settings icon
share icon
ප්‍රශ්නය

කිතුනුවෙකු ලෞකික සංගීතයට ඇහුම්කන් දිය යුතුද?

පිළිතුර


බොහෝ කිතුනුවන් මෙම ප්‍රශ්නය සමඟ පොරබඳියි. බොහෝ ලෞකික සංගීතඥයන් අප්‍රමාණ දක්ශකම් පෙන්වයි. ලෞකික සංගීතය සැබවින්ම අප වින්දනයට ලක් කරයි. බොහෝ ලෞකිම ගීත වල සිත් ඇද ගන්නා සුළු තනු, ගැඹුරු තේරුම් හා ධනාත්මක පණිවිඩ අඩංගුය. ලෞකික ගීත සවන්ඳීම වැරදිද නිවැරදිද යන්න තීරණය වීම ප්‍රධාන කරුණු තුනක් මත තීරණය වේ. 1) සංගීතයෙහි සැබෑ අරමුණ. 2) සංගීතයේ සැබෑ ශෛලිය. 3) එහි පද මාලාවේ ගැබ් ගෙන තිබෙන තේරුම.

1. සංගීතයෙහි සැබෑ අරමුණ: සැබවින්ම සංගීතය අරමුණු කර ගෙන තිබෙන්නේ දෙවියන් වහන්සේගේ නමස්කාරය ද නැතැහොත් දෙවියන් වහන්සේ විසින් අපව සැනසීමට නැතහොත් අපට විනෝදය ගෙන දෙන පිනිස සංගීතය ස්ථාපිත කළ සේක්ද? බයිබලයෙහි සුප්‍රසිද්ධ සංගීතඥයා වන දාවිත් තුමා, මූලිකව සංගීතය යොදාගනු ලැබුවේ දෙවියන් වහන්සේව නමස්කාර කිරීමටය. (ගීතාවලිය 4:1, 6:1, 54, 55, 61:1, 67:1, 76:1) කෙසේවූවත් සාවුල් රඡ යක්ශ ආත්මවලින් පීඩා විඳිද්දී, ඔහු දාවිත් තුමාට කථා කර පැවසුවේ වීනාව වයා තමාගේ සිත සනසන්න කියාය. (1 සාමුවෙල් 16:14-23) ඉශ්‍රායෙලිතයන්ද විනාශයක් පිළිබඳව කලින් දැනුම් දීමට සංගීතය භාවිත කළෝය. (නෙහෙමියා 4:20) එසේම ඔවුන්ගේ සතුරන්ව පුදුමයට පත් කිරීමටද සංගීතය යොදා ගැනුනි. (විනිශ්චයකාරයාගේ පොත 7:16-22) අළුත් ගිවිසුමෙහි පාවුල් තුමා පවසන්නේ තවත් කෙනෙකුව ධෛර්යමත් කිරීමට සංගීතය යොදාගන්නා ලෙසයි. ගීතිකාවලින් ද කවි වලින් ද ආත්මික ගී වලින් ද එකිනෙකාට කථාකොට, (එපීස 5:19) එබැවින් සංගීතයේ පරම අරමුණ නම් දෙවියන් වහන්සේට නමස්කාරය කිරීම වූවත් වෙන යම් අරමුණු ද බයිබලයෙහි සඳහන් වේ.

2. සංගීතයේ සැබෑ ශෛලය: අකාරුණිකව අද සමාඡයේ, සංගීතයේ සැබෑ ශෛලීන් අප තුළ භේද ඇතිකරවයි. සමහර කිතුනුවන් මෙම සංගීත භාණ්ඩ අතීශයෙන් ප්‍රතික්ශේප කරයි. සමහර කිතුනුවන් පැරණි විශ්වාස ගීත වලට තදින් ඇළුම් කරයි. සමහර කිතුනුවන් සමකාලීන හා වේග රිද්ම සංගීතයට ඇළුම් කරයි. සමහර කිතුනුවන්, රොක් සංගීතය මුසු වූ පරිසරයක නමස්කාර කිරීමට ප්‍රිය කරයි. ඉහත සඳහන් සියල්ල එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් හා සංස්කෘතීන් සමඟ වෙනස් වෙන බව සමහර කිතුනුවන් පවසන අතර ඔවුන්ගේ මතය නම් බයිබලයෙහි ස්ථාපිත කර ඇති සංගීතයක් ඇරෙන්න වෙනත් සංගීත ක්‍රම තිබේද ඒවා දේවත්වයට නුසුදුසු, සාතන්ගේ රාඡ්‍යට අයිති දේවල් බවය. බයිබලය සැමවිටම සංගීත ශෛලීන් වලට විරුද්ධ වේ. බයිබලය තරයේ යම් කිසි වාද්‍ය භාණ්ඩයක් අදේවවාදීයි ලෙස පවසන්නේ නැත. බයිබලය විවිධ වූ සුළං හා තත්වලින හඬ නිපදවන භාණ්ඩ හඳුන්වාදෙයි. බයිබලය විශේෂාකාරයෙන් බෙරවර්ග ගැන කියා නොමැති නුමුත් වෙනත් වාද වෘද්දයන් ගැන එහි සඳහන් වේ. (ගීතාවලිය 68:25, එස්රා 3:10) සියළුම සංගීතයන් පාහේ, එකම සංගීත භාණ්ඩ හෝ සංගීත භාණ්ඩ වල මිශ්‍රවීමක් තුළින් හා විවිධ වූ වේග රිද්ම හා ගැඹුරු සුසර කිරීම් වලට භාඡනය වෙමින් වෙනස් වේ. බයිබලයෙහි, කිසිඳු සංගීත ශෛලයක් අදේවවාදී හෙවත්

3. පද මාලාවේ ගැබ් ගෙන ඇති තේරුම: සැබවින්ම ගීතයේ අරමුණවත් ශෛලයවත් නොව, කිතුනුවෙකු එයට ඇහුම්කන් දිය යුතුද කියා තීරණය කරන්නේ එහි අඩංගු වචන මාලාවයි. පිලිප්පි 4:8 විශේෂාකාරයෙන් සංගීතය ගැන සඳහන් කර නොතිබුණත්, පදමාලාවේ අඩංගු විය යුතුදේ පිළිබඳව අපට මනා උපදෙසක් ලබා දෙයි. ඉතින් සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරු කටයුතු ද, යම් පමණ දේ සාධාරණ ද, යම් පමණ දේ පිරිසිඳු ද, යම් පමණ දේ ආදරණීය ද යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක් යම්‍ ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරපල්ලා. අප සැමවිට ඉහත සඳහන් දේ මෙනෙහි කළහොත්, සැබවින්ම ඒ දේවල් සංගීතය හා පදමාලාවන් මඟින් අප ඡීවිතයට කැඳවා ගත යුතුය. ලෞකික ගීතයක පදමාලාව සත්‍ය, ගරු කටයුතු, සාධාරණ,්පිරිසිඳු, ආදරණීය, යහපත් කීර්තියක් ඇතුව හා ප්‍රශංසා කිරීමට හැකි ව තිබේවිද? එය එසේ නම් එවැනි ගීතයකට ඇහුමිකන් දීම හෝ ඇළුම් කිරීම, කිතුනුවෙකුට කළ හැකි දෙයකි.

කෙසේ නුමුත්, බොහෝ ලෞකික ගීතවල පිලිප්පි 4:8 හා අඩංගු නිර්ණායකයන් නොමැත. කෙසේ නුමුත් බොහෝ ලෞකික සංගීත දුරාචාරය හා ප්‍රචණ්ඩත්වය ප්‍රගුණ කරන අතර පිරිසිඳු කම හා සමෝදානයෙන් බැහැරවෙයි. දෙවියන් වහන්සේ ප්‍රතික්ශේප කරන යම් දෙයක්, ගීතයක් තුළින් මහිමයට පත් කරනවා නම් එය කිතුනුවෙකු නොඇසිය යුතුය. නුමුත් සමහර ගීතවල දෙවියන් වහන්සේව ප්‍රකාශ නොවූවත්, යහපත් වූ කාරණා එනම් ගෞරවය, පිරිසිඳකම හා සමෝදානයෙන් සමන්විත වේ. සමහර ආදර ගීත, ආදරයේ පූඡනීයත්වය එනම් විවාහයේදී හෝ සැබෑ ආදරයේ පිරිසිඳුකම පෙන්නුම් කරයි නම්-එහි දෙවියන් වහන්සේ හෝ බයිබලය ගැන සඳහන් නොවූවත් කිතුනුවෙකුට එයට ඇහුම්කන් දී ප්‍රිති විය හැක.

කිසියම් මිනිසෙකු තමාගේ මනස යම් දෙයකින් පුරවාගනියි ද ඔහුගේ කථාව හා ක්‍රියාවන්ද පසු කලෙක එසේම වේ. පිලිප්පි 4:8 හා කොලොස්සි 3:2 හි පසු අදහස නම් මෙය වේ. එනම් යහපත් හා මානසික සුවය ගෙන දෙන සිතුවිලිය. දෙවනුව 2 කොරින්ති 10:5 හි පවසන්නේ අප සැමවිටම සියළු සිතුවිලි ක්‍රිස්තුස් වහන්සේට වහල්කර දෙන්නෙමු. මෙම පදයෙන් අපට පැහැදිලිව පෙන්වා දෙන්නේ අප ඇසිය යුතු සංගීතයන් මොනවාද කියාය.

සැබවින්ම කිතුනුවන් ලෙස අපට ඇසිය හැක්කේ දෙවියන් වහන්සේට ප්‍රශංසාව හා නමස්කාරය ගෙන දෙන සංගීතයන්ය. දක්ශ කිතුනු සංගීතඥයන් සෑම සංගීතයක්ම පාහේ එනම් සම්භාව්‍ය සංගීතයෙන් රොක් සංගීතයට, රැප් හා රෙගේයි, බටහිර ඉන්දියානු සංගීතයට දෙවියන් වහන්සේට ගෞරවය ගෙන දෙයි. කිසිම සංගීත ශෛලයක් වැරදියි කියා නිෂ්ප්‍රභා කළ නොහැක. සැබවින්ම එහි අඩංගු වචන හෙවත් පද මාලාව කිතුනුවෙකුට එය ඇසීම තීරනය කරයි. අපව කෙසේ හෝ දෙවියන් වහන්සේව මහිමයට පත් නොකරන දෙයකට පොළඹවයි නම් එය වැළැක්විය යුතුය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

කිතුනුවෙකු ලෞකික සංගීතයට ඇහුම්කන් දිය යුතුද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries