settings icon
share icon
ප්‍රශ්නය

පවුලක ස්වාමිපුරුෂයා සහ භාර්යාවගේ කාර්යභාරය කුමක්ද?

පිළිතුර


ක්‍රිස්තුස් වහන්සේ හා සමග ඇති සබඳතාවය ස්ත්‍රී හා පුරුෂ යන දෙකොටසටම සමාන වන නමුත් ශුද්ධ ලියවිල්ලෙහි එක් එක් විවාහයන්ට නියත භුමිකාවන් සඳහන් කරනු ලබයි. නිවසෙහි නායකත්වය ස්වාමිපුරුෂයා විසින් භාර ගත යුතුවේ (1 කොරින්ති 11:3; එපීස 5:23). එම නායකත්වය සර්වාධිකාරි අවමානයට පත් වන හෝ තම භාර්යාවට අනුග්‍රහය දක්වන සුළු වූ එකක් නොවිය යුතු අතර ක්‍රිස්තුස් වහන්සේ සභාවට මග පෙන්වන ආකාරයේ ආදර්ශයක් විය යුතුය. “පුරුෂයෙනි, ක්‍රිස්තුස් වහන්සේ සභාවට ප්‍රේම කොට, ඈ උදෙසා තමන්ම පාවා දුන්නාක් මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්යාවන්ට ප්‍රේම කරපල්ලා. එසේ කළේ සභාවට ශුද්ධව කැලලක් හෝ රැළි හෝ එබඳු යමක් නැතුව” (එපීස 5:25-26). ක්‍රිස්තුස් වහන්සේ සභාවට (එතුමන්ගේ සෙනගට) ප්‍රේම කළේ අනුකම්පාව, කරුණාව, සමාවදීම, ගෞරවය සහ පරාර්ථකාමුත්වයෙන් යුක්තවය. ස්වාමිපුරුෂයන් තම භාර්යාවන්ට ප්‍රේම කළ යුත්තේ ඒ අකාරයෙන්මය.

භාර්යාවන් තම සුවාමිපුරුෂයාගේ ආධිපත්‍යයට යටත් විය යුතු වේ. “භාර්යාවෙනි, ස්වාමින් වහන්සේට මෙන් නුඹලාගේ ස්වාමි පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්යාවගේ හිසව සිටියි. උන් වහන්සේ වනාහි ශරීරයේ ගැළවුම්කාරයාය. එබැවින් සභාව ක්‍රිස්තුස් වහන්සේට යටත් වෙන්නාක්මෙන් භාර්යාව සියලු දේවලදී තමුන්ගේ පුරුෂයන්ට යටත් වෙත්වා” (එපීස 5:22-24). ස්ත්‍රීන් තම සුවාමිපුරුෂයන්ට අවනත විය යුතු මෙන්ම පුරුෂයන්ද තම භාර්යාවන්ට සැලකිය යුත්තේ කෙසේද යන්න දේවවචනයේ කිහිප වාරයක්ම සඳහන් වේ. ස්වාමිපුරුෂයා ඒකාධිපතියෙකුගේ භුමිකාව නොගත යුතු අතර තම භාර්යාවට සහ ඇයගේ අදහස් වලට ගරු කළ යුතු වේ. එපීස 5:28-29 හී පුරුෂයනට අනුශාසනා කරනු ලබන්නේ ඔවුන් තම භාර්යාවන් ප්‍රේම කළ යුත්තේ ඔවුන්ගේ ශරීරයන්ට ප්‍රේම කරන ආකාරයට පෝෂණය කිරීමෙන් සහ රැක බලා ගැනීමෙනි. පුරුෂයෙකු තම භාර්යාවට ප්‍රේම කළ යුත්තේ ක්‍රිස්තුස් වහන්ස් තම ශරීරය එනම් සභාවට ප්‍රේම කරන ආකාරයෙන්ය.

“භාර්යාවෙනි,ස්වාමින් වහන්සේ තුළ සුදුසුව තිබෙන ලෙස නුඹලාගේ පුරුෂයන්ට යටත්ව සිටපල්ලා. පුරුෂයෙනි, නුඹලාගේ භාර්යාවන් කෙරෙහි කර්කශ (කුරීරු) නොවී ඔවුන්ට ප්‍රේම කරපල්ලා” (කොලොස්සි 3:18-19). “එසේම පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤා වලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්යාවන් සමග දැනගැන්මෙන් මේ හැටියට වාසය කරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන්ද බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා” (1 පේත්‍රැස් 3:7). මෙම පද සියල්ලන්ම තුළින් අපට පෙනී යන්නේ ප්‍රේමය සහ ගෞරවය ස්වාමිපුරුෂයෙකුගේ සහ භාර්යාවකගේ භුමිකාවන් විදහා දක්වන බවය. ඉහත කී දේ පැවැත්වේ නම් ආධිපත්‍යය, අධිපතිකම, ප්‍රේමය සහ අවනතවීම එක් සහකරුවකුටවත් ගැටළුවක් නොවේ.

නිවසෙහි වගකීම් කොටස් සලකා බලන කළ දේවවචනයෙන් උපදෙස් දෙනු ලබන්නේ ස්වාමිපුරුෂයා තම පවුලට සැපයිය යුතු බවය. මෙයින් අදහස් කරනු ලබන්නේ ඔහු රැකියාවෙහි නියැලී තම භාර්යාවගේ සහ දරුවන්ගේ ජීවන අවශ්‍යයතා ප්‍රමාණවත් ලෙස සැපයීම පිණිස මුදල් ඉපයිය යුතු බවය. එසේ කිරීමට අසමත් වුවහොත් එහි ඒකාන්ත අධ්‍යාත්මික ප්‍රතිවිපාක අත්විඳීමට සිදුවේ. “යමෙක් තමාගේ අය ප්‍රධාන කොටම තමාගේ පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපා කළේය. ඔහු නොඇදහිලිකාරයෙකුය වඩා නරකය” (1 තිමෝති 5:8). තම පවුලට හරි ආකාරව සැපයීමට උත්සාහයක් නොගන්නාවූ පුරුෂයෙකු තමා හරි කිතුනුවකු යැයි කිව නොහැක. මින් අදහස් වන්නේ භාර්යාවට පවුලේ නඩත්තුව උදෙසා කිසිඳු ආකාරයකට සහය දිය නොහැකි යන්න නොව. හිතෝපදේශ 31 හී ආදර්ශණය කරන පරිදි භක්තිමත් බිරිඳකට එසේ කළ හැකි බවය-එනමුත් ඇයගේ ප්‍රාථමික වගකීම පවුලට සැපයීම නොවේය, ඇයගේ ස්වාමිපුරුෂයාගේය. ගෙදර දොර සාමාන්‍ය කටයුතු සහ දරුවන්ගේ වැඩ කටයුතු වලට ස්වාමිපුරුෂයා උපකාර කළ යුතු වන අතර (ඒතුළින් තම භාර්යාවට ප්‍රේම කිරීමට ඇති වගකීම ඉටු කෙරේ), ස්ත්‍රියකගේ බලපෑම සහ වගකීමේ මූලික ක්ෂේත්‍රය නම් තම නිසවස බව හිතෝපදේශ 31 හීද පැහැදිලිවම සඳහන් කෙරේ. ඇයට රෑ බෝවන තුරු අවදිව සිටින්නන්ට වූවත් උදෑසනම අවදි වන්නට වූවත් ඇයගේ පවුල ඉතා හොඳින් රැක බලා ගැනේ. මෙය බොහෝ ස්ත්‍රීන්ට පහසු නොවන ජීවන ශෛලයක් නොවේ, විශේෂයෙන්ම බටහිර සමෘද්ධිමත් ජාතීන්ට එසේ වේ. කෙසේ නමුත් බොහෝ කාන්තාවන් මානසික ආතතියකට සහ බිඳුම් අවස්ථාව දක්වාම ඇදී සිටිති. මෙවන් ආතතියකින් වැළකීම සඳහා ස්වාමිපුරුෂයා සහ භාර්යාව යාච්ඤාවෙන් යුක්තව තම ප්‍රමුඛතාවයන් යලි පෙල ගස්වා ගත යුතු අතර ඔවුන්ගේ භුමිකාවන්ට අදාළ දේවවචනයේ උපදෙස් අනුගමනය කළ යුතුවේ.

විවාහයකදී ශ්‍රම බෙදුම පිළිබඳව ගැටුම් ඇති වීමට ප්‍රවණතාවයක් ඇති නමුත් සහකරුවන් දෙදෙනාම ක්‍රිස්තුස් වහන්සේට අවනත වන්නෝ නම් එවැනි ගැටුම් අවමයකට පත් වේ. මෙවැනි හේතුන් කරණකොටගෙන යුවලක් නිතරම සහ තද පරුෂ විවාද කෙරේ නම් හෝ එවැනි ගැටුම් තුළින් ඔවුන්ගේ විවාහය පිළිඹ්බු වේ නම් එම ප්‍රශ්නය අධ්‍යාත්මික එකක් වේ. එවන් අවස්ථාවන්හි සහකරුවන් යාච්ඤාවෙන් සහ යටහත් කමින් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රථම කොට නැවත භාර විය යුතු අතර ඉන්පසු එකිනෙකාට යටහත් විය යුත්තේ ප්‍රේමය සහ ගෞරවය යන ආකල්පයන් සහිතවය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

පවුලක ස්වාමිපුරුෂයා සහ භාර්යාවගේ කාර්යභාරය කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries