settings icon
share icon
ප්‍රශ්නය

ක්‍රිස්තියානි මුදා ගැනීම / නිදහස් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?

පිළිතුර


සියලු දෙනාටම මිදීමේ අවශ්‍යතාවයක් ඇත. අපගේ ස්වභාවික තත්වය දොස් තැබීමේ චරිතයක් ලෙස විය. “සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති” (රෝම 3:23). “එබැවින් ඔව්හූ උන් වහන්සේගේ අනුග්‍රහයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ තිබෙන මිදීම කරණකොටගෙන නොමිලයේ ධර්මිෂ්ඨ කරනු ලබන්නෝ වෙති” (රෝම 3:24).

මිදීමේ ප්‍රතිලාභ නම් එහි සදාකාල ජීවනයද අඩංගු වීමයි (එළිදරව් 5:9-10), පාපයට සමාව (එපීස 1:7), ධර්මිෂ්ඨකම (රෝම 5:17), ව්‍යවස්ථාවේ ශාප වලින් නිදහස (ගලාති 3:13), දෙවියන් වහන්සේගේ පවුලට එකතුවී (ගලාති 4:5), පාපිෂ්ඨ බැදුම් වලින් නිදහස (තීතස් 2:14; 1 පේත්‍රැස් 1:14-18), දෙවියන් වහන්සේ සමග සමාදානය (කොලොස්සි 1:18-20), එමෙන්ම ශුද්ධාත්මයාණන්ගේ වැඩ වැසීම (1 කොරින්ති 6:19-20). මිදීම ලැබීම, ඊටපසු, සමාව ලැබීමයි, ශුද්ධ, ධර්මිෂ්ඨවූ, නිදහස්, දරු කමට ගැනීම, සමාදානයවීම. ගීතාවලිය 130:7-8; ලූක් 2:28; හා ක්‍රියා 20:28 ද බලන්න.

මිදීම යන වචනයේ අර්ථය “මිලදී ගැනීම” එම වචනය පරිහරණය කරනු ලැබුවේ වහලෙකුගේ නිදහස මිලදී ගැනීමයි. මෙම වචනය ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ මරණයට අදාල කරන විට එහි පවසන්නේ අප “මිදීම” ලබා ඇත්නම් එසේ නම් අපගේ පෙර ස්වභාවය වහලෙකුට හා සමානයි. දෙවියන් වහන්සේ අපගේ නිදහස මිලදී ගෙන තිබේ. එසේම අප පාපයටත් පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවටත් තව දුරටත් බන්දනය වී නැත. මේ උපමා වචනය වන “මිදීම” ගලාති 3:13 හා 4:5 හී ඉගැන්වීම වේ.

ක්‍රිස්තියානි මිදීමේ තත්වයට සමගාමිව යන වචනයකි වන්දිය. යේසුස් වහන්සේ අපගේ පාපයටත් එහි ප්‍රතිඵලයටත් යුතු වන්දිය ගෙවන ලදි (මතෙව් 20:28; 1 තිමෝති 2:6). උන් වහන්සේගේ මරණය අපගේ ජීවිත වලට හුවමාරුවකි. ලියවිල්ලෙහි සඳහන් කරනවා මිදීම ලැබිය හැක්කේ “උන් වහන්සේගේ ලේ වලින් පමණක්” බවට. එනම් උන් වහන්සේගේ මරණයෙන් (කොලොස්සි 1:14).

ස්වර්ගයේ මාවත් පිරී ඇත පෙර සිටි වහලුන්ගෙන්, ඒ ඔවුන්ගේ කිසි හොඳ කමකින් නොව, ඔවුනට මිදීම ලබා ගත්තේ, සමාව ලැබුණේ, හා නිදහස් වූයේ පාපයට වහල්වූවන් ශුද්ධවන්තයන්ව ඇත. අප නව ගීයක් ගැයීම පුදුමයක් නොවේ. ප්‍රශංසා ගීයක් මරා දමනලද මිදුම්කරුවාණන්ට (එළිදරව් 5:9). අප පාපයට වහලුන්ව සිටියා, දෙවියන් වහන්සේගෙන් සදාකාලිකව වෙන්වීමට වරදට පත්ව සිටියා. යේසුස් වහන්සේ අපව මිදිමට මිලය ගෙවන ලදි. එහි ප්‍රතිඵලය වූයේ පාපයේ වහල්කමින් මිදීම හා පාපයේ කුලියෙන් මදීම ලැබීම වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ක්‍රිස්තියානි මුදා ගැනීම / නිදහස් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries