settings icon
share icon
ප්‍රශ්නය

ආගම් බොහෝමයක් ඇත්තේ කුමක් හෙයින්ද? සෑම ආගමක්ම දෙවියන් වහන්සේ වෙතට යොමු කරනු ලබයිද?

පිළිතුර


බොහෝ ආගම් වල පැවැත්ම සහ සෑම ආගමක්ම දෙවියන් වහන්සේ වෙතට යොමු කරනු ලබයි යන කරුණ හේතුකොටගෙන නිසැකවම දෙවියන් වහන්සේ පිළිබඳව සත්‍යය ඒකාන්තයෙන්ම සොයන්නවුන් වියවුල් තත්වයකට පත්වෙති. සමහරවිට මෙහි අවසාන ප්‍රතිඵලය වනුයේ එම විෂයෙහි පූර්ණ සත්‍ය කරා ළඟාවන්නේ කෙදිනකද යන්න පිළිබඳව බලාපොරොත්තුව නැති කර ගැනීමය. එසේ නොමැති නම් ඔවුන් අවසාන වන්නේ සෑම ආගමක්ම දෙවියන් වහන්සේ වෙතට යොමු කරනු ලබයි යන සාර්ව භෞමික කරුණ වැළඳ ගැනීමෙන්ය. සැබවින්ම සංශයවාදීන්ද යොමු කරනු ලබන්නේ බොහෝ ආගම් වල පැවැත්ම හේතුවෙන් ඔබට දෙවියන් වහන්සේව දැන ගත නොහැක යන්න සාධකයක් වන බව හෝ දෙවියන් වහන්සේගේ කිසිඳු පැවැත්මක් නොමැති බවය.

රෝම 1:19-21 හි අන්තර්ගත වන්නේ බොහෝ ආගම් පැවතෙන්නේ මන්ද යන්නට බයිබලය හා සම්බන්ධ විවරණයකි. සෑම මනුෂ්‍යයෙකුම විසන්ම දෙවියන් වහන්සේ පිළිබඳව සත්‍යය ඇක සහ දැනගෙන ඇත්තේ උන් වහන්සේ විසින් ඒ ආකාරයට එය සාදා ඇති හෙයිනි. දෙවියන් වහන්සේ පිළිබඳව සත්‍ය පිළිගෙන එයට යටහත් වනවා වෙනුවට බොහෝ මනුෂ්‍යයන් එය ප්‍රතික්ෂේප කොට දෙවියන් වහන්සේව වටහා ගැනීමට තමන්ගේම මාර්ග සොයති. එනමුත් මෙතුළින් දෙවියන් වහන්සේ පිළිබඳව කිසිඳු අවබෝධයකට නොව නිෂ්ඵල චින්තනයකට මග පෙන්වනු ලබයි. බොහෝ ආගම් නම්වූ පදනම අපට සොයා ගත හැක්කේ මෙහිදීය.

බොහෝ ජනතාවට ධර්මිෂ්ඨකම සහ සදාචාරය නියම කරනු ලබන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට අවශ්‍යය නොවන හෙයින් එවැනි අවශ්‍යතාවයන් නොමැති දෙවි කෙනෙකු ඔවුන් විසින් නිම කරගනු ලබති. මිනිසාට සවර්ගයට යන මග තනිවම උපයා ගැනීම කිසිසේත්ම කළ නොහැකි බව ප්‍රකාශ කරන්නාවූ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමට බොහෝ ජනතාවට අවශ්‍යය නොවේ. එසේ හෙයින් ඔවුන් විසින් නිර්මාණය කරනු ලබන්නේ, ඔවුන් විසින් කිසියම් පියවරයන් සම්පූර්ණ කර ඇත්නම් හෝ යම් නිතිරීතින් අනුගමනය කර ඇත්නම් හෝ සහ යම් නිතිරීතීන්ට අවනතවී ඇත්නම් හෝ අවම ලෙස ඔවුන් එයට තමාගේ උපරිම හැකියාව හෝ දක්වා ඇත්නම් ඔවුන්ව ස්වර්ගයට පිළගනු ලබන දෙවි කෙනෙකුය. බොහෝ ජනතාවට ශ්‍රේෂ්ඨ සහ සර්වබලධාරි දෙවි කෙනෙකු හා සමග සම්බන්ධ තාවයක් අවශ්‍යය නොවේ. එසේ හෙයින් ඔවුන් දෙවියන් වහන්සේ පිළිබඳව සිතින් මවා ගන්නේ පෞද්ගලික සහ ශ්‍රේෂ්ඨ පාලකවරයාණන් කෙනෙකු වෙනුවට බොහෝ විට ගුප්ත බලවේගයක් ලෙසය.

බොහෝ ආගම් වල පැවැත්ම වූ කලී දෙවියන් වහන්සේගේ පැවැත්මට ප්‍රතිවිරුද්ධවූ තර්කයක් හෝ දෙවියන් වහන්සේ පිළිබඳව සත්‍යය පැහැදිලි නොමැත යන්නට තර්කයක් හෝ නොවේ. සැබවින්ම කිවහොත් බොහෝ ආගම්වල පැවැත්ම යනු එකමවූවත් සත්‍යයවූවත් දෙවියන් වහන්සේව මනුෂ්‍යය වර්ගයා විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව නිරූපණයකි. මිනිස් සංහතිය උන් වහන්සේ වෙනුවට ඔවුන්ගේ කැමැත්තට අනුකුලවූ දෙවිවරුන්ව ආදේශනය කොට ගෙන ඇත. මෙය වූ කලී භයංකර උද්යෝගයකි. දෙවියන් වහන්සේව අපගේ ස්වරූපය ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට ඇති අභිරුචිය පැවත එන්නේ අප තුළ ඇති පාපතර ස්වභාවය හේතුකොටගෙනය-එම ස්වභාවය අවසානයේදී “විනාශය විපාකයක් ලෙස ලබා ගනියි” (ගලාති 6:7-8).

සෑම ආගමක්ම දෙවියන් වහන්සේ වෙතට යොමු කරනු ලබයිද? ඇත්ත වශයෙන්ම එසේ සිදුවේ. සියල්ලම වූවත් එතුමන්ගේ විනිශ්චයට යොමු වන්නේ එකක්ය. එකක් පමණි. කිතුනු ආගම එතුමන්ගේ පව් කමාවට සහ සදාකාලික ජීවනයට මග පාදයි. සෑම කෙනෙකුම වැළඳ ගන්නාවූ ආගම කුමක් වූවත් මරණයෙන් පසුව සියල්ලන්ටම දෙවියන් වහන්සේව මුණ ගැසේ (හෙබ්‍රෙව් 9:27). සෑම ආගමක්ම දෙවියන් වහන්සේ වෙතට යොමු කරනු ලබයි, එනමුත් දෙවියන් වහන්සේ විසින් පිළිගනු ලබන ආගමේ ප්‍රතිඵලය වන්නේ එකක් පමණි. එය එසේ වන්නේ උන් වහන්සේ වෙතට නිර්භීත භාවයෙන් යුක්තව ඕනෑම කෙනෙකුට ළඟා විය හැක්කේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල තුළින්වූ එතුමන්ගේ ගැලවීම කරණකොටගෙනය. දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍යය වැළඳ ගැනීම් තීරණය වැදගත් වන්නේ සරළ හේතුවක් කරණකොටගෙනය. සදාකාලිත්වය සාවද්‍යය වීමට ඇති කාලය ඉතාමත් දීර්ඝය. දෙවියන් වහන්සේ පිළිබඳ නිවැරදි ලෙස සිතීම උග්‍ර කරුණක් වන්නේ මේ හේතුවෙන්ය.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ආගම් බොහෝමයක් ඇත්තේ කුමක් හෙයින්ද? සෑම ආගමක්ම දෙවියන් වහන්සේ වෙතට යොමු කරනු ලබයිද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries