settings icon
share icon
ප්‍රශ්නය

කවදාද? / කෙසේද? අප ශුද්ධාත්මයාණන් ලබන්නේ?

පිළිතුර


පාවුල් තුමා පැහැදිලිව සිතු දෙයක් නම් යේසුස් වහන්සේව අප පුද්ගලික ගැලවුම්කරු ලෙස පිළිගත් මෙහොතේම අප ශුද්ධාත්මෙන් පූර්ණ වන බවයි. 1 කොරින්ති 12:13 ප්‍රකාශ කරනවා “මක්නිසාද යුදෙව් නොහොත් ග්‍රීක්වරු වෙත්වා, දාසයෝ නොහොත් නිර්දාසයෝ වෙත්වා, අපි සියල්ලෝ එකම ආත්මයාණන් වහන්සේ තුළ එකම ශරීරයට බවිතීස්ම කරනු ලැබ, සියල්ලෝ එකම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමුව. රෝම 8:9 පවසන පරිදි යම් පුද්ගලයෙක් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ නොවුනොත් ඔහු / ඇය ක්‍රිස්තුස් වහන්සේට අයිති නැති බවය. “නමුත් නුඹලා තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ වාසය කරන සේක් නම්, නුඹලා මාංසයෙහි නොව, නුඹලා මාංසයෙහි නොව ආත්මයෙහි සිටින්නෝය. ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ යම් කෙනෙකුට නැත්නම් ඔහු උන් වහන්සේට අයිති නැත.” එපීස 1:13-14 අපට උගන්වනවා ශුද්ධාත්මයාණන් වහන්සේ ගැලවීමේ මුද්‍රාවයි විශ්වාස කරන්නන්ගේ “උන් වහන්සේ තුළ නුඹලාත් නුඹලාගේ ගැලවීමේ ශුභාරංචිය වන සැබෑවේ වචනය අසා, උන් වහන්සේ කෙරෙහි අදහාගෙන, උන් වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා දෙවියන් වහන්සේට හිමිවූ වස්තුවේ මිදීම පිණිස, අපේ උරුමයේ අත්තිකාරමවූ පොරොන්දුවේ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් නුඹලා උන් වහන්සේ තුළ මුද්‍රා කරනු ලැබුවහුය.”

මෙම පරිච්ඡේද තුනේම සඳහන් වන පැහැදිලි දෙය නම් ශුද්ධාත්මයාණන් වහන්සේ ලැබෙන්නේ ගැලවීමේ මොහොතේදීමය. සියලු ඇදහිලි වන්තයන් ශුද්ධාත්මයෙන් පූර්ණ නොවුනා නම් අප සියලු දෙනාම එක ආත්මයකින් පූර්ණව එක ආත්මයකින් පොවනු ලැබීමුයැයි පාවුල් තුමාට පැවසිය නොහැකි වේ. රෝම 8:9 තවත් ප්‍රබල ලෙස පවසයි. මනුෂ්‍යයෙකුට ශුද්ධාත්මය නැති නම්, ඔහු ක්‍රිස්තුස් වහන්සේට අයිති නැත. එමෙන්ම, ශුද්ධාතමයෙන් පූර්ණ වීම ගැලවීමේ සහතිකයක්. තවත් ගැඹුරින් බැලුවොත් ශුද්ධාත්මය ගැලවීමේ මොහොතේදී නොලැබුනා නම් උන් වහන්සේට ගැලවීමේ මුද්‍රාව යයි පැවසිය නොහැක.” බොහෝ පරිච්ඡේද වල පැහැදිලි කර ඇති දෙය නම් ක්‍රිස්තුස් වහන්සේව අපගේ ගැලවුම් කාරයාණන් ලෙසට පිළිගත් මොහොතේම අපගේ ගැලවීම සුරක්ෂිත බවයි.

මෙම සංවාදය විවාදාත්මක වීමට හේතුව නම් ශුද්ධාත්මයාණන් වහන්සේගේ සේවයන් බොහෝ අවස්ථාවල අපහැදිලි තත්වයක් ගනී (තේරුම් ගැනීමට අපහසු). ලබා ගැනීම / ඇතුලත ක්‍රියා කිරීම එකම අවස්ථාවේ දී සිදුවීම (ගැලවීම ලබන මොහොතේ). ශුද්ධාත්මයෙන් පිරීම කිතුනු ජීවිතයේ ඉදිරියට ගන්නාවූ ක්‍රියා වලියක්. එමෙන්ම ශුද්ධාත්මයෙන් බවිතීස්ම වීමද බොහෝ විට ගැලවීම ලබන මොහොතේදීම සිදුවිය හැක, සමහර කිතුනුවන්ට එසේ නොවේ. සමහර අවස්ථාවලදී ශුද්ධාත්ම බවිතිස්මය තේරුම් ගැනීමට අපහසු තත්වයකට පත්වේ (ආත්මයෙන් පූර්ණ වීම පිළිබඳව). එනම් එය ගැලවීමෙන් පසුව ක්‍රියාත්මක වේ. අවසාන වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ ලබා ගන්නේ කෙසේද? අපට ශුද්ධාත්මයාණන් ලැබෙන්නේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ ගැලවුම් කාරයා හැටියට පිළිගත් විටය (යොහන් 3:5-16). අපට ශුද්ධාත්මය ලැබෙන්නේ කවදාද? ශුද්ධාත්මයාණන් වහන්සේ අප තුළ ස්තීර වශයෙන් වාසය කරනවා අප ගැලවීම ලබපු මොහොතේ සිටම.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කවදාද? / කෙසේද? අප ශුද්ධාත්මයාණන් ලබන්නේ?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries