settings icon
share icon
ප්‍රශ්නය

මූලික හැඳින්වීම: ආත්මය තුළ මරාදැමීම බයිබලානුකුලද?

පිළිතුර


සාමාන්‍යයෙන්ම, “ආත්මය තුළ මරාදැමීම (මිය යෑම)” සිදුවන්නේ මෙහෙයවන පුද්ගලයා (පූජකයා) යම් කෙනෙකු මත අත තැබූ විට, ඒ පුද්ගලයා පොළොව මතට ඇද වැටෙන අතර, ශුද්ධාත්මයාණන්ගේ බලය කරණකොටගෙන ජය ගන්නා විට. ආත්මය තුළ මිය යෑම ක්‍රියාත්මක කරනා අය පාවිච්චි කරන බයිබල් කොටස වන්නේ මනුෂ්‍යයන් “මැරුණා” යයි පවසන (එළිදරව් 1:17) හෝ ඔවුන්ගේ මුහුණින් වැටීම (එසකියෙල් 1:28; දානියෙල් 8:17-18; 10:7-9). ඒ කෙසේ වෙතත්, මේ බයිබලානුකුල මුහුණින් වැටීම හා ආත්මය තුළ මරා දැමීමේ ක්‍රියාවලිය අතර බොහෝ වෙනස්කම් ඇත.

1. බයිබලානුකුල බිමට වැටීම නම් යම් කෙනෙකුගේ ප්‍රතික්‍රියාව ඔහු දර්ශණයකින් දුටු යමකට හෝ සාමාන්‍ය සිදුවීමක් අභිබවා සිදුවන සිදුවීමකට. ක්‍රිස්තුස් වහන්සේගේ අන්වෙසක් වීම වැනි (මතෙව් 17:6). බයිබලයේ සඳහන් නොවන ආත්මය තුළ මරා දැමීමේ ක්‍රියාවලිය, මනුෂ්‍යයෙකුගේ ප්‍රතිචාරය තව කෙනෙකුගේ අත ගැසීමකට හෝ දේශකයාගේ අතේ සෙලවීමට (සංඥාවට).

2. බයිබලානුකුල අවස්ථා ස්වල්පයක් හා කලාතුරකින් වූ නිසාත්, ඒවා ඉතා ස්වල්ප දෙනෙකුගේ ජීවිතයේ සිදුවූ නිසා. ආත්මය තුළ මාරා දැමීම අපූර්වය, බිම වැටීම වරින් වර සිදුවූවක් හෝ බොහෝ දෙනෙකුට සිදුවූවකි.

3. බයිබලානුකුල සිදුවීම් තුළ, මනුෂ්‍යයන් ඔවුන් යාගයක් හෝ දකිනා දෙයකට හෝ කෙනෙකුට මුහුණින් වැවේ. ආත්මය තුළ මරා දැමීම ව්‍යාජ නම්, ඔවුන් පිටු පසට වැටේ, හෝ දේශකයාගේ සුරතේ සංඥාවට ප්‍රතිචාර දැක්වීම හෝ සභා නායකයෙකුගේ ස්පර්ෂයේ ප්‍රතිඵලයක් ලෙස (හෝ සමහර අවස්ථාවල තල්ලු කිරීමක්).

අප සෑම ආත්මයක් තුළ මැරීමක්ම ව්‍යාජ ආත්මයක් හෝ ස්පර්ෂයක හෝ තල්ලුවට ප්‍රතිචාර දැක්වීමක් කියා ප්‍රකාශ නොකරමු. සමහර අය පවසනවා ඔවුන්ව පස්සට වැටීමට හේතුව වුනේ යම් ශක්තියක බලපෑමකින් කියා. කෙසේවෙතත්, මේ අදහසට බයිබලානුකුලව සහයෝගයක් අපට දැකිය නොහැක. ඔව්, සමහරවිට යම් බලයක් හෝ ශක්තියක බලපෑමක් තිබෙන්ට පුළුවන. නමුත් එසේ නම් එය දෙවියන් වහන්සේගෙන් නොවන අතර එය ශුද්ධාත්මයාණන්ගේ ක්‍රියාවක ප්‍රතිඵලයද නොවේ.

නමුත් අවාසනාවට ආත්මික ඵල නැති එවැනි ව්‍යාජ දේ වලට මිනිසුන් යොමුවෙනවා. ක්‍රිස්තුස් වහන්සේව අපගේ ජීවිතයේ ආත්මයානන් දුන් ඵල ගෙන මහිමයට පත් කිරීම වෙනුවට (ගලාති 5:22-23). ආත්මයෙන් පිරීමේ සාධකයක් නොවේ එවැනි ව්‍යාජ දේවල්, නමුත් දේව වචනයෙන් පිරී ඉතිරී යන ප්‍රශංසාවක් ස්තුති දීමක් හා දෙවියන් වහන්සේට කීකරු වීමක්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මූලික හැඳින්වීම: ආත්මය තුළ මරාදැමීම බයිබලානුකුලද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries