settings icon
share icon
ප්‍රශ්නය

විවාහවීමට නියමිත කාලය කුමක්ද?

පිළිතුර


විවාහවීමට නියමිත කාලය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වන අතරම එක් එක් අවස්ථාවන් අනුවද අද්විතීයවේ. පරිණත මට්ටම් සහ ජීවිතයේ අත්දැකීම් වෙනස් වන සාධකයන්ය. සමහරුන් අවුරුදු 18 දී විවාහවීමට සූදානම් වුවද අන් සමහරෙක් කිසිසේත්ම ඒ සඳහා සූදානම් නොවේ. ඇමරිකාවේ දික්කසාද අනුපාතය 50% ඉක්මවා යෑමෙන් පැහැදිලි ලෙස පෙනී යන්නේ අප සමාජය විවාහය සදහටම පවතින බැඳීමක් ලෙස සලකනු නොලබන බවයි. කෙසේ නමුත් මෙය ලෝකයාගේ මතයවේ, කුමක් නමුත් එය දෙවියන් වහන්සේගේ මතයට ප්‍රතිවිරුද්ධ වන්නකි (1 කොරින්ති 3:18).

සාර්ථක විවාහයකට ශක්තිමත් අත්තිවාරමක් අත්‍යවශ්‍ය විය යුතු සහය යම් කෙනෙකු තම විභව්‍ය ජීවන සහකරුව මුණ ගැසී හඳුනා ගැනීමට හෝ විවාහ බස් දෙනු ලබන්නටත් ප්‍රථමයෙන් එය තීන්දු කර ගත යුතුය. හුදෙක් ඉරුදින දේවමෙහෙයට සහභාගිවීම සහ බයිබල් අධ්‍යයනයකට සම්බන්ධවී සිටීමට වඩා යමක් අපගේ කිතුනු ගමන තුළ අන්තර්ගතවී තිබිය යුතුය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි තිබෙන විශ්වාසය සහ එතුමන්ට ඇති කීකරුකම තුළින් පමණක් ඇති වන පෞද්ගලික සබඳතාවයක් අපට දෙවියන් වහන්සේ හා සමග තිබිය යුතු වේ. විවාහය තුළ කිමිදීමට පළමුවෙන් අප අපවම ඒ ගැන දැනුවත් කර ගත යුතු වන්නේ ඒ පිළිබඳව දෙවියන් වහන්සේගේ මතය සෙවීම තුලින්ය. විවාහයේ වගකීම පවරා ගැනීමට පෙර සෑම පුද්ගලයෙකුම ප්‍රේමය, කැපවීම, ලිංගික සබඳකම, ස්වාමිපුරුෂයෙකු සහ භාර්යාවකගේ කාර්යභාරය මෙන්ම උන් වහන්සේගේ අපේක්ෂාවන් යනාදිය පිළිබඳව ශුද්ධ ලියවිල්ලේ ප්‍රකාශ කරන්නේ කුමක්ද යන්න දැන සිටිය යුතු වේ. යටත් පිරිසෙන් එක් විවාහ වූ යුවලක් හෝ ආදර්ශමත් ප්‍රතිරූපයක් ලෙස සිටීමටද වැදගත්වේ. සාර්ථක විවාහයකට තුඩු දෙන කරුණු මොනවාද, ඉතාමත් දැඩි මිත්‍රත්වයක් (කායික හැරුණුකොට) ගොඩ නගා ගන්නේ කෙසේද, භක්තිය කෙතරම් අනර්ගද, යනාදි ප්‍රශ්නවලට පිළිතුරු දීමට වැඩිමහල් යුවලකට හැකිවේ.

අනාගත අපේක්ෂා ඇති විවාහක යුවලක් තමා එකිනෙකාව ඉතා හොඳින් දැන හඳූනන බවට නිසැක විය යුතුය. ඔවුන් එකිනෙකා, විවාහය පිළිබඳ මතයන්, මූල්‍ය තත්වය, නෛතික ඥාතීන්, දරුවන් ඇති දැඩි කිරීම, සංයමය, ස්වාමිපුරුෂයා සහ භාර්යාවගේ යුතුකම්, නිවසෙන් පිටත රැකියාවෙහි යෙදෙන්නේ ඔවුන් දෙදෙනාමද නොහොත් එක් අයෙක්ද, එලෙසම අනෙක් පුද්ගලයාගේ අධ්‍යාත්මික පරිණිතියේ මට්ටම, ආදි කරුණු පිළිබදව දැන සිටිය යුතු වේ. බොහෝ අය විවාහ වන්නේ තමා කිතුනුවෙකැයි පවසන තමාගේ සහකරුවාගේ වචනය මත පමණක් රඳා පැවතීමෙන් වන අතර එය වචනයෙන් පමණක් ප්‍රකාශ කරනු ලබන කාරණයක් බව ඔවුන්ට හුදෙක්ම වැටහෙන්නේ පසුවය. විවාහය සළකා බලන සෑම යුවලක්ම කිතුනු විවාහ හා සම්බන්ධ උපදේශයෙකු නොහොත් කිතුනු පාලකවරයෙකු තුළින් අනුශාසනා ලබා ගත යුතු වේ. සත්‍ය වශයෙන්ම කිවහොත් බොහෝ කිතුනු පාලකවරයන් විවාහ වීමට සිටින යුවල කිහිප විටක්ම අනුශාසනා පසුතලයක හමු වුවහොත් මිස විවාහ මංගල්‍යයන් ඉටු නොකරති.

විවාහ වූ කලී කැපවීමක් පමණක් නොව දෙවියන් වහන්සේ හා සමග ඇති කරගන්නාවූ ගිවිසුමකි. අඹුව හෝ සැමියා ධනවත් හෝ දිළිඳු වූවත, සුවයෙන් හෝ රෝගිව සිටියත්, බර වැඩි වී හෝ අඩු වී තිබුණත්, නීරස වූවත්, එය වනාහි ඔබේ ජීවිතයේ ඉතිරි කාලය අනෙක් පුද්ගලයා සමග රැඳී සිටීමට දෙන්නාවූ ප්‍රතිඥාවක්වේ. කිතුනු විවාහයකදී සෑම සිදුවීමක්ම එනම් රණ්ඩු දබර, කෝපය විනාශය, ව්‍යසනය, අවපීඩනය, තිත්තකම, ඇබ්බැහිවීම, හුදෙකලාව, ඇතුළු සියල්ලක්ම විඳ දරා ගෙන යා යුතුවේ. දික්කසාදය විකල්පයක් ලෙස ඇත යන අදහසත් සමග කිසිසේත්ම විවාහයට ඇතුලත් නොවිය යුතු හා සේම අවසානතම නොවටිනා දෙයක් ලෙසද එය නොසැලකිය යුතුය. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි බව ශුද්ධ ලියවිල්ලේ සඳහන් කරනු ලබයි (ලූක් 18:27). ඒකාන්තයෙන්ම එහි විවාහයද අන්තර්ගතවේ. ආරම්භයේදීම යුවලක් කැපවීමෙන් ජීවත්වීමට සහ දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දීමට තීරණය කළහොත් දුක්ඛිත තත්වයකට අනිවාර්‍යය විසඳුම දික්කසාදය නොවේ.

දෙවියන් වහන්සේ අප‍ෙග් හදවත්වල ආශාවන් ඉටුකර දීමට අවශ්‍ය බව අප මතක තබා ගැනීම වැදගත්වනවා හා සේම එසේ කළ හැක්කේ අපගේ ආශාවන් හා සමග ගැළපුනහොත් පමණි. ලෝකයා බොහෝවිට විවාහ වන්නේ එය “නිවැරදි හැඟීමක්” දෙලස දැනෙන නිසාවෙනි. යුවළක් හමුවීම ආරම්භ කළ හෝ විවාහ වූ මුල් අවදියේදී අනෙක් පුද්ගලයා එනු දුටු විට ඔහු හෝ ඇය තුළ චංචලභාවයක් ඇතිවේ. ඒ කාලපරිච්ඡේදී ප්‍රේම සබැදියාව මුදුනටම පැමිණෙන අතරම “ප්‍රේමයෙන් වෙලී සිටීම” පිළිබඳ හැඟීම බොහෝ කොට දැනේ. බොහෝ අය මෙම හැඟීම සදහටම පවතී යන අපේක්ෂවෙන් සිටිති. එනමුත් යථාර්ථය නම් එය එසේ නොවන වගයි. මෙවැනි හැඟීම් ක්‍රමක් ක්‍රමයෙන් පහව යනවිට එහි ප්‍රතිඵලය වනුනේ කළකිරීම සහ දික්කසාදයයි. එනමුත් සාර්ථක විවාහයක් තුළ සිටින්නාවූ කෙනෙකු අනෙක් පුද්ගලයා හා සමග ගත කිරීමෙන් දැනෙන උද්වේගය අවසාන නොවිය යුතු බව දනිති. ඒ වෙනුවට පෙර දැනුන චංචලභාවය වඩාත් ගැඹුරු ප්‍රේමයකටද, බලවත් කැප වීමකටද, ස්ථීර අඩිතාලමකට සහ පහසුවෙන් කැඩිය නොහැකි සුරක්ෂිතභාවයකටද පත්වේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

විවාහවීමට නියමිත කාලය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries