settings icon
share icon
ප්‍රශ්නය

අවසාන කාලය පිළිබඳ ඇති ලකුණු මොනවාද?

පිළිතුර


මතෙව් 24:5-8 හී අපට සමහර ඉඟි ඉදිරිපත් කරයි. එයින් අපට අවසාන කාලය පැමිණීමේ දවස් ගැන තෝරා ගැනීමට මදක් හැකිවේ. “මක්නිසාද බොහෝ දෙනෙක් මම ක්‍රිස්තුස්ය කියා මාගේ නමින් ඇවිත් බොහෝ දෙනෙකු මුලා කරන්නෝය. යුද්ධ හා යුධ ප්‍රවෘති ගැන නුඹලා අසනවා ඇත. නොකැලබෙන්ට බලා ගනිල්ලා. මක්නිසාද මේ සියල්ල සිදු වෙන්ට ඕනෑය. නමුත් ඒ වනතුරු අන්තිමය නොපැමිණෙන්නේය. මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන් වල සාගතද පොළෝ කම්පාද සිදුවෙනවා ඇත. මේ සියල්ල ගාවිනාවල පටන් ගැන්මය.”

සමහර පරිවර්තනයන් සෑම පොළෝ කම්පාවටම යොමු කරයි. සෑම දේශපාලනාත්මක ආන්දෝලයක්, ඊශ්‍රායෙලයට යොමුවන සෑම පීඩාවකාම ඔවුන් ස්ථීරවම අවසාන කාලය ලඟ බවට ප්‍රකාශ කරයි. ඒවා අවසාන කාලයට සංඥාවක් ලෙසටද වේ. නමුත් අවසාන කාලයම තමයි පැමිණ තිබෙන්නේ යැයි නිසැකවම පැවසිය නොහැක. පාවුල් තුමා පවසනවා අවසාන කාලයේදී ව්‍යාජ ඉගැන්වීම් බොහෝමයක් හට ගන්නා බවට. “එහෙත් පසු කාල වලදී සමහරු මුලා කරවන ආත්මයන්ද යක්‍ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන් වහන්සේ පැහැදිලි ලෙස කියන සේක” (1 තිමෝති 4:1). අවසාන දවස් “අන්තරා කාලයන්” මක්නිසාද මනුෂ්‍යන්ගේ නපුරු ක්‍රියා වර්ධනය වී “සත්‍ය එපා කරයි” (2 තිමෝති 3:1-9, එමෙන් බලන්න 2 තෙසලෝනික 2:3).

තවත් ලකුණක් නම් යෙරුසලමේ යුදෙව් මාලිගාවක් යලි ගොඩ නැගීම එමෙන්ම ඊශ්‍රායෙලයට විරුද්ධව සතුරු කම වැඩි වේ. ඒකාධිපති පාලනයට වැඩි මනාපයක් ඇති වීම. අවසාන කාලය පිළිබඳව ඇති පැහැදිලි ලකුණු වේ. කෙසේ වෙතත් ඊශ්‍රායෙල් ජාතිය 1948 දී ඊශ්‍රායෙලය රාජ්‍යයක් බවට ප්‍රකාශ කරන ලදී. පළමු වතාවට ක්‍රි. ව. 70 දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දි වුනා ඔහුගේ වංශයට කානාන් දේශය “සදාකාල උරුමයක් කොට” දෙන බවට (උත්පත්ති 17:8). එසකියෙල් අනාගත වාක්‍ය පැවසූ ආකාරයට ශාරීරික හා ආත්මික ප්‍රබෝධයක් ඊශ්‍රායෙලට (එසකියෙල් 37 පරිච්ඡේදය) ඊශ්‍රායෙලය ජාතියක් වශයෙන් තම දේශයේම සිටීම අවසාන කාල අනාවැකි වලට ආලෝකයක්. මන්ද ඊශ්‍රායෙලය ඉතා වැදගත් අවසාන ඉරණමට (දානියෙල් 10:14; 11:41; එළිදරව් 11:8).

මේ ලකුණු මනසේ තබා ගෙන, අප ඥානවන්තව තෝරා ගත යුතුය අවසාන කාලය පිළිබඳව බලාපොරොත්තු වේදී. කෙසේ වෙතත් අප කිසිම විට මේ සිදුවන සිදුවීම් ගෙන එය පැහැදිලි නිදසුන් ලෙසට නිගමනය නොකළ යුතුයි අවසාන කාලය කියා. දෙවියන් වහන්සේ අපට ඇති තරම් තොරතුරු දී ඇත සූදානම් වීමට. එයටයි අපව කැඳවා ඇත්තේ.

English



නැවතත් සිංහල මුල් පිටුවට

අවසාන කාලය පිළිබඳ ඇති ලකුණු මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries