settings icon
share icon
ප්‍රශ්නය

මරණිය පාප හත නම් කුමක්ද?

පිළිතුර


මරණීය පාප හත නම් මුල් කිතුනු ඉගැන්වීම් හා අනුගාමිකයන්ට උපදෙස් දී ඇත වැටුනාවූ මනුෂ්‍යාගේ පාපයට වහල්වීම (නැඹුරුකම) පිළිබඳව මූලික ලැයිස්තුවක් වේ. මේ මරණීය පාප පිළිබඳව වැරදි වැටහීමක් නම් මේ “මරණීය” පාප නම් දෙවියන් වහන්සේ සමාව නොදෙන පාප ලෙසට. බයිබලයේ පැහැදිලිව පවසනවා දෙවියන් වහන්සේ සමාව නොදෙන පාපය නම් දිගටම පවත්වාගෙන යන මිථ්‍යාදෘෂ්ටිය වේ. මන්ද එය යේසුස් වහන්සේගේ කුරුසියේ මරණය හා යේසුස් වහන්සේ තුළින් ලැබෙන සමාව එපා කරන නිසා.

මරණීය පාප හත බයිබලානුකුලද? ඔව් හා නැත. හිතෝපදේශ 6:16-19 පවසනවා “ස්වාමින් වහන්සේ ද්වේෂ (වෛර) කරන කාරණා හයක් ඇත, උන් වහන්සේ පිළිකුල් කරන කාරණා හතක් තිබේ: 1) උඩඟු ඇස් 2) බොරුකාර දිව 3) නිර්දෝෂ ලේ වගුරුවන අත් 4) දුෂ්ඨ උපා යොදන සිත 5) නපුරට දුවන්ට ඉක්මන් වෙන පාද 6) මුසා බස් නික්මවන බොරු සාක්‍ෂිකාරයා හා 7) සහෝදරයන් අතරේ භේද පතුරවන්නා.” කෙසේ වෙතත්, බොහෝ මනුෂ්‍යන් මේ ලැයිස්තුව මරණීය පාප ලෙසට තේරුම් නොගත්තෝය.

6 වන ශත වර්ෂයේ සිටියාවූ ග්‍රෙගරි නම් පාප් වහන්සේ පවසන ලෙසට මරණීය පාප හත නම්: උඩඟුකම, ඊර්ෂ්‍යාව, තෘෂ්ණාව, කාම රාගය, කෝපය, කෑදරකම හා අලසකම. මේවා ප්‍රතික්ෂේප කළ නොහැකි පාප වෙතත් ඒවා “මරණීය පාප හත” හැටියට බයිබලයේ පවසා නැත. මරණීය පාප හතේ සම්ප්‍රදායික ලැයිස්තුව පවතින්නාවූ වෙනස පාප වෙන්කර හඳුනා ගැනීම හැකි යහපත් කාර්‍යයක් ලෙසට පත්වේ. මේ කාණ්ඩ හතෙන් එකකට සෑම පාපයක්ම වගේ අඩංගු වෙනවා. වඩාත් වැදගත් මේ පාප අන් පාප වලට වඩා “මරණීය” ලෙසට තවත් නොවන බව අප තේරුම් ගැනීම සෑම පාපයේ විපාකය මරණයයි (රෝම 6:23). දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා, යේසුස් වහන්සේ කරණකොටගෙන, අපගේ සියලු පාප “මරණීය පාප හත” ඇතුලුව සමාව ලැබීමට හැකි බව (මතෙව් 26:28; ක්‍රියා 10:43; එපීස 1:7).

English



නැවතත් සිංහල මුල් පිටුවට

මරණිය පාප හත නම් කුමක්ද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries