settings icon
share icon
ප්‍රශ්නය

නිශ්ශබ්ද යාච්ඤාව බයිබලය හා සම්බන්ධද?

පිළිතුර


නිශ්ශබ්ද යාච්ඤාව සම්බන්ධයෙන් විශේෂ ලෙස බයිබලයේ සඳහන් නොවේ. නමුත් එයින් අදහස් කරන්නේ ශබ්ද නගා කරන යාච්ඤාවට වඩා එය වටිනාකමින් අඩු බව නොවේ. ලේසියෙන් අපගේ වචන ඇසෙනවා සේම අප‍ෙග් සිතුවිලිද දෙවියන් වහන්සේට ඇසෙයි (ගීතාවලිය 139:23; යෙරමියා 12:3). පරිසිවරුන්ගේ නපුරු සිතුවිල් යේසුස් වහන්සේ දැන සිටියේය (මතෙව් 12:24-26; ලූක් 11:7). අප කරන කියන සිතන කිසිම දෙයක් දෙවියන් වහන්සේගෙන් සැඟවී නැත. අපගේ සිතුවිලි දැනගැනීමට නම් අපගේ වචන අසන්නට අවශ්‍යය නොවන්නේ කා හටද? එහෙත් අප කථා කලත් නැතත් උන් වහන්සේට ඉදිරිපත් කර ඇති සියළු යාච්ඤාවන් උදෙසා උන් වහන්සේට ප්‍රවේශ විය හැක.

පෞද්ගලිකව යාච්ඤා කිරීම බයිබලයේ සඳහන් නොවේ (මතෙව් 6:6). ඔබ ඔබ විසින්ම නම් ශබ්ද නගා හෝ නිශ්ශබ්දව යාච්ඤා කිරීම අතර ඇති වෙනස කුමක්ද? නිශ්ශබ්ද යාච්ඤාව නියමිත වන අතර අවස්ථා ඇත. උදා: ඔබ හා දෙවියන් වහන්සේ සමග පමණක් යම් දෙයක් වෙනුවෙන් යාච්ඤා කිරීම, පැමිණි යම් අයෙකුට කරන යාච්ඤා යනාදියය. අප යාච්ඤා කරන බව අන් අය දැකීමෙන් අපව අපහසුතාවයට පත්වන හේතුව නිසා නිශ්ශබ්ද යාච්ඤාව නොකරන තාක් කල් එහි තුළ කිසිදු වරදක් නැත.

සමහරවිට අනුක්ත යාච්ඤාවේ ස්ථීරත්වය දැක්වීමට ඉතා හොඳ පදයක් නම් 1 තෙසලෝනික 5:17 “නොනවත්වාම යාච්ඤා කරන්න” වශයෙන් පෙන්වා දිය හැක. නිසැකයෙන්ම නොනවත්වා යාච්ඤා කිරීම යනු අප මුළු වෙලාවේම ශබ්ද නගා යාච්ඤා කරනවා යැයි අදහස් නොකරයි. ඊටත් වඩා එයින් අදහස් වන්නේ අප අපගේ සියළු සිතුවිලි උන් වහන්සේ තුළට සිරගත කරමින් (2 කොරින්ති 10:5) සහ සියළු තත්වයන් සැලැස්මවල්, බිය, හෝ ඕනෑකමින් උන් වහන්සේගේ සිහසුන අභිමුඛයට ගෙන එමින් දේව-විඥානයෙන් යුතුව ස්ථීර තත්වයක සිටීමය. අපගේ ප්‍රශංසාවේ, යැදීමේ ආයාචනයේ සහ දෙවියන් වහන්සේට ස්තුති දීමේ සිතුවිලි යොමු කරන කළ නොනවත්වාම යාච්ඤා කිරීමේ කොටස් නම් කථා කරන්නාවූ, හීන් හඬින් කියන්නාවූ, කෑ ගසන්නාවූ, ගයන්නාවූ සහ නිශ්ශබ්දව සිට කරන්නාවූ යාච්ඤාවන්ය. English



නැවතත් සිංහල මුල් පිටුවට

නිශ්ශබ්ද යාච්ඤාව බයිබලය හා සම්බන්ධද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries