settings icon
share icon
ප්‍රශ්නය

ප්‍රතිසංස්කරණය ලද දේවවේදය යනු කුමක්ද?

පිළිතුර


සත්‍යවශයෙන් කිවහෙත් 16 වන සියවසේ රෙපරමාදු ප්‍රතිසංස්කරණයේ අඩි පාරේ යමින් ගත් සාරය මෙහි අඩංගුවී ඇත. තවද “Sola Scriptura” නම් ඇදහිල්ල පිළිබඳ ප්‍රකාශනයේ සඳහන්වන ආකාරයට සංශෝධකයින් විසින්ම ශුද්ධ ලියවිල්ලෙහි මතයන් අනුව යමින් අධ්‍යයනය කරන්නට විය. එසේ ගත් කළ ප්‍රතිසංස්කරණය ලද දේවවේදය යනු “නව” ඇදහිමක් නොවන නමුත් අපෝස්තලික ධර්මය පවත්වා ගෙන යාම සඳහා බලාපොරොත්තු වන්නකි.

සාමාන්‍යයෙන් ප්‍රතිසංස්කරණය ලද දේවවේදය රඳා පවතින්නේ ශුද්ධ ලියවිල්ලේ ආධිපත්‍ය දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය ක්‍රිස්තුස් වහන්සේ තුලින් මිදීමට අනුග්‍රහය හා ධර්මදූත සේවයේ අවශ්‍යතාවය මතය. මෙය තවත් ආකාරයන් වලදී ගිවිසුම් දේවවේදය යනුවෙන්ද සඳහන් වන්නේ, දෙවියන් වහන්සේ ආදම් හා ඒව සමග ඇති කරගත් ගිවිසුම හා යේසුස් වහන්සේ තුලින් පැමිණ නව ගිවිසුම පාදක කර ගනිමින් (ලූක් 22:20).

ශුද්ධ ලියවිල්ලෙහි ආධිපත්වය පිළිබඳව ප්‍රතිසංස්කරණය ලද දේවවේදය තුලින් උගන්වනු ලබන්නේ බයිබලය යනු ඇදහිල්ල හා ක්‍රියාව මත පදනම් කර ගනිමින් ක්‍රියා කරන දේව අනුග්‍රහය ලද දෙවියන් වහන්සේගේ වචනය බවයි.

දෙවියන් වහන්සේගේ ස්වාධිපත්‍යය දෙවියන් වහන්සේ විසින් තමන්ගේ බලය සියලු මැවිල්ල උදෙසා බලපවත්වන බව ප්‍රතිසංස්කරණය ලද දේවවේදයේ ඉගැන්වීමයි. එතුමන් විසින් සියලුම අංශයන් පිළිබඳව පෙර නිමිති දක්වා ඇති නිසා කිසිම අයුරකින් ඒ සිදුවීම් නිසා අපහසුතාවයට පත් නොවීය. නමුත් මේ තුලින් කිසිම අයුරකින් මැවිල්ල සීමාවන්ට යටත් නොකරන අතරම දෙවියන් වහන්සේ පාපයේ නිර්මාතෘ ලෙස සලකන්නේද නැත.

අනුග්‍රහයෙන් යුත් මිදිමේ. දෙවියන් වහන්සේ විසින් එතුමන්ගේ දයාව හා කරුණාව නිසා මනුෂ්‍යයාව තමන් විසින්ම පාපයෙන් හා මරණයෙන් ගලවා ගැනීමට තෝරාගත් බවට ප්‍රතිසංස්කරණය ලද දේවවේදයෙන් උගන්වනු ලැබේ. මිදීම පිළිබඳවූ දේවවේදය බොහෝ විට අක්ෂර බන්ධනය මත පදනම්ව ඇත. මෙය ටියුලිප් ලෙසට දක්වන අතර බොහෝ විට එය හඳුන්වන්නේ කැල්වින්වාදය පංච නියමයන් යනුවෙනි.

සම්පූර්ණ දුසිරිත (ඉතා පවිටු හැසිරීම). මනුෂ්‍යයා තමන්ගේ පාපී ක්‍රියා නිසා අසරණව දෙවියන් වහන්සේගේ උදහසට ලක්වී සිටින අවස්ථාවකදී දෙවියන් වහන්සේ කිසිසේත් ප්‍රසන්නත්වයට පත් කිරීමට ආකාශයක් නොමැත. සම්පූර්ණ දුසිරිත යනුවෙන් අදහස් වන්නේ මනුෂ්‍යයා ස්වභාවයෙන්ම දෙවියන් වහන්සේ සෙවීමට හා දැනගැනීමට උනන්දු නොවන නමුත් දෙවියන් වහන්සේ විසින් දයානුකම්පාවෙන් යුතුව ඔහුට එය සිදුකිරීමට උනන්දු කරවන බවයි (උත්පත්ති 6:5; යෙරමියා 17:9; රෝම 3:10-18).

කොන්දේසි විරහිත තෝරා ගැනීම. දෙවියන් වහන්සේ විසින් තමන් වහන්සේගේ සදාකාලිකවූ අතීතය තුලදී සිට මේ වනතෙක් මනුෂ්‍යයෙකු විසින් ගණනය කිරීමට නොහැකි තරම් පව්කරුවන් රැසක් මිදීම කරා තෝරාගෙන ඇත (රෝම 8:29-30; 9:11; එපීස 1:4-6, 11-12)

සීමා සහිතවූ පාපකමාව. මෙය “සුවිශේෂි ගැලවීමක්” ලෙසද හඳුන්වනු ලබයි. යේසුස් වහන්සේ තෝරාගනු ලැබූවන්ගේ පාපයන් තමන් පිටට ගෙන ඒ සඳහා මිලය තමන්ගේ ජීවිතය මගින් ගෙවනු ලැබීය. තව ආකාරයකින් කිවහොත් මෙය එතුමන් විසින් ගැලවීම “සම්භාව්‍ය නැතහොත් කලහැකියි” යන තත්වය පත් කිරීමට පමණක් නොව, එතුමන් විසින් තෝරාගත්තවුන් සඳහා අත්පත් කර ගනු ලද්දක් බවට කීම නිවැරදිය (මතෙව් 1:21, යොහන් 10:11, 17:9, ක්‍රියා 20:28, රෝම 8:32, එපීස 5:25).

ප්‍රසන්නවූ වරප්‍රසාදය / අනුග්‍රහය. මනුෂ්‍යයාගේ වැටීම, දේව ප්‍රේමයට විරුද්ධවේ, නමුත් ඔහු තුල ක්‍රියා කරන්නාවූ දෙවියන් වහන්සේගේ ප්‍රේමය කරණකොටගෙන ඔහු තමන් අතින් සිදුවුනාවූ විරුද්ධවාදිකම් දැන ගැනීමට කැමැත්තක් දක්වයි. මෙයයි දෙවියන් වහන්සේගේ ප්‍රේමය, එය කිසිවිටකත් තෝරා ගනු ලැබූවන් මිදීම කරා ගෙන යනු ලබන කාර්යය අඩපණ කිරීමට ඉඩ දෙන්නේ නැත (යොහන් 10:27-29; රෝම 8:29-30; එපීස 1:3-14).

ශුද්ධවතුන් තුළ පවතින නොපසු බසින උත්සහය. දෙවියන් වහන්සේ විසින් තමන්ගේ දූතයන් වැටීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගත්තා සේම මිදීමද සදාකාලිකය (යොහන් 10:27-29; රෝම 8:29-30; එපීස 1:3-14).

ධර්මදූත සේවයේ අවශ්‍යතාවය. ප්‍රතිසංස්කරණය ලද දේවවේදයේ ක්‍රිස්තියානුවන් ආත්මිකව ශුද්ධ දිවිපෙත හා මනුෂ්‍යත්වය මූලික කර ගනිමින් ලෝකය තුළ වෙනසක් ඇති කිරීමට ජීවත්වන බවයි.

ප්‍රතිසංස්කරණය ලද දේවවේදයේ පවතින්නාවූ තවත් ආවේනික ලක්ෂණයක් වන්නේ ඒ තුළ සාමාන්‍යයෙන් සක්‍රමෙන්තු ඇතුලත් වන අතර (බෞතිස්මය හා රාත්‍රි භෝජනයයි), ආත්මික දීමනා වන්ගේ අවසානය (තව දුරටත් ව්‍යප්ත නොවූ දීමනා) හා ශුද්ධ ලියවිල්ලෙහි ආගමික නොවූ පැතිකඩයි.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ප්‍රතිසංස්කරණය ලද දේවවේදය යනු කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries