අන්‍ය භාෂා කථා කිරීමේ දීමනාව යනු කුමක්ද? එම දීමනාව අද කාලයටද?




ප්‍රශ්නය: අන්‍ය භාෂා කථා කිරීමේ දීමනාව යනු කුමක්ද? එම දීමනාව අද කාලයටද?

පිළිතුර:
අන්‍ය භාෂා වලින් කථා කිරීම පළමුව සිදුවූයේ ක්‍රියා 2 : 1-4 හි සඳහන් පෙන්තකොස්ත දිනයේදීය. ප්‍රේරිතයින් පිටත ගොස් සමූහයාගේ භාෂාවලින් කතා කරමින් ශුභාරංචිය ප්‍රකාශ කළෝය. “අපගේ භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කථා කරනවා අසමු!” (ක්‍රියා 2 : 11). ඒ අනුව අන්‍ය භාෂාවලින් කථා කිරීමේ දීමනාව යනු එම භාෂාව කථා කරන කෙනෙකුට උපකාර කිරීම සඳහා කෙනෙකු තමන් නොදන්නා භාෂාවකින් කථා කිරීමය. 1 කොරින්ති 12-14 දක්වා පරිඡේදවල පාවුල්තුමා නානා ප්‍රකාර ආශ්චර්යමත් දීමනා ගැන කතා කරමින් මෙසේ පවසයි. “ඉතින් සහෝදරයෙනි, මම නුඹලා ළඟට ඇවිත් එළිදරව්කිරීමෙන්වත් දැනගැන්මෙන්වත් ධර්මවාක්‍ය පැවසීමෙන්වත් ගුරුකම්දීමෙන්වත් නුඹලාට කථා නොකොට, අන් භාෂාවලින් කථා කළොත් නුඹලාට මොන ප්‍රයෝජනයක්ද? (1 කොරින්ති 14 : 6). පාවුල්තුමාට අනුව හා ක්‍රියා පොතේ විස්තර කර ඇති දේ සමග එකඟ වෙද්දි අන්‍ය භාෂා වලින් කථා කරීම කෙනෙකුට තමන්ගේ භාෂාවෙන් දෙවියන් වහන්සේගේ පණිවිඩය ඇසීම ඉතා වටිනා දෙයකි. එහෙත් එය අර්ථකතනය / පරිවර්තනය නොකෙරේ නම් අන්‍යයන් හට නිශ්ප්‍රයෝජනය.

අන්‍ය භාෂා තේරුම් කරදීමේ දීමනාව ඇති කෙනෙකුට (1 කොරින්ති 12 : 30) ඔහු හෝ ඇය ඇසූ භාෂාව නොදන්නා නමුත් අන්‍ය භාෂාවෙන් කථා කළ පුද්ගලයා කී දෙය තේරුම් ගත හැකිය. ඒ අනුව අන් සියලු දෙනාටම තේරුම් ගත හැකි පරිදි අන්‍ය භාෂා තේරුම් කර දෙන්නා අන්‍ය භාෂාවෙන් කී පණිවිඩය පරිවර්තනය කරන්නේය. “එබැවින් අන් භාෂාවකින් කථා කරන්නා තේරුම් කර දෙන්ට පුළුවන්වන ලෙස යාච්ඤා කෙරේවා” (1 කොරින්ති 14 : 13). තේරුම් කර නොදෙන අන්‍ය භාෂාව ගැන පාවුල්තුමාගේ අවසාන අදහස මෙසේය. “එසේ නුමුත් සභාවේදී අන් භාෂාවකින් දස දහසක් වචන කථා කරනවාට වඩා, අනුන්ටත් උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කථා කරන්ට කැමැත්තෙමි” (1 කොරින්ති 14 : 19).

අන්‍ය භාෂා වලින් කථා කිරීම අදට ද? “සම්පූර්ණ එක” පැමුණුනාම නැතිවන දේට අන්‍ය භාෂා කථා කරීම සම්බන්ධ වන නමුත් 1 කොරින්ති 13 : 8 (1 කොරින්ති 13 : 10) පවසන්නේ අන්‍ය භාෂා කථා කිරීමේ දීමනාව නවතින බවය. අනාගතකීම් හා දැනගැන්ම “නැතිවීම” සමගම සම්පූර්ණ එක පැමිණීමට පෙර අන්‍ය භාෂා කථා කිරීම නවතින බවට සාක්‍ෂියක් වශයෙන් අන්‍ය භාෂා කථා කිරීම “නැවතීම” යනු භාෂාවේ වෙනස්කමක් යයි ඇතැම් අය පෙන්වා දෙති. මෙය සිදුවිය හැක්කක් වන නමුත් මෙය එම කොටසෙහි සවිස්තරාත්මක ලෙස දක්වා නැත. අන්‍ය භාෂා කථා කිරීම, දෙවියන් වහන්සේගේ මතු පැමිණෙන වින්ශ්චය බවට සාක්‍ෂි ලෙස යෙසායා 28 : 11 හා යෝවෙල් 2 : 28-29 වැනි ඡේද ගෙනහැර දක්වන්නේයයි ඇතැම් කෙනෙකු පෙන්වා දෙයි. අන්‍ය භාෂා කථා කිරීම නොඅදහන්නන්ට ලකුණක් බව 1 කොරින්ති 14 : 22 විස්තර කරයි. මෙම විවාදයට අනුව අන්‍ය භාෂා කථා කිරීම වනාහි, ක්‍රිස්තුස් වහන්සේ මෙසියස් වහන්සේ ලෙස ප්‍රතික්‍ෂේප කිරීම නිසා දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් විනිශ්චය කරන්නට යන බවට යුදෙව්වන් හට කරන අනතුරු හැඟවීමකි. ඒ අනුව දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් විනිශ්චය කරන අවස්ථාවේ (ක්‍රි. ව. 70 දී රෝමවරුන් විසින් යෙරුසලම විනාශ කිරීමත් සමග) අන්‍ය භාෂා කථා කිරීමේ දීමනාව එහි අපේක්‍ෂිත අභිප්‍රාය ඉටු නොකරනු ඇත. මෙම මතය විය හැකි එකක් වන අතර අන්‍ය භාෂා කථා කිරීම සම්පූර්ණ වීමේ මූළික අරමුණ අවශ්‍ය ලෙස අවසන් නොවන්නේය. අන්‍ය භාෂා කථා කිරීමේ දීමනාව නැතිවී ගොස් ඇති බව දේව වචනය නිශ්චිතවම ප්‍රකාශ නොකරයි.

ඒ සමගම අද සභාව තුළ මෙය ක්‍රියාත්මක වේ නම් එය දේව වචනය සමග එකඟත්වයක් ඇතිව කරනු ලබන්නේය. එය සැබෑ හා තේරුම් ගත හැකි වන්නේය (1 කොරින්ති 14 : 10). එය වෙනත් භාෂාවක් කථා කරන කෙනෙකු සමග දෙවියන් වහන්සේගේ වචනය සන්නිවේදනය කිරීම සඳහා වේ (ක්‍රියා 2 : 6-12). එය පාවුල්තුමා තුළින් දෙවියන් වහන්සේ දුන් ආඥාව සමග එකඟ වන්නේය. “යමෙක් අන් භාෂාවකින් කථා කෙරේ නම් දෙදෙනෙක් නොහොත් වැඩි වුණොත් තුන් දෙනෙක් පමණක් එක්කෙනෙක් පාසා එක්කෙනෙක් එසේ කෙරේවා; එක්කෙනෙක් තේරුම් කර දේවා. තේරුම්කර දෙන කෙනෙක් නැත්නම්, ඔහු සභාවේදී නිශ්ශබ්දවේවා; තමාටත් දෙවියන් වහන්සේටත් කථා කෙරේවා” (1 කොරින්ති 14 : 27-28). එය 1 කොරින්ති 14 : 33 ටද යටත් වීමක් වේ. “මක්නිසාද දෙවියන් වහන්සේ වියවුල්කමේ නොව සමාදානයේ දෙවියන් වහන්සේය, ශුද්ධවන්තයන්ගේ සියලු සභාවන්හි එසේමය.

වෙනත් භාෂාවක් කථා කරන කෙනෙකු සමග සන්නිවේදනය කිරීමට හැකිවන පිණිස පැහැදිලිවම ඔහුට / ඇයට අන්‍ය භාෂා කථා කිරීමේ දීමනාව දීමට දෙවියන් වහන්සේට පුළුවන. ආත්මික දීමනා පැතිර වීමේදී ශුද්ධාත්මයාණන් වහන්සේ පරමබලධාරී වන සේක. ධර්මදූත සේවකයන් හට භාෂා ඉගෙන ගැනීම සඳහා ගුරුවරුන් සොයා නොගොස් සෙනඟට ඔවුන්ගේ භාෂා වලින් ක්‍ෂණයකින් කථා කිරීමට හැකියාව ලැබේ නම් ඔවුන්ගේ සේවය මොන තරම් පලදායි වේදැයි සිතන්න. එහෙත් දෙවියන් වහන්සේ එසේ කරන බව නොපෙනේ. එදා අලුත් ගිවිසුමේ කාලයේ මෙන් අන්‍ය භාෂා කථා කිරීම අතීශයින්ම ප්‍රයෝජනවත් නම් හැර සිදු වන්නේ නැත. මෙම දීමනාව ක්‍රියාවට නංවන බව ප්‍රකාශ කරන බහුතරයක් ඇදහිල්වන්තයින් ඉහත සඳහන් කළ දේව වචනයට එකඟව ක්‍රියා නොකරති. අන්‍ය භාෂා කථා කිරීම නැවතී ඇතැයි යන කාරණයට හෝ අඩු තරමින් එය සභාව උදෙසා දෙවියන් වහන්සේගේ අද සැලැස්මේ දුර්ලභ යෙක් බවට පත්ව ඇතැයි යන කාරණයට මේවා හේතුවී තිබේ.

තම අධ්‍යාත්මික හා නැණ නුවණ වැඩි කර ගැනීමට යාච්ඤා කිරීමේ භාෂාවක් ලෙස අන්‍ය භාෂා කථා කිරීමේ දීමනාව කෙරෙහි විශ්චාස කරන අය 1 කොරින්ති 14 : 4 න් හා / හෝ 14 : 28 න් උපදෙස් ලබා ගත හැක. “අන් භාෂාවකින් කථා කරන්නා තමාම වර්ධනය කරගන්නේය. නමුත් ධර්ම වාක්‍ය පවසන්නා සභාව වර්ධනය කරගන්නේය.” 14 වන පරිඡේදය පුරා පාවුල්තුමා අන්‍ය භාෂාව කථා කිරීම පරිවර්තනය කිරීමේ වැදගත් කම අවධාරණය කරන්නේය. 14 : 5-12 බලන්න. පාවුල්තුමා 4 වන පදයෙන් පවසන්නේ: “පරිවර්තනය නොකර ඔබ අන්‍ය භාෂාවෙන් කථා කරන්නේ නම්, ඔබ කරන්නේ ඔබවම දැනුවත් කර ගැනීමය. අන්‍යයන්ට වඩා ඔබ ආත්මික බව පෙන්නුම් කිරීමය. ඔබ අන්‍ය භාසාවෙන් කථා කර එය පරිවර්තනය කරයි නම් ඔබ සියලු දෙනා දැනුවත් කරන්නේය.” “අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීමේ” අරමුණ හෝ “අන්‍ය යාච්ඤා” කළ විශේෂිත පුද්ගලයෙකු ගැන හෝ අලුත් ගිවිසුමෙහි කිසිම තැනක සඳහන් නොවේ. ඇරත් “අන්‍ය භාෂාවෙන් යාච්ඤා කිරීම” තමන්ගේ යහපත උදෙසා නම්, එම දීමනාව නොමැති අයට හා ඒ අනුව කෙනෙකුට දැනුවත් විය නොහැකි නම් එය අසාධාරණයක් නොවන්නේද? සියලු දෙනා හටම අන්‍ය භාෂා කථා කිරීමේ දීමනාව නොමැති බව 1 කොරින්ති 12 : 29-30 පැහැදිලිව පෙන්නා දෙන්නේය.



නැවතත් සිංහල මුල් පිටුවට



අන්‍ය භාෂා කථා කිරීමේ දීමනාව යනු කුමක්ද? එම දීමනාව අද කාලයටද?