ආත්මික යුද්ධය පිළිබඳව බයිබලයේ කුමක් සඳහන් කරයිද?




ප්‍රශ්නය: ආත්මික යුද්ධය පිළිබඳව බයිබලයේ කුමක් සඳහන් කරයිද?

පිළිතුර:
ආත්මික යුද්ධයේදී ප්‍රධාන විරෝධතා දෙකක් ඇත. ඉහළ අවධාරණය හා පහළ අවධාරණය. සමහරු චෝදනා කරනවා සියළු පාප, සෑම විරෝධය (ගැටුම), හා සෑම ප්‍රශ්නයක් නෙරපා දැමිය යුතුයි සාතන් මතට. තවත් සමහරු සම්පූර්ණයෙන්ම අමතක කරනවා බයිබලයේ සඳහන් කරන ආත්මික සත්‍යතාවය වන අපගේ සටන ආත්මික බලයන්ට විරුද්ධව බවට. ආත්මික යුද්ධයේ සාර්ථකත්වයට මූලික කරුණ නම් බයිබලානුකුල සමතුලිකත්වය. යේසුස් වහන්සේ සමහර අවස්ථා වලදී යක්‍ෂයන් දුරු කරා, තවත් විටෙක යක්‍ෂයා ගැන ආමන්ත්‍රණය නොකරම සුව කරා. පාවුලුතුමා කිතුනුවන්ට තමන්ගේ ජීවිතයේ ඇති පාපයට විරුද්ධව සටන් කරන්න කියා (රෝම 6) ඒ වගේම සතුරාට විරුද්ධව සටන් කරන්න (එපීස 6:10-18).

එපීස 6:10-12 පවසයි, “ඉතින් ස්වාමින් වහන්සේ තුළද උන් වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත් වෙයල්ලා. යක්‍ෂයාගේ උපාය වලට විරුද්ධව සිටන්ට නුඹලාට පුළුවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සියලු යුදායුධ පැළඳ ගනිල්ලා. මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථාන වල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුඳ්ධවය.” මෙම පාඨයෙන් යම් සත්‍යතාවයක් දුටුවා: අපිට ශක්තිමත් විය හැක්කේ දෙවියන් වහන්සේගේ බලයෙන්, දෙවියන් වහන්සේගේ යුදායුධයි අපව ආරක්‍ෂා කරන්නේ, අපගේ පොරබැදීම වනාහි අධිපතිකම් වලට ලෝකයේ සිටින නපුරා නම් යක්‍ෂයාට විරුද්ධව.

දෙවියන් වහන්සේගේ බලයේ ශක්තිමත් කෙනෙකු ගැන උදාහරණයක් දුන්නොත් ඔහු මිකායෙල්, ඔහු අග්‍රදේවදූතයා (ශ්‍රේෂ්ඨ), යූද් 9 හි. මිකායෙල්, සාමාන්‍යයෙන් දෙවියන් වහන්සේගේ දූතයන් අතර බලවත්ම දූතයා, නමුත් ඔහු සාතන්ව තමන්ගේ බලයෙන් සාතන්ට තරවටු කළේ නැත, නමුත් ඔහු පැවසුවා “ස්වාමින් වහන්සේ නුඹට තරවටු කරයි” එළිදරව් 12:7-8 සඳහන් කරනවා අවසාන කාලයේදී මිකායෙල් සාතන්ව පරදනවා කියා. තවමත්, එය ඔහු සාතන් සමග ගැටුමට ආ කළ මිකායෙල් සාතන්ට තරවටු කරන්නේ දෙවියන් වහන්සේගේ නාමයෙන් හා ආධිපත්‍යයෙන්, ඔහුගේ බලයෙන් නොව. කිතුනුවාට සාතන්ට හා ඔහුගේ යක්‍ෂ දූතයන්ට විරුද්ධව ආධිපතිකම ලැබෙන්නේ ඔහුට / ඇයට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමග ඇති සම්බන්ධතාවය තුළින්. උන් වහන්සේගේ නාමය පමණයි අපගේ තරවටු කිරීමට බලය ඇත්තේ.

එපීස 6:13-18 දෙවියන් වහන්සේ අපට දී ඇති යුදායුධවල ලැයිස්තුව දී ඇත. අපි ස්ථීරව සිට ගැනීමට සිදු වෙනවා සත්‍යතාවේ ඉඟ පටිය බැඳ, ධර්මිෂ්ඨකම නැමති ලය වැස්ම, සමාදානයේ ශුභාරංචිය, ඇදහිල්ල නැමති පලිහ, ගැලවීම නැමති තොප්පිය (හිස් වැසුම), ආත්මය නැමති කඩුව, ආත්මයෙන් යාච්ඤා කිරීම තුළින්, ආත්මික යුද්ධයේදී මේ යුදායුධ වලින් ඉදිරිපත් කරන්නේ කුමක්ද? සාතන්ගේ බොරුවට විරුද්ධව සත්‍ය පැවසිය යුතුය. අපි ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් පූජාවීම නිසා අපි ධර්මිෂ්ඨයන් ලෙස ප්‍රකාශ කරනු ලබන බව, විරෝධතා කෙතරම් ආවත් අපි ශුභාරංචිය ප්‍රකාශ කළ යුතුය. අපගේ ඇදහිල්ලෙහි නොසෙලි සිටිය යුතුය, අපට එල්ලවන ප්‍රහාරය කෙතරම් බරපතල වූවත්, අවසානයේ අපට ඇති ආවරනය නම් අපගේ ගැලවීමේ සහතිකය, කිසිම බලයකට එය අපෙන් ගත නොහැකි සහතිකයකි. අපගේ ප්‍රහාරාත්මක ආයුධය නම් දෙවියන් වහන්සේගේ වචනයයි. එ යඅපගේ අදහස් හැඟීම් නොවේ. අපි යේසුස් වහන්සේව අනුගමනය කළ යුතුය. යේසුස් වහන්සේව උදාහරණයට ගෙන සමහර ආත්මික ජය යාච්ඤාව තුළින් පමණක් ගත හැකි බවට.

ආත්මික යුද්ධයේදී යේසුස් වහන්සේ අපගේ උදාහරණයයි. වනාන්තරයේදී සාතන් යේසුස් වහන්සේව පරික්‍ෂාවට ලක් කරන විට උන් වහන්සේ එයට මුහුන දුන් ආකාරය ගැන අපි අවධානය දිය යුතුය (මතෙව් 4:1-14). සෑම පරික්‍ෂාවකටම උත්තර දුන්නේ එකම විදිහට-වචන වලින් “එය ලියා තිබේ” යේසුස් වහන්සේ දැන සිටියා ජීවමාන දෙවියන් වහන්සේගේ වචනය ඉතාම බලවත් යුදායුධය සතුරාගේ පරික්‍ෂාවලට විරුද්ධව. සතුරා පරදවන්න යේසුස් වහන්සේම වචනය පාවිච්චි කරා නම් එය අපි නොකර සිටිය යුතුද?

ආත්මික යුද්ධය තුළට නිකම්ම නොයායුතු බවට හොඳම සාධකය නම් සෙකවාගේ පුත්‍රයන් හත් දෙනා හොඳම උදාහරණයකි. “නමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුනගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස් වහන්සේගේ නාමය කියන්ට පටන් ගෙන: පාවුල් දේශනා කරන්නාවූ යේසුස් වහන්සේගේ නාමයෙන් නුඹලාට අණ කරමියි කීවෝය. ප්‍රධාන පූජකයෙක්වූ සෙකවා නම් යුදෙවිවෙකුගේ පුත්‍රයන් සත් දෙනෙක් මෙසේ කළෝය. නමුත් නපුරු ආත්මය උත්තර දෙමින්: යේසුස් වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි, නමුත් නුඹලා කවුරුන් දැයි ඔවුන්ට කීවේය. නපුරු ආත්මය වැහී සිටි මනුෂ්‍යයා ඔවුන් පිටට පැන නැගී දෙදෙනාම දමනය කොට, ඔවුන් පරදවා දැම්මේය. මෙසේ ඔව්හූ නිර්වස්ත්‍රව, තුවාලවී, ඒ ගෙයින් පලා ගියෝය” (ක්‍රියා 19: 13-16). සෙකවාගේ පුත්‍රයන් සත් දෙනා යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරා. එය පමණක් මදි. සෙකවාගේ පුත්‍රයන්ට යේසුස් වහන්සේ සමග සම්බන්ධතාවයක් තිබුනේ නැත. එමනිසා ඔවුන්ගේ වචන වල කිසිඳු බලයක් නොතිබුනේය. සෙකවාගේ පුත්‍රයන් රැඳුනේ ක්‍රම වේදයක් මත. ඔවුන් ඔවුන්ගේ ස්වාමින් හා ගැලවුම්කරුවා හැටියට යේසුස් වහන්සේව පිළිගත්තේ නැත. ඔවුන්ගේ ආත්මික යුද්ධයේදී ඔවුන් දේව වචනය ආදල කර ගත්තේ නැත. ප්‍රතිඵලයක් වශයෙන් ඔවුනට අමානුෂික පහර කෑමකට ලක්වීමට සිදුවිය, අපි ඔවුන්ගේ අයහපත් උදාහරණයෙන් ඉගෙන ගනිමුද? එමෙන්ම ආත්මික යුද්ධය බයිබලානුකුලව කළ යුතුය.

සාරාංශය ආත්මික යුද්ධයෙන් ජය ගැනීමට ප්‍රධාන කරුණු මොනවාද? පළමුව, අපි දෙවියන් වහන්සේගේ බලය මත පමණක් රැඳෙනවා අපගේ බලය මත නොව. දෙවනුව, අපි පලවා හරින්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් අප‍ෙග් නොව. තුන්වෙනුව, අපව අපි දෙවියන් වහන්සේගේ මුළු යුදායුධ වලින්ම ආරක්‍ෂා කර ගන්නවා. සතරවෙනුව, අපි සටන කරන්නේ දේවචනය නැමැති කඩුව තුළින්. අවසාන වශයෙන්, අපි ආත්මික යුද්ධය සාතන්ට විරුද්ධව හා ඔහුගේ දූතයන්ට විරුද්ධව කරන කළ සෑම ප්‍රශ්නයක්ම නෙරපිය යුතු ලෙසට යක්‍ෂයාගේ ක්‍රියාවක් නොවේ.



නැවතත් සිංහල මුල් පිටුවට



ආත්මික යුද්ධය පිළිබඳව බයිබලයේ කුමක් සඳහන් කරයිද?