settings icon
share icon
ප්‍රශ්නය

මිනිස් ආත්ම මරණීය / අමරණීය?

පිළිතුර


සැකයක් නොමැතිව මිනිස් ආත්මය අමරණීයයි. මෙය අළුත් හා පරණ ගිවිසුම් වල ඉතා පැහැදිලිව සඳහන් කරයි: ගීතාවලිය 22:26; 23:6; 49:7-9; දේශනාකාරයා 12:7; දානියෙල් 12:2-3; මතෙව් 25:46; හා 1 කොරින්ති 15:12-19. දානියෙල් 12:2 හී පවසනවා “පොළොවේ ධූලියෙහි සැතපෙන්නන්ගෙන් බොහෝ දෙනෙක්, සමහරෙක් සදාකාල ජීවනයටත් සමහරෙක් නින්දාව සහ සදාකාල නීචකමටත්, පිබිද එන්නෝය.” ඊට සමානව යේසුස් වහන්සේම පැවසුවා නපුර කරන්නන් “මොවුහු සදාකාල ඳඬුවමටත්, ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝ යැයි කී සේක” (මතෙව් 25:46). “දඬුවවම” හා “ජීවනය” යන්නට භාවිතා වන ග්‍රීක වචනයෙන් අර්ථවත් වන්නේ නපුර කරන්නන් හා ධර්මිෂ්ඨයන් සියලු දෙනාටම සදාකාල / අමරණීය ආත්මයක් තිබෙන බවට.

බයිබලයේ කිසිම වැරැද්දක් නැති ඉගැන්වීමක් නම් සියලු මනුෂ්‍යයන් ඔවුන් ගැලවීම ලබා හෝ නැති වෙලා හෝ වේවා, ඔවුනට සදාකාල පැවැත්මක් ඇත. එය ස්වර්ගයේ හෝ අපායේ. අපගේ ශරීරයෙන් අප බැහැරවන අවස්ථාවෙන් (මරණයේදී) අපගේ සැබෑ ජීවිතය වන ආත්මික ජීවිතය නැති නොවේ. අප‍ෙග් ආත්ම සදාකාලිකව ජීවත්වේ, අප ගැලවීම ලබා ඇත්නම් එය ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ අබිමුඛයේ එසේ නැති නම් දඬුවමක් නම් නිරයේ එය වන්නේ දෙවියන් වහන්සේගේ ගැලවීම අප එපා කොලොත්, සැබවින්ම, කෙසේ වෙතත් බයිබලයේ අපට ඇති පොරොන්දු නම් අපගේ ආත්මය සදාකාලිකව ජීවත්වනවා පමණක් නොව අපගේ ශරීරයෙන්ද උත්ථාන වන බව. මේ ශාරීරික උත්ථානය කිතුනු ඇදහිල්ලේ හදවතයි (1 කොරින්ති 15:12-19).

සියළු ආත්ම අමරණීය වන අවස්ථාවේදී, අප දෙවියන් වහන්සේ සදාකාලිකව සිටිනා ලෙසම අපගේ සදාකාලික ස්වභාවය නොවේ. දෙවියන් වහන්සේ පමණයි එකම පුද්ගලයා සදාකාලිකව සිටි හා සිටින ආරම්භයක් හෝ අවසානයක් නැති දෙවියන් වහන්සේට සදාකාලික පැවැත්මක් තිබුණා ඉදිරියටත් තිබෙණවා. අනෙක් සෑම ජීවිතයක්ම ඒ මනුෂ්‍යයෙකු හෝ දේවදූතයෙකු ඔවුන් සීමිතයි එනම් ඔවුන්ට ආරම්භයක් හා අවසානයක් තිබුණා. අප පැවැත්මට පැමිණි කළ අපගේ ආත්ම සදාකාලික වන අතර, බයිබලයේ කිසිවිටක පවසන්නේ නැහැ අපගේ ආත්ම සැමදාම පැවතුනා කියලා, අපගේ ආත්ම අමරණීයයි. දෙවියන් වහන්සේ ඒ ආකාරයටයි අපව මවා ඇත්තේ. නමුත් ඔවුන්ට ආරම්භයක් විය, ඔවුන් සිටි නැති අවස්ථාද තිබුනා.

English



නැවතත් සිංහල මුල් පිටුවට

මිනිස් ආත්ම මරණීය / අමරණීය?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries