settings icon
share icon
ප්‍රශ්නය

ගැලවීම ලැබීමට අවශ්‍ය පියවරයන් මොනවාද?

පිළිතුර


බොහෝ මනුෂ්‍යයන් “ගැලවීමය පියවරයන්” සොයති. මනුෂ්‍යයන් බොහෝ විට පියවර පහක උපදේශ අවශ්‍ය යැයි මතයක සිටී. එයින් ගැලවීම ලැබේ යැයි ඔවුන් විශ්වාස කරයි. එයට හොඳම උදාහරණය ඉස්ලාම් ධර්මයේ ආධාරක පහ. ඉස්ලාම් ධර්මයට අනුව ආධාරක පහ පිළිපදිනු ලබයි නම් ගැලවීම නියතයි. පියවරෙන් පියවර ක්‍රියා කාරිත්වයේත් ගැලවීම ලැබීමේ අදහස නිසා බොහෝ කිතුනු සමාජයේ මිනිසුන් ගැලවීම ලැබේ යැයි වැරදි ලෙස වටහා ගෙන ඇත. රෝමානු කතෝලික ධර්මයේද සක්ක්‍ර මේන්තු හතක් ඇත. බොහෝ කිතුනු සංවිධාන මෙයට බව්තිස්මය, ප්‍රසිද්ධ පසුතැවිලිවීම, පාපයෙන් හැරීම, අන්‍ය භාෂාව කතා කිරීමට හා තවත් දේ කිරීමෙන් ගැලවීමට පියවරයන් ලෙස හඳුන්වයි. නමුත් බයිබලය පවසන්නේ ගැලවීමට අවශ්‍ය වන්නේ එක දෙයකි. පිලිපියේ සිරගෙයි මුලාදෑනියා පාවුල්ගෙන් “ගැලවීම ලැබීමට මා කුමක් කළ යුතුද?” පාවුල්තුමා පැවසුවේ “යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නු‍ඹේ ගැලවුම්කාරයා ලෙස විශ්වාස කරන්න කියාය” (ක්‍රියා 16:30-31).

යේසුස් ක්‍රිස්තුස් ගැලවුම්කරුවා ලෙසට විශ්වාස කිරීම ගැලවීමට එකම “පියවර” බයිබලයේ පණිවිඩය ඉතා පැහැදිලියි. අපි සියල්ලෝ දෙවියන් වහන්සේට විරුද්ධව පව් කර ඇත (රෝම 3:23). අපගේ පාපය නිසා අපි සදාකාලයට දෙවියන් වහන්සේගෙන් වෙන්ව සිටිය යුතුව තිබේ (රෝම 6:23). උන් වහන්සේ අපට ඇති ප්‍රේමය නිසා (යොහන් 3:16), දෙවියන් වහන්සේ මනුෂ්‍ය ස්වරූපය ගෙන අපගේ ස්ථානය ගෙන මැරුණා, අපට හිමි දඬුවම උන් වහන්සේ පිට ගනිමින් (රෝම 5:8; 2 කොරින්ති 5:2). යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගැලවුම්කරුවා ලෙස ඇදහිල්ලෙන් පිළිගන්නා කෙනෙකුට පාපයට සමාව හා ස්වර්ගීය සදාකාල ජීවනය දීමට දෙවියන් වහන්සේ පොරොන්දුවී ඇත (යොහන් 1:12; 3:16; 5:24; ක්‍රියා 16:31).

ගැලවීම ලැබීමට ස්ථීරව අනුගමනය කළ යුතු පියවරයන් කියා නැත. ඔව්, කිතුනුවන් බවිතිස්මය ලැබිය යුතුය. ඔව්, කිතුනුවන් ප්‍රසිද්ධියේ ක්‍රිස්තුස් වහන්සේ තම ගැලවුම්කරුවා හැටියට පිළිගත යුතුය. ඔව්, කිතුනුවන් පාපයෙන් හැරිය යුතුය. ඔව්, කිතුනුවන් ඔවුන්ගේ ජීවිත දෙවියන් වහන්සේට කීකරු වීමට කැප කළ යුතුයි. කෙසේ වෙතත් මේවා ගැලවීමට පියවර නොවේ. ඒවා ගැලවීමේ ප්‍රතිඵලයි. අපගේ පාපය නිසා අපට ගැලවීම අප විසින්ම ලබා ගත නොහැක. අප පියවර දාහක් (1000) අනුගමනය කළත් එය ප්‍රමාණවත් නොවේ. එම හේතුව නිසා තමයි යේසුස් වහන්සේ අප වෙනුවෙන් මිය ගියේ. අපි නියත වශයෙන්ම දෙවියන් වහන්සේ ඉදිරියේ අපගේ පාපයේ වන්දිය ගෙවීමට තරම් සුදුස්සෝ නොවේ. අපගේ පාපයට සමාව ලැබීමට ද සුදුස්සෝ නොවේ. දෙවියන් වහන්සේටම පමණයි අපගේ ගැලවීම සම්පූර්ණ කළ හැක්කේ. එම නිසා උන් වහන්සේ මිය ගියා. දෙවියන් වහන්සේම පියවර සම්පූර්ණ කළා. ඒ තුළින් උන් වහන්සේගේ ගැලවීම ලැබීමට කැමති ඕනෑම කෙනෙකුට ලබා ගත හැක.

ගැලවීම හා පව් සමාව පියවර අනුගමනය කිරීම නොවේ. එය ක්‍රිස්තුස් වහන්සේ තම ගැලවුම්කරුවා හැටියට පිළිගැනීම හා උන් වහන්සේ අප වෙනුවෙන් සියලු දේ කළ බව තේරුම් ගැනීමයි. දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ අපගෙන් ගැලවීම ලැබීමට එකම එක කරුණක් බලා පොරොත්තු වෙයි. ක්‍රිස්තුස් වහන්සේව ගැලවුම්කරුවා හැටියට පිළිගැනීම හා ගැලවීමට එකම මාර්ගය උන් වහන්සේ බව විශ්වාස කිරීම. කිතුනුවන් තුළ ඇති පැහැදිලි වෙනස එයයි. අන් ආගම් වල ගැලවීම ලැබීමට බොහෝ දේ කිරීමට තිබෙන අතර කිතුනු ඇදහිල්ල තේරුම් ගන්නා දේ නම් දෙවියන් වහන්සේ මේ වන විට පියවර සම්පූර්ණ කර ඇති අතර අප එය ඇදහිල්ලෙන් උන් වහන්සේගෙන් ලැබීමට ආරාධනා කිරීමයි.

මෙය කියවීමෙන් පසු ඔබ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව තීරනයක් ගත්තාද? එසේ නම් මම අද ක්‍රිස්තුස් පිලිගතිමි කියා පහත සඳහන් බොත්තම ක්ලික් කරන්න.

English



නැවතත් සිංහල මුල් පිටුවට

ගැලවීම ලැබීමට අවශ්‍ය පියවරයන් මොනවාද?
මෙම පිටුව බෙදා ගන්න: Facebook icon Twitter icon Pinterest icon Email icon
© Copyright Got Questions Ministries