදාද? පීඩා කාලයට සම්බන්ධව.
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries